අක්මාව වකුගඩු සහ මුත්‍රාශයේ ඇති විශ ස්වාභාවිකව ඉවත් කරන ක්‍රමය

අක්මාව, වකුගඩු හා මුත්‍රාශය කියන්නෙ අපේ ශරීරයේ තියන වැදගත්ම අවයව තුනක්. හැබැයි ගොඩක් වෙලාවට මිනිස්සු මේ අවයවවල සෞඛ්‍යය ගැන හිතන්නෙ නෑ. වකුගඩු 2 ක් තියන නිසා ඔයා වාසනාවන්ත කෙනෙක් කියලා හිතුවත් ඒවා නිරෝගීව තබා ගත්තොත් විතරයි ඔයා ඇත්තටම වාසනාවන්ත කෙනෙක් වෙන්නෙ.

ඔයාගෙ වකුගඩු සහ මුත්‍රාශයේ විෂ නැති කර ගැනීමට ගොඩක් වටින උපදෙස් කිහිපයක් ගැන තමයි අද අපි ඔයාට කියන්න යන්නෙ.

01. ලුණු සහ සිසිල් බීම වලින් ඈත් වෙන්න.

ලුණු සහ සිසිල් බීම අපේ දෛනික ආහාර වේල්වල කොටසක්බවට පත් වෙලා තියනවා. හැබැයි ඔයා ඒවා ආහාරයට ගන්න ඕන පාලනයක් ඇතුවයි. කෝපි, සිසිල් බීම, ලුණු හා ඉතා ඉහළ ප්‍රෝටීන් සහිත ආහාර සතියකට දෙවරක්වත් ආහාරයට නොගෙන ඉන්නවා නම් ගොඩක් හොඳයි.

02. වැඩිපුර තේ, ජලය සහ ක්‍රැන්බෙරි පානය කරන්න.

ශරීරයේ තියන විෂ ද්‍රව්‍ය අඩු කිරීමට උපකාරී වන ආහාර ඕනෑ තරම් තියනවා. ග්‍රීන් ටී, ඉඟුරු තේ හා පිරිසිදු ජලය වැනි බීම වගේම පලතුරු හා එළවළුත් වැඩිපුර ආහාර වේලට එකතු කරගන්න. විශේෂයෙන් ක්‍රැන්බෙරි හා දුඹුරු මුහුදු පැලෑටි ආහාරයට ගන්න පුලුවන් නම් තවත් හොඳයි.

03. විටමින් එකතු කරගන්න.

විටමින් බී-6, ඔමේගා-3 සහ පොටෑසියම් සයිට්‍රේට් වැනි වකුගඩු නිරෝගීව තබා ගැනීමට උපකාරී විටමින් වර්ග ගොඩාක් තියනවා. මේ විටමින් මගින් වකුගඩු ගල් සෑදීමේ හැකියාව අඩු කරගන්න පුලුවන්. වෛද්‍ය උපදෙස් අරගෙන මේ විටමින් ලබාගන්න.

04. මානසික හා ශාරීරික සෞඛ්‍යය සමතුලිතව තබා ගන්න.

මානසික ආතතිය කරදරයක් විතරක් නෙවෙයි, ඔයාගෙ ශරීරයට හානි කළ හැකි අතර ඔයාගෙ අවයව වලටත් හානි කරනවා. හුස්ම ගැනීමේ ව්‍යායාම වගේ සරල භාවනා ක්‍රමයක් මඟින් ආතතිය පාලනය කරගන පුලුවන්. හොඳින් හුස්ම ගැනීම, මුළු ශරීරයම ඔක්සිජන් වලින් පිරවීමට උපකාරී වෙනවා. ජල චිකිත්සාව කියලා හැඳින්වෙන තවත් සරල ප්‍රතිකාරයක් මගින් වේදනාව අඩු කිරීමට ජලය භාවිතා කරන අතර එමඟින් ඔයාගෙ රුධිර සංසරණ පද්ධතියට වගේම ශරීරයට හා මනසට අවශ්‍ය විවේකය ලබා ගන්නත් පුලුවන්.

05. දින 2 ක වකුගඩු පිරිසිදු කිරීමට උත්සාහ කරන්න!

මේ සෞඛ්‍ය සම්පන්න උපදෙස් ඔයාගෙ එදිනෙදා ජීවන රටාවට ඇතුළත් කරගත්තට පස්සේ, වකුගඩු පිරිසිදු කරගන්න භාවිතා කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් තමයි මේ. දවස් දෙකක් අරගෙන ඔයාගෙ ආහාර වේලේ මේ වෙනස්කම් සිදුකලොත් වගුගඩු පිරිසිදු කරගන්න පුලුවන්. ආහාර වේල වෙනස් කිරීමට කලින් වෛද්‍ය උපදෙස් අරගන්නඑක වඩා හොඳයි.

උදෑසන ආහාරය: උදේ ආහාරය සඳහා, වියළි ක්‍රැන්බෙරි හෝ බීට් යුෂ වගේ පලතුරු යුෂ පානය කරන්න උත්සාහ කරන්න. නිවිති වලින් හදපු බීමක් නම් තවත් හොඳයි.

දිවා ආහාරය: දවල් ආහාරය සඳහා තවත් පාන වර්ගයක් ලබා ගන්න. දවසේ මුල් ආහාර වේල් දෙකටම පාන වර්ග ගන්න කැමති නැත්නම්, ඒ වෙනුවට උණුසුම් මෙනේරි ඇට ආහාරයට ගන්නත් පුලුවන්.

රාත්‍රී ආහාරය: දවසේ අන්තිම ආහාර වේල සඳලා ලස්සන සලාදයක් හදාගන්න. මස් හෝ ටෝෆු, ලෙමන් බිංදු කිහිපයක් එකතු කරලා ආහාරයට ගන්න. නැත්නම් ඔයා කැමතිම පලතුරක් ආහාරයට ගන්න. හැබැයි ප්‍රමාණයට වඩා කන්න එපා.

06. මුත්‍රාශය සඳහා කෙගල් ව්‍යායාම උත්සාහ කරන්න.

වෛද්‍ය ආර්නෝල්ඩ් කෙගල් විසින් 1948 දී හඳුන්වා දුන් ශ්‍රෝණි ව්‍යායාම, මානසික ආතතියෙන් පෙළෙන කාන්තාවන්ට, විශේෂයෙන් දරු ප්‍රසූතියෙන් හෝ ඔසප් වීමෙන් පසු කාන්තාවන්ට ගොඩක් හොඳයි. මේ ව්‍යායාම නිතිපතා කළහොත්, මුත්‍රාශයේ කාන්දු වීම වැළැක්වීමට ඒවා උපකාරී වෙනවා. මේ ව්‍යායාමය කරන්නත් ලේසියි. ඔයාගෙ ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි හකුළා පසුව ඒවා ලිහිල් කරන්න. මේ ආකාරයට 10 වරක් කරන්න. ව්‍යායාමය දවසට තුන්වරක් කරන්න. ව්‍යායාම කිරීමට පෙර ඔයාගෙ මුත්‍රාශය හිස් කරගන්න ඕන. මේ ව්‍යායාමය කරනවා කියලා කාටවත් පේන්නෙ නැති නිස ඔයාට ඕනම වැඩක් කරන අතරතුරත්, දවසේ ඕනම වෙලාවකදිත් කෙගල් ව්‍යායාමවල යෙදෙන්න පුලුවන්.

07. අක්මාවට ව්‍යායාම කරන්න.

අක්මාවට වැදගත් වෙන ව්‍යායාම කිහිපයක් තියනවා. දකුණු පැත්තෙන් ඉළ ඇටවලට යටින් තද කලාම අක්මාව අහුවෙනවා. අක්මාව නිරෝගීව තබා ගැනීමට එය දවසකට 100 වතාවක් තද කරන්න. පිරිමදින්න. ඊට අමතරව, එක් එක් පැත්තට 15 වතාවක් පමණ ඔයාගෙ ඇඟ වමේ සිට දකුණට හරවමින් ව්‍යායාම කරන්න. ඒ වගේම, සතියකට පස් වතාවක් ඇදීමේ ව්‍යායාම කිරීමත් අක්මාවට ගොඩාක් හොඳයි.

වැදගත්: මෙන්න හොඳම පානවර්ග වට්ටෝරු කිහිපයක්!

ඔයාගෙ වකුගඩුවල සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට විවිධ පානවර්ග උපකාරී වන බව අපි ඔයාට කියලා දුන්නා. ඒ නිසා ඔයාට උත්සාහ කරන්න පුලුවන් පාන වර්ග කිහිපයක් ගැන අපි දැන් දැනගනිමු. ආමන්ඩ් කිරි කෝප්පයක් ටෝෆු කෝප්ප භාගයක් හා නිවිති කෝප්ප භාගයක් සමඟ මිශ්‍ර කරන්න. දැන්, බෙරි, ඇපල් හෝ වට්ටක්කා ඇට වගේ පලතුරු ටිකක් මිශ්‍රණයට එකතු කරන්න. තවත් වට්ටෝරුවකට සෝයා කිරි කෝප්පයක්, ශීත කළ කෙසෙල් ගෙඩියක් සහ නිවිති කෝප්ප භාගයක් සමග ඔයා කැමතිම පලතුරු එකතු කරගන්න.
මතක තියාගන්න! ඔයාගෙ ශරීරය හැදිලා තියෙනෙ විවිධ අවයවවලින්. ඒ නිසා මේ හැම අවයවයකම සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කරගන්න එක ඔයාගෙ වගකීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *