අපට වයස්ගත පෙනුමක් ලබාදෙන වැරදි මේකප් ක්‍රම 10 ක්

අද වෙනකොට අපේ කාන්තාවන්ට නැතුවම බැරි දෙයක් තමයි මේකප් කියන්නෙ. මේකප් මගින් අපේ මුහුණේ හොඳම ලක්ෂණ ඉස්මතු කරලා සමට පෝෂ්‍යදායී පෙනුමක් ලබා දීමෙන් අපේ ආත්ම විශ්වාසය වැඩි කර ගන්න පුලුවන්. ඒත් සමහර විට අපි කරන මේකප් මගින්ම අපේ ලස්සන පෙනුම විනාශ කරලා අපට වයස්ගත පෙනුමක් ලබා දෙන්නත් හේතු වෙනවා. ඔයා හරියටම මේකප් ක්‍රම නොදැන මේකප් කරන්න ගියොත් තමයි මෙහෙම වෙන්නෙ. වැරදි මේකප් කිරීමේ ක්‍රම නිසා අපේ පෙනුමට හානි වෙනවා.

පෙනුමට හානි වීම වළක්වා ගැනීමට ඔයාට උදව් කරන්න ඕන නිසා, නිවැරදි මේකප් ක්‍රම ගැන ඉයාට කියලා දෙන්න අපි හිතුවා. ඔයාගෙ ලස්සන පෙනුම විනාශ කරලා ඔයාට වයස්ගත පෙනුමක් ලබාදෙන වැරදි මේකප් ක්‍රම ඔයත් පුරුදු වෙලා ඉන්නවා නම් අදම මේ වැරදිවලින් ඉවත්වෙන්න.

01. ඕනෑවට වඩා කන්සීලර් යෙදීම

හොඳ මැට් නිමාවකින් යුත් මේකප් එකක් කරගන්න අපි හැමෝම කැමතියි. මේ නිසා අපි කරන වැරැද්දක් තමයි, ඕනෑවට වඩා කන්සීලර් යෙදීම. ඔයා වැරදි වර්ණයක් තෝරාගෙන එයින් ගණ තට්ටුවක් මුහුණට දැම්මොත්, එමගින් මුහුණේ රැළි ඉස්මතු කරලා ඔයාගෙ මුහුණට වයස්ගත පෙනුමක් ලබාදෙනවා. මෙය වළක්වා ගැනීම සඳහා හොඳ රූපලාවණ්‍ය ශිල්පීන් නිර්දේශ කරන්නේ ගණකම් ෆවුන්ඩේෂන් එකක් යෙදීමෙන් වළකින්න කියලයි. ඒ වෙනුවට, දීප්තිමත් අංශු අඩංගු දියර කන්සීලර් එකක් තෝරා ගන්න. ඒවා අධික ලෙස නොයෙදීමෙන් ඔයාගෙ සමට සෞඛ්‍ය සම්පන්න හා ස්වාභාවික පෙනුමක් ලබා ගන්න පුලුවන්.

02. පහළ ඇහි පිල්ලම මත අධික ලෙස මස්කාරා භාවිතා කිරීම

පහළ ඇහිපිල්ලම් දාර ඉස්මතු කිරීමට මස්කාරා භාවිත කිරීමෙන් ඔයාගෙ ඇස්වලට අමතර ප්‍රකාශනයක් ලබා දෙන්න පුලුවන්. ඔයාගෙ අයි ලෑෂස් මත ඕනෑවට වඩා වැඩිපුර මස්කාරා දැමීම මගින් ඔයාගෙ ඇස් වටා තියන රැළි ඉස්මතු වී පෙනෙනවා. එම රැළි කොච්චර කුඩා වුණත් මස්කාරා මගින් ඒවා කැපී පේනවා.

03. වැරදි ලිප්ස්ටික් වර්ණය තෝරා ගැනීම

ලිප්ස්ටික් මගින් ඔයාගෙ පෙනුමට පුදුම දේවල් සිදුකරන්න පුලුවන්. ලස්සන පාට අත්හදා බලන්න බය වෙන්න එපා. ඒත් ඔයාට ගැලපෙන වර්ණය තෝරගන්න දැනගන්න ඕන. ඔයාගෙ තොල් ස්වාභාවිකවම පටු නම්, ඔයා අඳුරු පැහැති ලිප්ස්ටික් භාවිතා කිරීමෙන් වළකින්න ඕන. අඳුරු වර්ණ මගින් ඔයාගෙ තොල්වලට වඩාත් සිහින් පෙනුමක් ඇති කරනවා.

ඔයාගෙ තොල් පිරුණු ලෙස පෙනෙන්නට අවශ්‍ය නම්, ලිප්ස්ටික් මගින් එය සිදුකරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ ඔයාගෙ ස්වාභාවික තොල් රේඛාවට උඩින් ලිප් ලයිනර් එක ඇඳගන්න එක විතරයි.

04. වැරදි ආකාරයට ඩාර්ක් අයි ෂැඩෝ යෙදීම

මුළු ඇහි පිල්ලම පුරාම අයි ෂැඩෝ ආලේප කරන්න එපා. එතකොට ඔයාට වයස්ගත පෙනුමක් ලබාදෙනවා. ඇස්වල පිටත කෙළවරට පමණක් අයි ෂැඩෝ ආලේප කිරීම තමයි හරිම ක්‍රමය

05. පහළ ඇහි පියනට අධික ලෙස අයිලයිනර් භාවිතා කිරීම

ඔයාගෙ පහළ පියනට ඩාර්ක් අයිලීනර් ආලේප කිරීමෙන් ඔයාගෙ ඇස්වලට පටු පෙනුමක් ලැබෙනවා. ඒ තත්වය නැති කර ගැනීම සඳහා සැහැල්ලු මේකප් පැන්සලක් භාවිතා කරන්න. මෙමගින් ඔයාගෙ පෙනුමට විවෘත බවක් ලැබෙනවා.,

06. කම්මුල්වල ඉහළ කොටසට බ්ල්ෂ් ආලේප කිරීම

අඳුරු සහ තද වර්ණවලට සමුදෙන්න. සුදුමැලි රෝස හෝ පීච් වගේ ලා වර්ණවලට යොමුවෙන්න. කම්මුල්වලට බ්ලෂර් ආලේප කිරීමේදී කම්මුල්වල ඉහළ කොටස ඉස්මතු කිරීම ඔයාට තරුණ වියේ දී හොඳ අදහසක් වෙන්න පුලුවන්. ඒත් අපි වඩාත් පරිණත වන විට, අපේ සම හරහා සිදුවන වෙනස්කම් වලට හැඩගැහෙන්න ඕන. කම්මුල්වල මැද කොටස ඉස්මතු කරනවා වෙනුවට, නහයට ලඟින් තියන කම්මුල් ප්‍රදේශයට බ්ලෂ් ආලේප කරන්න. මෙයට මෘදු හා ස්වාභාවික වර්ණ භාවිතා කිරීමෙන් ඔයාගෙ මුහුණ තරුණ පෙනුමක් ලබා ගන්න පුලුවන්.

07. ඇහිබැම ඕනෑවට වඩා ඉස්මතු කිරීම

ඔයාගෙ ඇහිබැම විශාල කර ඉස්මතු කිරීමට තද වර්ණ භාවිතා කිරීමෙන් මුහුණට අපිරිසිදු හා වයස්ගත පෙනුමක් ලැබෙනවා. ඒ නිසා ඔයාගෙ ස්වාභාවික ඇහිබැම වර්ණයට වඩා ලා පැහැති වර්ණයක් භාවිතා කරන්න.

08. නිවැරදි කරන නිෂ්පාදන (corrector) භාවිතා නොකිරීම

ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි, ඇස් යට අඳුරු ලප කියන්නෙ. අපි වයසින් වැඩෙනකොට මේ කැළැල් වඩාත් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. කන්සීලර් යෙදීමෙන් ගැටළුව තවත් වැඩි වෙනවා. අනෙක් අතට, නිවැරදි කරන ආලේපනයක් යෙදීමෙන් හොඳ පෙනුමක් ලබාගන්න පුලුවන්. අඳුරු ප්‍රදේශවල විතරක් එය ආලේප කිරීමට උත්සාහ කන්න. පුලුවන් තරම් සිහින් තට්ටුවක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

09. තොල් රේඛා ෂේඩ් කිරීමට අමතක කිරීම

සාර්ථක මේකප් එකක් සඳහා ලිප් ලයිනර් පැන්සල් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. තොල්වල දළ හැඩට වඩාත් හොඳින් ඉස්මතු කිරීමට හා සිත් ඇදගන්නා සුළු කිරීමට එමගින් ඔයාට හැකියි. කොහොම වුණත් ස්වාභාවික තොල් මායිම් ඉක්මවා තොල් විශාල කර ගැනීමට උත්සාහ කිරීමේදී නම් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. තොල්වල කේන්ද්‍රයේ දිශාවට හැම විටම ලිප් ලයිනර් එක ෂේඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාට උඩු රැවුලක් තියනවා වගේ පේන්න පුලුවන්.

10. ඕනෑවට වඩා මුහුණට පවුඩර් යෙදීම

සමේ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා පවුඩර් හොඳ වන්නේ එය කුඩා ප්‍රමාණවලින් යොදනවානම් විතරයි. ඕනෑවට වඩා පවුඩර් භාවිතා කරනවා නම් ඒක ඔයාගෙ ලස්සන පෙනුම විනාශ කරනවා. මුහුණේ ටී කලාපයේ තෙල් නිසා ඇතිවන දිලිසෙන බලපෑමෙන් මිදීමට සැහැල්ලු ඛනිජ හෝ සහල් කුඩු යොදන්න. ඇස් වටා පවුඩර් කිරීමෙන් වළකින්න. මෙමගින් ඔයාගෙ ඇස් වටා රැළි පෙනුම අඩු කරලා සමට වියළි පෙනුමක් ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *