අද කාලේ කාන්තාවන් ශේව් කිරීම නතර කර තිබීමට ඇති හේතුව

එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් 85% ක් විතර දිනපතාම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරනවා. ඉපැරණි ඊජිප්තුවේ සහ රෝමයේ කාන්තාවන් පවා තමන්ගේ ශරීරයේ රෝම ඉවත් කරමින් එය ශිෂ්ටසම්පන්න ව තබාගැනීමට උත්සාහ කරලා තියනවා. හැබැයි, කාලය වෙනස් වෙලා. වර්තමානයේ ගොඩක් කාන්තාවන් එයාලගෙ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් නොකර ස්වභාවික පෙනුමම තබා ගන්න තීරණය කරලා තියනවා.

ඇත්තටම මේ අලුත් ට්‍රෙන්ඩ් එක ගැන අහලා අපිත් පුදුමයට පත් වුණා. කාන්තාවන් තවදුරටත් තමන්ගේ සිරුරේ රෝම ඉවත් කරන්න උත්සාහ කරන්නෙ නැත්තෙ ඇයි කියලා එයාලගෙන්ම දැනගන්න ලැබුණු හේතු සහ එයාලගෙ අදහසුත් එකතු කරලා තමයි මේ ලිපිය ඔයාලට අරගෙන ආවේ.

01. ශේව් නොකිරීම හරිම නිදහසක්.

රූපලාවණ්‍ය ප්‍රමිතීන් සහ සමාජය කාන්තාවන්ට ඔවුන්ගේ පෙනුම ගැන ස්වයං දැනුවත්භාවයක් ඇති කරලා තියනවා. ශරීරයේ රෝම තිබීම මෙහි එක කොටසක්. හැබැයි සමහර කාන්තාවන් තමන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවට වඩා අනෙක් අය තමන් ගැන හිතන්නෙ මොනවද කියන එකට වැඩිපුර තැනක් දෙනවා. ඒ නිසා ශේව් කරන එක වුණත්, අනික් අය දැක්කොත් මොනවා හිතයිද කියලා නෙවෙයි, ඔයාට ශේව් කරන්න ඕනෙ නෑ කියලා හිතුණොත් ඔයා වෙනුවෙන් ඒක නොකර ඉන්න.

“මම ශේව් කිරීම නැවැත්තුවේ මීට අවුරුද්දකට විතර කලින්. අනෙක් අය මගේ ශරීරයේ රෝම ගැන හිතන දේ මම නොහිතා ඉන්න තීරණය කලා. මගේ සම සංවේදී සමක් නිසා ශේව් කරන්නෙ නැතුව ඉන්න එක මගේ ශරීරයට ගොඩක් පහසුයි.”

“මම අවුරුදු 14 ඉඳන්ම කකුලේ රෝම ශේව් කලා. මම නවසීලන්තයේ ජීවත් වෙන්නෙ. ඒ වගේම නිතරම මම බයිසිකල් පදිනවා. බයිසිකල් පදිනකොට ජීන්ස් එකක් අඳින එය නියමයි. ශීත කලෙට නම් අවුලක් නෑ. හැබැයි රස්නෙ කාලෙට නම් දිග ජීන්ස් එකක් ඇඳන් බයිසිකල් පදින්න බෑ. ඉතින් මම හිතුවා කොට කලිසමක් අඳින්න. අනික අපි ක්ෂීරපායි සතුන්. ඉතින් රෝම තියන එක ක්ෂීරපායීන්ගෙ ලක්ෂණයක්. එහෙනම් ඇයි අපි රෝම ඉවත් කරන්නෙ. ශේව් කරපු කකුල්වලට වඩා ශේව් නොකරපු කකුල්වල පෙනුම ලස්සනයි. මම අත්දැකීමෙන් කියන්නෙ.”

02. කාන්තාවන්ට ඒකට වෙලාවක් නෑ.

නිවැරදි ආකාරයෙන් හිසකෙස් ඉවත් කිරීමට කාන්තාවන්ට එයාලගෙ කාලසටහන් තුළ වෙලාවක් හොයාගන්න වෙනවා. ඒ නිසා ශරීරයේ රෝම ගැන හිතන එකත් කරදරයක් බවට පත් වෙනවා. ඒ වගේම ශේව් කරපු රෝම ආයෙත් ඉක්මනින් වැවෙනවා. එතකොට නිතරම සම සුමුදුවට තියාගන්නත් අමාරුයි. ඒ විතරක් නෙවෙයි, ශේව් කලාම සමට ඇතිවෙන බලපෑම අඩු කරගන්න රේසර්, ශේවිං ක්‍රීම්, එක්ස්ෆෝලියේටර් සහ මොයිස්චරයිසර් වගේ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කරන්නත් වෙනවා.

“මගේ වෘත්තිය කෙරෙහි අවධානය යොමු කිරීම වගේ ඇත්තටම ප්‍රයෝජනවත් දේවල් සඳහා වැඩි කාලයක් ලබා දීමට ඕන නිසා මම ශේව් කරන එක නැවැත්තුවා. මාසයකක් තිස්සේ මම මට ශේව් කරන්න යන වෙලාව ගණනය කලා. ඒක පැය අටක්”

03. සමහර විට ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්.

සමහර අය හිතන්නෙ රෝම ඉවත් කිරීමෙන් ශරීරයෙන් එන දුගඳ අඩු කරගන්න පුලුවන් කියලයි. හැබැයි මේක ඇත්තක් නෙවෙයි. කිහිලි වලින් රෝම ඉවත් කිරීම නිසා ඩියෝඩ්‍රන්ට් සමට වඩා හොඳින් අවශෝෂණය වෙනවා. හැබැයි රෝම තියෙද්දි එය වළක්වා ගත හැකි බාධකයක් නිර්මාණය වෙනවා. මේ බාධකය ඝර්ෂණයෙන් සමට හානි වීම වළක්වනවා. ඒ වගේම හැම කෙනෙක්ගෙම ශරීරය එකිනෙකාට වෙනස්. සමහර කාන්තාවන්ට, ශේව් නොකිරීමෙන් අවාසි වලට වඩා වැඩිපුර වාසි ලබා දෙනවා.

“මම උසස් පාසලේදී මගේ කිහිලිවල රෝම ඉවත් කරන්න උත්සාහ කලා. ශීත ඍතුවේදී නම් ඒක හොඳයි, හැබැයි ගිම්හානයේදී කිහිලිවල රෝම නැති වුණාම දාඩිය දානවා වැඩියි. ඒ වගේම දාඩිය ගොඩක් ඇලෙනසුළු වෙනවා.”

“මේ තමයි මම ශේව් නොකර ගත කරන දෙවන ශීත ඍතුව. ඇත්තටම රෝම නැති කාලෙට වඩා රෝම තියෙද්දි දාඩිය ගඳත් අඩුයි.”

04. කාන්තාවන්ට කරන්න ඊට වඩා වැදගත් දේවල් තියනවා.

සමහර කාන්තාවන් කැමතියි එයාලගෙ ස්වභාවික සුන්දරත්වය ඉස්මතු වෙන විදිහට ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ අය හිතන්නෙ තමන්ගෙ ශරීරය ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නෙ තමන්ට විතරයි කියලා. ඒ වගේම එයාලා එයාලගෙ ගැහැණුකම පෙන්නුම් කරන විදිහට සමාජයෙන් ඇතිවෙන බලපෑම් ගණන් නොගෙන රෝම ඉවත් නොකර ඉන්න තීරණය කරනවා.

“ශරීරයේ අනවශ්‍ය රෝම ස්වභාවිකයි. ඉතින් මම ශේව් කරන එක නැවැත්තුවා. අනිත් අයව සතුටු කරන්න විතරක් ශේව් කරන්න ඕන නෑ කියලයි මම නම් හිතන්නෙ.”

“පසුගිය වසරේ, මම මගේ කිහිලි ශේව් කිරීම නැවැත්තුවා. මුලදී, ඒක මට නරක හැඟීමක් ඇති කලත් පසුව ඒක හරිම පහසුවක් කියලා මටම තේරුණා. මට දැන් වඩාත් ස්ත්‍රී බවක් සහ විශ්වාසයක් දැනෙනවා.”

05. සමට හානි කරගන්න කාන්තාවන් කැමති නෑ.

වැක්ස් වගේ රෝඅ ඉවත් කිරීමේ වෙනත් ක්‍රම එක්ක සසඳනකොට, ශේව් කිරීම වේදනා රහිත වුණත්, ගොඩක් කාන්තාවන්ට ශේව් කිරීමෙනුත් අහිතකර ප්‍රතිඵල අත්විඳින්න සිදුවෙනවා. රේසර් එක නිසා සමේ තුවාල ඇති වීම මගිනුත් ලොකු අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම සමේ රේසර් ගැටිති ඇතිවෙලා ඒවා රතු පාටට හැරිලා කසන්නත් පටන් ගන්නවා.

“මම ශේව් කිරීම නැවැත්තුවෙ සමට ඇති වෙන අහිතකර ප්‍රතිඵල ගැන හිතලයි. මම ග්‍රීෂ්ම ඍතුවේදී විතරක් සතියකට වරක් මගේ කකුල් ශේව් කරනවා.”

“රේසර් කිරීම සහ වැක්ස් කිරීම සම්බන්ධව මම හැම විටම නරක අත්දැකීම්වලට මුහුණ දුන්නා. සමේ රතු පැහැයක්, සංවේදීතාවයක්, කොටට වර්ධනය වුණු රෝම, රේසර් ගැටිති, කුෂ්ඨ සහ පිළිස්සුම් ඇති වුණා. ඒ බව මාත් එක්ක හිටපු ගොඩක් අය දන්නවා. දැන් මම ශේව් කලේ නෑ කියලා කවුරුත් මට ඒ ගැන මොකුත් කියන්නෙ නෑ”

06. සමහර කාන්තාවන්ට එයාලගෙ සිරුරේ රෝම තිබීම ප්‍රශ්නයක් නෙවෙයි.

ගොඩක් කාන්තාවන්ට, එයාලගෙ සිරුරේ රෝම තිබීම එයාලගෙ ජීවිතවලට කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නෙ නෑ. ඒ වගේම එයාලට ඒක දැනෙන්නෙවත් නෑ. අනික් අයව සතුටු කරන්නයි, අනික් අයට ලස්සනට පේන්නයි තමන්ගෙ සුවපහසුව අමතක කරලා දුක් විඳින්නෙ මොකටද කියලා එයාලා තේරුම් අරගෙන ඉන්නෙ.

“ශේව් කරපු දවසෙ සම සිනිඳුවට තිබ්බට දවස් කිහිපයක් යනකොට ආයෙත් ඒවා වැවෙන්න ගන්නවා. එතකොට සම කසන්නත් පටන් ගන්නවා. මට ඒක හරිම අපහසුවක්. ශේව් නොකිරීම මට ගොඩක් පහසුයි. කවුරු ඒ ගැන මොනා හිතුවත් මට වැඩක් නෑ.”

“මට ශේව් කරන්න ඕන කියලා හිතුණු වෙලාවට මම ඒක කරනවා. ඒත් කවුරුවත් කියපු පමණින් මම මගේ ශරීරය ගැන තීරන ගන්නෙ නෑ. රෝම කියන්නෙ අපිට උපතින්ම අපේ ආරක්ෂාවට ලැබෙන දෙයක්. ඉතින් අපි ඇයි ඒවා ඉවත් කරන්නෙ?”

බෝනස්: ශරීරයේ ‍රෝම කොයිතරම් ඉක්මනින් නැවත වර්ධනය වෙනවද?

හැම ජීවියෙක්ම පුදුමාකාරයි. ඒ අතරිනුත් මිනිස්සු කියන්නෙ අද්විතීය සත්ව කොටසක්. ඉතින් රෝම වර්ධන වේගයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ශේව් කිරීමෙන් රෝම වර්ධනයට හානියක් වෙන්නෙ නෑ. එතකොට ආයෙමත් දවස් කිහිපයක් යනකොට කලින් තිබුණු ප්‍රමාණයටම රෝම වැවෙනවා.

අපේ සිරුරේ විවිධ කොටස් වල රෝමවලට විවිධ වර්ධන චක්‍ර තියන බව මතක තබා ගන්න. ඔයාගෙ ශරීරයේ සමහර කොටස්වල අනෙක් ඒවාට වඩා වේගයෙන් රෝම වර්ධනය වෙනවා කියලා ඔයාට පේන්නෙ ඒ නිසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *