අඩන එකෙන් හොද කරගන්න පුලුවන් සෞඛ්‍ය ගැටලු 5 ක්

සමීක්ෂණ දත්ත වලට අනුව එක්සත් ජනපදයේ කාන්තාවන් මසකට 3.5 වතාවක් පමණ අඬනවාලු. ඒ වගේම එහි පිරිමින් මසකට 1.9 වතාවක් කඳුළු සලන බවත් සඳහන් වෙනවා. කොහොම වුණත් සමාජය හිතන්නෙ අඬන එක දුර්වලකමේ ලක්ෂණයක් කියලනේ. ඒත් ඔයාට කොයි වෙලාවක හරි අඬන්න හිතෙනවා නම් කඳුළු හිර කරගෙන අඬන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න එපා. ඇත්තටම අපි හිතනවට වඩා ඇඬීමෙන් අපට සෞඛ්‍යමය වාසි රැසක් ලබා ගන්න පුලුවන්.

අද අපි ඔයාට කියලා දෙන්න යන්නෙ ඇඬුවම ලැබෙන පුදුම හිතෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැනයි.

01. ආතතිය

2014 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ පීඩාකාරී කාලවලදී අඬන අයට විවේකීව ඉන්න පුලුවන් බවයි. ඇඬීමේ ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්ම බෑ. ශරීරය ලිහිල් වෙන්න විනාඩි කිහිපයක් ගත වෙනවා.

පර්යේෂකයන්ට අනුව, අඬන විට පැරසයිම්පතී ස්නායු පද්ධතිය (පී.එන්.එස්) සක්‍රීය වේ. සක්‍රිය කළ විට පී.එන්.එස් මොළයට සන්සුන් බලපෑමක් ඇති කරයි.

02. රුධිර පීඩනය

අධි රුධිර පීඩනය නිසා හෘදයාබාධ, ඩිමෙන්ශියාව හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය නැතිවීම වගේ බරපතල සෞඛ්‍ය ගැටළු ඇති වෙන්න ඉඩ තියනවා. ඒත් අධ්‍යයන කිහිපයකට අනුව, අඬන විට රුධිර පීඩනය අඩු වන බව හෙළිවෙලා තියනවා.

03. විෂ ඉවත් කිරීම

අඬනකොට ඔයාගෙ ඇස්වලින් ගලා යන කඳුළු මගින් දුම හා දූවිලි වගේ අපද්‍රව්‍ය ඇස් වලින් ඉවත් වෙනවා. ඒ වගේම අපි අඬන විට, මානසික ආතතිය හේතුවෙන් ශරීරයේ එකතු වන විෂ ද්‍රව්‍ය, අපේ කඳුළු බිංදු මගින් පිටවෙනවා. මේ විෂ ඉවත් කිරීම ශරීරයේ කෝටිසෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. එමඟින් සැහැල්ලු මනෝභාවයක් ඇති වෙනවා. අඬුවට පස්සෙ හිතේ බර අඩු වුණා වගේ අපිට දැනෙන්නෙ ඒකයි.

04. මනෝභාවය වෙනස් වීම

එකවරම ඔයා කලහකාරී ලෙස හැසිරෙන්න පටන් ගන්නවා නම් හෝ නිතරම දුකින් හා තරහින් ඉන්නවා නම් ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? විවිධ හේතු නිසා වරින් වර අපේ මනෝභාවය වෙනස් වෙනවා. එයට එක හේතුවක් තමයි ශරීරයේ මැංගනීස් එකතු වීම.

අඬනකොට අපේ ඇඟේ තියන අතිරික්ත මැන්ගනීස් අපේ කඳුළු බිංදු සමඟ ශරීරයෙන් පිටතට ගලා යනවා. මෙමගින් ශරීරයේ මැංගනීස් සාන්ද්‍රණය අඩු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට ඔයාට සන්සුන් හා අවධානයෙන් සිටින බවක් දැනෙන්න පටන් ගන්නවා.

05. වේදනාව

අප ශාරීරික වේදනාවෙන් ඉන්නකොට කඳුළු බිංදු කිහිපයක් ඉබේම අපේ ඇස්වලින් පිටවෙනවා. ශරීරයෙන් වේදනා දනීම අඩු කරන්නෙ මෙහෙමයි. ස්වයං-සැනසීමට අමතරව, චිත්තවේගීය කඳුළු වැගිරීමෙන් ඔක්සිටොසින් හා එන්ඩොර්ෆින් නිකුත් වන බව පර්යේෂණයක් මගින් හෙළිවුණා. මේ රසායනික ද්‍රව්‍ය මගින් මිනිසුන්ට හොඳ හැඟීමක් ඇති කරන අතර ශාරීරික හා මානසික වේදනාවන්ද ලිහිල් කරනවා.

වේදනාව හා සතුට නිසා ඕනම වෙලාවකදී කඳුළු වැගිරවිය හැකි බව මතක තබා ගන්න. ඔයත් මේ විදියට කිතරම අඬනවාද? ඇඬීමෙන් පසුව ඔයාටත් යම් සහනයක් දැනිලා තියනවාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *