අඩුවෙන් මහන්සි වී එල්ලෙන කැලරි ඉවත් කිරීමට ක්‍රම 10 ක්

අපෙන් ගොඩක් දෙනෙක් බර අඩු කර ගැනීමට වෙහෙසකර ව්‍යායාම, දැඩි ආහාර පාලනය වගේ ක්‍රම භාවිතා කරනවා. ඒත් ටීවී එක ඉස්සරහ වාඩි වෙලා ඉන්න එක වගේ ලේසිම ලේසි ක්‍රම මගින් ඇඟේ තියන වැඩිපුර කැලරි දහනය කරන්න පුලුවන් කියලා ඔයා දැනගෙන හිටියෙ නෑ නේද? හැබැයි ඔයා ඒකට ගැලපෙනම ෆිල්ම් එක තෝරගන්න ඕන.

අද අපි ඔයාට කියලා දෙන්නෙ වැඩි මහන්සියක් වෙන්නෙ නැතුවම වැඩිපුර කැලරි දහනය කරගන්න ඔයාට උදව් වෙන පුදුමාකාර ක්‍රම 10 ක් ගැනයි.

10. ශොපින් යාම

ශොපින් යන එක හිතන තරම් ලේසි නෑනේ. පැය 2-3 කට වඩා වැඩි කාලයක් හිටගෙන ඉන්න වෙනවා. ඒ වගේම බෑග් ගොඩක් උස්සගෙන ඇවිදින්න වෙනවා. ඉතින් මේක ඔයාට හොඳ ව්‍යායාමයක්. පැය තුනක සාප්පු සවාරියකින් කැලරි 500 ක් දහනය වෙනවා. ඒක ඔයා පැයක් බයිසිකල් පැද්දම දහනය වෙන කැලරි ප්‍රමාණයට සමානයි.

09. ගෙදර පිරිසිදු කිරීම

ඔයාගෙ ශරීරය නිරෝගීව තියාගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි ගෙදර වැඩ කරන එක. විනාඩි 30 ක සාමාන්‍ය පිරිසිදු කිරීමක් විනාඩි 15 ක් බඩට කරන ව්‍යායාමයකට සමානයි. එමගින් කැලරි 85 ක් විතර දහනය කරනවා. හොඳින් ගෙදර පිරිසිදු කිරීමෙන් කැලරි 170 ක් විතර දහනය කරගන්න පුලුවන්.

08. වයින් පානය කිරීම

වියළි රතු වයින් වීදුරුවක්, ජිම් එකේ පැයක් ව්‍යායාම කිරීමට සමානයි. වයින්වල තියන සංයෝග මගින් හදවතේ හා මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. ඒ වගේම රෙස්වෙටරෝල් සුදු මේදය, දුඹුරු මේදය බවට හරවන්නත් උදව් වෙනවා.

07. ගීත ගායනා කිරීම

ගායනය කියන්නෙ විවිධ මාංශ පේශිවලට සම්බන්ධ හොඳ ව්‍යායාමයක්. පැයක් ගායනා කිරීමෙන් කැලරි 100 ක් දහනය කරන්න පුලුවන්. ඉතින් මේක ඔයාට නාන වෙලාවට වුණත් කරන්න පුලුවන්.

06. නිදාගන්න

නිදාගැනීමෙන් කැලරි දහනය කරන්න පුලුවන් කියලා ඔයා කවදාවත් හිතුවද? ඔයා මාසයක් නිරුවතින් නිදා ගත්තොත් ඔයාගෙ ඇඟේ දුඹුරු මේද සෛල හා පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි වැඩි වෙනවා කියලා පර්යේෂකයන් හොයාගෙන තියනවා. ඇත්තටම එමගින් ඔයාගෙ ශරීරයට ලස්සන හැඩයකුත් ලැබෙනවා.

05. ලේ දන් දීම

ලේ පයින්ට් එකක් පරිත්‍යාග කිරීමේදී කැලරි 650 ක් පමණ දහනය වෙනවා. ඔයා පැයක් වේගයෙන් පිහිනුම් කටයුතු කලාමත් දහනය වෙන්නෙ කැලරි 650 ක විතර ප්‍රමාණයක්. ඒත් ලේ දන්දීම වගේ හොඳ වැඩකින් කැලරි අඩු කරගන්න පුලුවන් එක කොයිතරම් දෙයක්ද?

04. හාදුව

ඔයා පැයක් සිප ගත්තොත් කැලරි 60 ක් දහනය වෙනවා. ඔයා විනාඩි 5 ක් හයියෙන් දිව්වත් අඩු වෙන්නෙ කැලරි 60 යි. හාදුවලට යම්කිසි ආශාවක් එකතු කළොත්, දහනය වන කැලරි ප්‍රමාණය 90 දක්වා වැඩි වෙනවා. ඉතින් මේකට සල්ලි වියදම් වෙන්නෙත් නෑ.

03. සිනාසීම

විනාඩි 10-15 අතර කාලයක් සිනාසීමෙන් කැලරි 10-40 ක් දහනය වෙනවා. ඒක ඔයාගෙ හැඟීම් මත රඳා පවතිනවා. බඩවැල් ඇදෙන හිනාවකින් වැඩිපුර කැලරි දහනය කරගන්න පුලුවන්. ඔයා විනාඩි 10 ක් ස්කොට්ස් කලත් දහනය වෙන්නෙ කැලරි 40 ක් විතරයි.

02. පිරිමි අය සමග ආහාර ගැනීම

පර්යේෂණ වලට අනුව, පිරිමින් එක්ක ආහාර ගන්නකොට ගැහැණු අය අඩුවෙන් කන බව හොයාගෙන තියනවා. මේකට හේතුව තමයි අඩුවෙන් කන තරමට එයාලගෙ ඇඟ සිහින් වෙනවා කියලා කාන්තාවන් හිතනවා.

01. ත්‍රාසජනක චිත්‍රපට බැලීම

ත්‍රාසජනක චිත්‍රපට නැරඹීමෙන් ඇඩ්‍රිනලින් හෝමෝනය නිෂ්පාදනය වැඩි වෙනවා. ඇඩ්‍රිනලින් මගින් ආහාර රුචිය අඩු කරන අතර පරිවෘත්තීය ක්‍රියා වැඩි කරනවා.

බර අඩු කර ගැනීමට උදව් වෙන චිත්‍රපට ලැයිස්තුවක් මෙන්න:

  • Saw: කැලරි 133
  • Alien: කැලරි 152
  • The Exorcist: කැලරි 158
  • Jaws: කැලරි 161
  • The Shinning: කැලරි 184. ඔයා විනාඩි 15 ක් ස්කිපින් රෝබ් එකකින් සෙල්ලම් කලාම දහනය වන කැලරි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් බය හිතෙන ෆිල්ම් එකක් බැලුවම දහනය වෙනවා.

මේ ක්‍රම මඟින් ඔයා කැමති දේවල් කරන අතරතුරම වැඩිපුර කැලරි අඩු කර ගන්න ඔයාට උදව් වෙනවා. ඒත් ඒවා ශාරීරික ක්‍රියාකාරකම් තරම් ම සාර්ථක නෑ. ගායනය හෝ චිත්‍රපට නැරඹීම වගේ දේවලින් ඔයාගෙ ඇඟේ හැඩය ලස්සන කරගන්න බෑ. ඒ නිසා ක්‍රීඩා ක්‍රියාකාරකම් වලට අමතරව මේ දේවල්වලටත් පුරුදු වෙන්න.

අපි නම් මේ අතරින් වැඩිපුරම කැමති #10 වෙනි ක්‍රමයටයි. ඒ ගැන ඔයාගෙ අදහස මොකක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *