අගුනයි කිව්වට හිතන තරම් අගුණ නැති ආහාර කිහිපයක්

පරිපූර්ණ රූපය හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පසුපස හඹා යන විට අපි ඕනෑවටත් වඩා සමහර ආහාර ප්‍රතික්ෂේප කරනවා. කොහොම වුණත්, වෛද්‍යවරුන් කියන්නෙ හානිකරයි කියලා හිතලා අපි කන්නෙ නැතුව ඉන්න හැම ආහාරයක්ම හිතන තරම් අහිතකර නෑ කියලයි.

අපි බ්‍රයිට් සයිඩ් හි කුඩා පර්යේෂණයක් කළ අතර, මධ්‍යස්ථව පරිභෝජනය කළහොත් ඔබට හොඳ විය හැකි ආහාර 9 ක ලැයිස්තුවක් සම්පාදනය කළෙමු.

01. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්

ගොඩක් කලකට කලින් හානිකර ලැයිස්තුවට එකතු කරපු රසවත් ආහාරයක් තමයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියන්නෙ. ඒත් කාලයක් යනකොට තහවුරු වුණා, පොඩි ප්‍රමාණයකින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ආහාරයට ගත්තට කිසිම නරකක් සිදු වෙන්නෙ නෑ කියලයි. ඒ හැරුණු විට අර්තාපල් වල අයඩින්, විටමින් බී, පොස්පරස්, විටමින් සී සහ ෆෝලික් අම්ලය අඩංගු වෙනවා. එමගින් ආහාර ජීර්ණය වැඩි දියුණු කරන අතරම ප්‍රතිශක්තිය ශක්තිමත් කරනවා.

02. අයිස් ක්‍රීම්

අයිස්ක්‍රීම් ඔයාගෙ සෞඛ්‍යයට මෙන්ම රූපයටත් හොඳයි. කිරිවල අඩංගු කැල්සියම්, මේදය දහනය කිරීමට උපකාරී වන අතර එය ගර්භනී කාන්තාවන්ට හා මව්කිරි දෙන මව්වරුන්ට ගොඩක් ප්‍රයෝජනවත්. කිරි අයිස්ක්‍රීම් වල විටමින් හා ඛනිජ ලවණත් අඩංගු වෙනවා.

හානිකර සායම් හා වෙනත් රසකාරා ආහාරයට ගැනීමෙන් වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරු තරයේ නිර්දේශ කරන්නේ පිරිසිදු කිරි අයිස්ක්‍රීම් හෝ ගෙදර හැදූ අයිස්ක්‍රීම් අනුභව කරන්න කියලයි.

03. පොප් කෝන්

ඔන්න ෆිල්ම් බලන්න කැමති කට්ටියට සතුටු හිතෙන ආරංචියක්. පොප්කෝන් මගින් රුධිරයේ සීනි පාලනය කරන අතර ඉන්සියුලින් තුරන් කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම පොප්කෝන්වල ප්‍රතිඔක්සිකාරක බහුලයි.

04. චොකලට්

චොකලට් නිසා සමේ ගැටලු ඇතිවෙනවා කියන්නෙ බොරු කටකතාවක් විතරයි. චොකලට් වල රුධිර සංසරණය වැඩි දියුණු කරන හා සම සිනිඳු කරන පොලිපෙනෝල් අඩංගු වෙනවා. ඊට අමතරව, චොකලට් මගින් ශරීරය ප්‍රබෝධමත් කරනවා.

05. මෙයොනීස්

ගොඩක් වෛද්‍යවරු දැන් මෙයෝනීස් අඩංගු සලාදයක් සතියකට 2-3 වතාවක් ගන්න එක හොඳයි කියලා ගොඩක් වෛද්‍යවරු දැන් නිර්දේශ කරනවා. ඒකට හේතුව තමයි මෙයෝනීස්වල එළවළු තෙල් අඩංගු වීම. එමගින් හෘද රෝග වැළැක්වීමට උපකාරී වෙනවා. ඒ වගේම, විටමින් ඊ හා එෆ් පරිසරයේ සෘණාත්මක බලපෑම් උදාසීන කරලා පරිවෘත්තීය වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා.

කොහොම වුණත් මේ තත්ව අදාල වෙන්නෙ ඔයා ගෙදර හදාගත්ත මෙයෝනීස්වලට විතරයි. කඩෙන් ගන්න මෙයෝනීස්වලින් ඔයාට කිසිම හොඳක් වෙන්නෙ නෑ.

06. බියර්

බියර්වල ප්‍රයෝජනවත් අම්ල රැසක් අඩංගු වෙනවා. සිට්රික් අම්ලය මගින් වකුගඩුවල ගල් ඇතිවීම වළක්වනවා. විටමින් සී හා ෆෝලික් අම්ලය මගින් ප්‍රතිශක්තිය ශක්තිමත් කරනවා. ගොඩක් වෛද්‍යවරු සතියකට වරක් බියර් පානය කිරීමට උපදෙස් දෙන්නේ ඒ නිසයි.

07. පැස්ටා

පැස්ටා වල පිෂ්ටය, විටමින් බී හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඒවා මගින් සෛල වයසට යාමේ වේගය අඩු කරනවා.

08. සීනි

ඇත්තටම සීනි කියන්නෙ අපි හිතන තරම් නරක දෙයක් නෙවෙයි. සීනි නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැරි බව විද්‍යාඥයින් ඔප්පු කරලා තියනවා. සීනි නොමැතිකම මගින් ස්ක්ලෙරෝටික් වෙනස්කම් වගේ මොළයේ ගැටළු ඇති වෙන්න පුලුවන්. ඒ හැරුණු විට සීනි කියන්නෙ අක්මාවේ ක්‍රියාකාරිත්වය පාලනය කරන්න ගොඩක් වැදගත් දෙයක්.

09. ශක්තිමත් මත්පැන්

කුඩා ප්‍රමාණවලින් ගත් විට, කොග්නැක් වගේ ශක්තිමත් මත්පැන් හානිකර නොවන අතර ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එමගින් හිසරදය සමනය කරනවා. ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා. ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත් උදව් වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව සඳහා මත්පැන් හොඳ ප්‍රතිකාරයක්. ඒ වගේම මානසික ආතතිය දුරු කරන්නත් මත්පැන්වලට පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *