අඩි උස සපත්තු දැමීමෙන් ඔබට සිදුවන හානිය

අඩි උස සපත්තු දාන කාන්තාවන්ගෙන් 71% ක්ම ඒවා පැළඳ සිටින වෙලාවෙදිත් වේදනාවක් අත්විඳින බව ඇමරිකානු ළමා වෛද්‍ය සංගමය මගින් කරපු අධ්‍යයනයකින් හෙළිවුණා. ඒත් උස සෙරෙප්පු මගින් නරක බලපෑමක් ඇති කරන්නෙ ඔයාගෙ කකුල්වලට විතරක් නෙවෙයි කියලා ඔයා දැනගෙන හිටියද? උස පෙරෙප්පු මගින් ශරීරයේ අනෙකුත් කොටස් වලටත් බලපෑම් ඇති කරනවා. එමගින් වඩාත් බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුලුවන්.

උස සපත්තු පැළඳීමෙන් ඔයාගෙ ශරීරයට හානි වෙන්නෙ කොහොමද කියලා ඔයා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. කකුල්වලට හැරුණු විට උස සපත්තුවලින් හානි වෙන වෙනත් අවයව මොනවද කියලා අද අපි දැනගනිමු.

01. උකුල්

ඔයා උස සපත්තු පැළඳ සිටින විට, ඔයාගෙ ශරීරය එහි සමබරතාවය පවත්වා ගන්න ඕන. ඒ විදියට ඔයාගෙ ශරීරයේ සමබරතාවය පවත්වාගැනීමට ඔයාගෙ උරහිස් ඉදිරියට තල්ලු වෙනවා. එවිට ඔයාගෙ ඉණ හා කොඳු ඇට පෙළ වෙනස් වෙනවා. සමබරතාවය පවත්වා ගැනීම සඳහා ඔයාගෙ උකුල නිරන්තරයෙන් නැමෙනවා. ඔයා නිතරම හෝ වැඩි වෙලාවක් උස සපත්තු පළඳිනවා නම්, එමගින් මේ මාංශ පේශි කෙටි වී හැකිලෙන්න ඉඩ තියනවා. එතකොට උකුල් වේදනාව ඇතිවෙනවා.

02. දණහිස්

ඔයා උස සපත්තු පැළඳගෙන ඉන්නකොට ඔයාගෙ බර ඔයාගෙ කලවා දෙසට මාරු වෙනවා. ඒ නිසා ඔයාගෙ දණහිස සමබරතාවය පවත්වා ගැනීමට ඉදිරියට යොමු වෙනවා. එමඟින් දණහිසට අමතර පීඩනයක් එල්ල වෙනවා. මේ මගින් ඔස්ටියෝ ආතරයිටිස් ඇති වෙන්න පුලුවන්. සන්ධි වේදනාව, දණහිස්වල තද ගතිය හා දණහිස් චලනය කිරීමේ අපහසුව වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්නත් ඉඩ තියනවා.

03. කොඳු ඇට පෙළ

සාමාන්‍යයෙන් ඔයාගෙ කොඳු ඇට පෙළට මෘදු වක්‍ර හැඩයක් තියනවා. එමගින් ඔයාගෙ ශරීරයේ චලනයෙන් ඇති වන ආතතිය අඩු කරගන්න උදව් වෙනවා. ඔයා උස සපත්තු පැළඳගෙන ඉන්නකොට ඔයාගෙ පහළ පිටුපස වක්‍රය ඕනෑවට වඩා වැඩියෙන් නැමෙනවා. ඒ නිසා ඔයාගෙ කොඳු ඇට පෙළේ හැඩය වෙනස් වෙනවා. මෙමගින් කොන්දේ වේදනාව හා මාංශපේශී වේදනාව ඇතිවෙනවා.

ඔයාගෙ කොඳු ඇට පෙළේ හැඩයේ සිදුවන වෙනස්කම් මගින් සෞඛ්‍ය ගැටලු ගොඩක් ඇති වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට, කොඳු ඇට පෙළේ ස්නායු තත්වයක් හෙවත් ෆෝරමිනල් ස්ටෙනොසිස් කියන තත්වය වර්ධනය වෙන්න ඉඩ තියනවා. එමගින් වේදනාව, මාංශ පේශි දුර්වල වීම හා කැක්කුම ඇති වෙන්න පුලුවන්.

උස සපත්තු ද පාදයේ ගැටළු ඇති කළ හැකිය.
  • ගැටිති – අඩිය හීනි උස සපත්තු මගින් ඔයාගෙ ඇඟිලි ගොඩක් පොඩි ඉඩක හිර කරනවා. මේ නිසා ඔයාගෙ කකුලේ පළවෙනි ඇඟිල්ල, දෙවන ඇඟිල්ල දෙසට නැඹුරු වෙනවා. එමඟින් ඔයාගෙ ඇඟිල්ලේ පැත්තෙහි ගැටිත්තක් ඇති වෙනවා. මේවා ජානමය තත්ව නිසා ඇති වෙනවා කියලා තමයි හිතන්නෙ. ඒත් ඔයා අඩි උස සපත්තු හැමවිටම පළඳිනවානම් මේ තත්වය වැඩිවෙන්න පුලුවන්.
  • ඇචිලස් ටෙන්ඩොනයිටිස් – උස සපත්තු පැළඳීමෙන් ඔයාගෙ වළලුකර සන්ධිවල චලනය සීමා වෙනවා. ඒ වගේම ඒවායේ ශක්තිමත්බව අඩු වෙනවා. එය විලුඹ අස්ථියට සම්බන්ධ වන තැන අචිලස් කණ්ඩරාව හැකිලීමටත් හේතු වෙන්න පුලුවන්. එය ආචිලිස් ටෙන්ඩොනයිටිස් හෙවත් කණ්ඩරාවේ දැවිල්ල ඇති කිරීමට හේතු වෙනවා. සමහර රෝග ලක්ෂණ අතරට කකුල නමනකොට විලුඹේ පිටුපස වේදනාවක් ඇතිවීම, ඉදිමීම හා කකුල සෙලවීම අපහසු වීම වගේ තත්වයන් ඇතුළත් වෙනවා.
  • ඇඟිලිවල අස්ථි නැමීම – තද හා හීනි උස සපත්තු පැළඳීමෙන් ඇතිවිය හැකි තවත් ප්‍රශ්නයක් තමයි මේ. ඔයාගෙ ඇඟිලි එකට ගැටී ඇති විට, ඒවා පහළට නැමෙන්න පටන් ගන්නවා. කාලයක් යනකොට මේ තත්වය වේදනාකාරී වෙනවා. ඒ වගේම ඇඟිලි නවන්නත් අපහසු වෙනවා.
  • කෝන්ස් හා කෝලස් – උස සපත්තු පැළඳීම නිසා කකුල් මත පීඩනයක් ඇති වෙනවා. විශේෂයෙන් ඔයාගෙ සපත්තු තද නම්, එමගින් කකුලේ අමතර ලිස්සීමක් ඇති කරනවා. ඒවා සාමාන්‍යයෙන් වේදනා රහිත වුණත් සමහර ව්ට ඒවා වේදනාකාරී වෙන්න පුලුවන්.
  • මෝර්ටන්ස් නියුරෝමා – ඔයාගෙ කකුලේ පීඩනය වැඩි වීම නිසා එහි ඇති ස්නායු තද වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට ඇඟිලි තුඩු දෙසට ගමන් කරන ස්නායුව ගණවෙලා වේදනාකාරී වෙන්න පුලුවන්.
  • ප්ලාන්ටාර් ෆැසිටයිටිස් – තද සපත්තු පැළඳීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ. මෙහිදී ඔයාගෙ විලුඹ අස්ථිය ඇඟිලිවලට සම්බන්ධ කරන පටක වන ප්ලාන්ටාර් ෆැසියා හි දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවෙනවා. මේ පටක මගින් ඔයාගෙ පාදයේ ආරුක්කු හැඩයට සහාය වන අතර කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා එය හානි වූ විට, විලුඹේ වේදනාව, තද ගතිය හා ඉදිමීම ඇතිවෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *