අපට හානිකර බව නොදැන අපි නොදැනුවත්ව කරන වැරදි පුරුදු 13 ක්

පරක්කු වෙලා නිදාගන්න එක වගේම ප්‍රමාණයට වඩා ආහාර ගැනීමත් සෞඛ්‍යයට අහිතකරයි කියලා අපි දන්නවා. ඒ වගේම සමහර විට අපි හිතන්නෙවත් නැති පුරුදු අපේ සෞඛ්‍යයට හානි ගෙන දෙනවා. කිවිසුමක් යන්න නොදී හිරකර ගැනීම ඔයාට රෝහල් ගත වීමට සිදු වෙන්න තරම් අනතුරක් කියලා ඔයා හිතුවෙ නෑ නේද?

චුවින්ගම් හැපීම නිසා අවධානය හා මතක ශක්තිය අඩු කරන බව ඔයා දැනගෙන හිටියෙ නෑ නේද? අන්න ඒ නිසයි අද අපි ඔයාව මේ ගැන දැනුවත් කරන්න හිතුවෙ. පිටතින් හානිකර බවක් පෙණුනේ නැති වුණත් ඇත්තටම ඔයාගෙ සෞඛ්‍යයට ලොකු හානියක් කරන්න පුලුවන් වැරදි පුරුදු කිහිපයක් ගැන තමයි ඔයාට මේ කියන්න යන්නෙ.

01. කිවිසුම් මැඩ පැවැත්වීම

බලපෑම සිදුවෙන්නේ – රුධිර නාල, ශ්වසන පද්ධතිය, මොළය හා දරුණුම අවස්ථාවලදී අන්නස්‍රෝතය

කිවිසුම් යන්නේ ශරීරයේ තියන බැක්ටීරියා, වෛරස් හා දූවිලි අංශු ශරීරයෙන් ඉවත් කිරීමටයි. ඔයා කිවිසුම පිටවෙන්න නොදී හිර කරගන්නවා කියන්නෙ ඒ බැක්ටීරියා අපේ ශරීරයෙන් අයින් වෙන්න නොදී සිටීමයි. කිවිසුමක වේගය තප්පරයට මීටර් සීයක් හෝ ඊටත් වඩා වැඩි බව ඔයා දන්නවද? ඉතින් ඔයා කිවිසුම මැඩ පැවැත්වීමේදී ඒ බලය ආපස්සට ගිහින් ඔයාගෙ කනට හානි කිරීම, රුධිර පීඩනය වැඩි කිරීම වගේම අන්නස්‍රෝතයට හානි කිරීම වුණත් සිදු වෙන්න පුලුවන්.

02. ටූත් පීක්

බලපෑම සිදුවෙන්නේ – විදුරුමසට

ටූත් පීක් භාවිත කිරීම නිසා ඔයාගෙ විදුරුමසට හානි වෙන්න පුලුවන්. ඒත් ඒවා දන්ත එනැමලයට හානිකර බව අඩුයි. ටූත් පීක් වලින් දත් හොඳටම පිරිසිදු කරන්න බෑනේ. ඉතින් විදුරුමසට හානි කරගන්නෙත් නැතුව ටූත් පීක් වෙනුවට ඩෙන්ටල් ෆ්ලොස් එකක් පාවිච්චි කරන්න බැරි ඇයි?

03. නිදාගැනීමේදී මුහුණ කොට්ටය මත තබා ගැනිම

බලපෑම සිදුවෙන්නේ – මුහුණේ සමට, කොඳු ඇට පෙළට, රුධිර සංසරණයට හා හුස්ම ගැනීමට

මේ ඉරියව්වෙන් නිදාගන්න අයට හුස්ම ගැනීමේ අපහසුතා වගේම රුධිර සංසරණය වීමේ ගැටළු ඇතිවෙනවා. බෙල්ලේ කශේරුකාවට හානි සිදුවෙන අතරම මුහුණේ ඇති වෙන රැළි කිසි දවසක ඉවත් වෙන්නේ නැති බවත් වෛද්‍යවරු කියනවා.

04. කටින් බීජ වර්ගවල පොතු ඇරීම

බලපෑම සිදුවෙන්නේ – දත්වලට හා පිත්තාශයට

අතින් කරනවට වඩා දත්වලින් වැඩේ ලේසි නිසා අපි පුරුදු වෙලා ඉන්නෙ සමහර බීජවල පොත්ත කටින් ගලවන්න. මේ වැඩේ හානිකරයි කියලා අපි කවදාවත් හිතුවෙ නෑනේ. ඒත් දන්ත වෛද්‍යවරු කියන විදියට කටින් පොතු ඇරීම මගින් දත්වලට වගේම පිත්තාශයේ හානි සිදු වෙන්නත් පුලුවන්.

05. නිතර ඝන දේවල් හැපීම

බලපෑම සිදුවෙන්නේ – දත්, විදුරුමසට හා මුඛයට

ඉස්කෝලෙ යන කාලෙ අපි පැන්සලේ හෝ පෑනේ කෙළවර හපන්න පුරුදු වෙලා හිටියා නේද? සමහරුන්ට මේක දිගටම කරලා දැන් පුරුද්දක් බවට පත් වෙලා තියනවා. මේ විදියට පෑන්, පැන්සල්, ක්ලිප් හා වෙනත් ඝන දේවල් දිගින් දිගටම හැපීම නිසා දත්වල එනැමලයට හානි වෙනවා. ඒ වගේම කටින් බෝතල් මූඩි ඇරීම, ඇටවර්ග, අයිස් කැට, ලොලිපොප් හා ටොෆි හැපීම නිසත් අපේ දත්, විදුරුමස් හා මුඛයට හානි සිදු වෙනවා.

06. මුත්‍රා කිරීම කල් දැමීම

බලපෑම සිදු වෙන්නේ – අන්ත්‍රය, වකුගඩු, මුත්‍රා පද්ධතිය

එක එක හේතු නිසා අපි වැසිකිළියට යන එක පරක්කු කරනවා. වෛද්‍යවරු කියන්නෙ කිසිම වෙලාවක මුත්‍රා නොකර හිර කරගෙන ඉන්න එපා කියලයි. එහෙම හිට කරගෙන ඉන්න එකෙන් ඔයාගෙ මාංශපේශි වලට තුවාල වෙන්න පුලුවන් වගේම මුත්‍රා ආසාදන හා මලබද්ධය පවා ඇති වෙන්න පුලුවන්.

07. හිසකෙස් සේදීමට උණු වතුර පාවිච්චි කිරීම

බලපෑම සිදුවෙන්නේ – මොළයේ රුධිර නාල හා හිස්කබලට

ඔයා උණු වතුරෙන් නාන්න කැමති කෙනෙක් නම් හා දැනටමත් ඔයා නාන්නෙම උණු වතුරෙන් නම් මේ පුරුද්ද ඔයා වහාම නවත්තන්න වෙනවා. සිරුරට සනීපයක් දැනුනත් ඒක තාවකාලිකයි. උණු වතුරෙන් නෑමෙන් හිසරදය හා කැරකිල්ල ඇති වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, හිස්කබලේ තියන සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය වැඩි කරන්න උණු වතුරවලට පුලුවන්. මේ නිසා ඉක්මනින් හිසකෙස් අපිරිසිදු වෙනවා.

08. නිතරම මුහුණ හා ඇස් ඇල්ලීම

බලපෑම සිදුවෙන්නේ – ඇස් හා සමට

නිතර අතින් මුහුණ හා ඇස් ස්පර්ශ කරන කෙනෙක්ට කුරුලෑ හා හර්පීස් වගේ රෝග පහසුවෙන් වැළඳෙන්න පුලුවන්. ඒ වගේම ඔයා නිතරම ඇස් කසනවා නම් හෝ අල්ලනවා නම් ඔයාට ඇස්වල දැවිල්ල, කඳුලු ඒම හා ආලෝක සංවේදීතාව වගේ රෝග ලක්ෂණ තියන කොන්ජන්ටිවිටිස් කියන බෝ වෙන රෝගය හැදෙන්න ඉඩ තියනවා.

09. නිතර චුවින්ගම් හැපීම

බලපෑම සිදුවෙන්නේ – ආමාශය, දත් හා කෙටි කාලීන මතකයට

චුවින්ගම් වලට පොඩි ළමයි වගේම වැඩිහිටි අයත් ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒත් මට නම් හරිම අප්‍රසන්න කෑමක් ඒක. නිකන් බඩේ කෙළ පුරවගන්න එකනේ ඒකෙන් කරන්නෙ.
චුවින්ගම් කනකොට අපේ කට හැම තිස්සෙම වැඩ කරනවා. එමගින් ආමාශයේ ආමාශයික යුෂ නිෂ්පාදනය වැඩි කරනවා. කෑමට කලින් චුවින්ගම් හපන්න එපා. එමගින් ගැස්ට්‍රයිටිස් හෝ ආමාශයේ තුවාල ඇති වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔයාගෙ දත්වලටත් හානිකරයි. කොහොම වුණත් චුවින්ගම් හැපීම පාඩම් මතක තියාගන්න උදව් වෙනවා කියලා කියනවා. ඒ වගේම වැඩි අවධානයක් යොමු කරන්න ඕන තැන්වලදි අවධානය වෙනස් නොවී තියාගන්නත් උදව් වෙනවා. ඒත් වෛද්‍යවරු කියන්නෙ චුවින්ගම් වලට ඔයාගෙ කෙටි කාලීන මතකය අඩු කරන්න පුලුවන් කියලයි.

10. ඇඳේ වැතිරී පොත් කියවීම

බලපෑම සිදුවෙන්නේ – ඇස්, කොඳුඇට පෙළ හා බෙල්ලේ සමට

ඇඳේ වැතිරගෙන උණුසුම් කෝපි කෝප්පයක් බිබී පොතක් කියවන්න අපි ඕන කෙනෙක් කැමතියි. ඒත් එමගින් ඔයාගෙ සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්.

  • පොත ඔයාගෙ ඇස්වලට ටිකක් දුරින් තියාගන්න.
  • කොන්ද වක්‍රව තියාගෙන බෙල්ල පහළට නමන් ඉන්න එපා.
  • ඇලව වැතිරිලා පොත ඔයාගෙ පැත්තකින් තියාගෙන කියවන්නත් එපා. ඒකෙන් ඇස්වලට වෙහෙසක් දැනෙනවා.
  • බඩ උඩ පොත තියාගෙන කියවීමෙනුත් බෙල්ලට හා කොඳු ඇට පෙළට හානි වෙන්න පුලුවන්.

ඒ නිසා ඇඳේ නිදාගෙන පොත් කියවන පුරුද්ද නම් නැති කරගන්න තරමට ඔයාට හොඳයි.

11. පොඩි තුවාලවලට පිඹීම හා ලෙවකෑම

බලපෑම සිදුවෙන්නේ – සුව කිරීමේ ක්‍රියාවලියට

පොඩි තුවාලයක් වුණාම ගොඩක් අය තුවාලය කටින් ලෙවකනවා එහෙමත් නැත්තන් තුවාලයට පිඹිනවා. ඒත් මේ මගින් අපේ කටේ තියන 600 ටත් වඩා වැඩි ක්ෂුද්‍ර ජීවී විශේෂ වලින් ජීවින් දහස් ගණන් තුවාලයට ඇතුළු වෙනවා. මේ අතරේ ස්ටැෆිලොකොකි හා ස්ට්‍රෙප්ටොකොකස් කියන ක්ෂුද්‍ර ජීවීන් වර්ග දෙකත් ඉන්නවා. තුවාලයේ කැටි ගැසී තියන රුධිරය මේ ක්ෂුද්‍ර ජීවීන්ට හොඳ වාසස්ථානයක් වෙනවා. ඒ නිසා පොඩි තුවාලයක් හෝ වුණොත් ඒකට මොකක් හරි බෙහෙතක් ගාන්න. නැත්නම් තුවාලය හොඳවෙන්න කල් ගත්වෙනවා වගේම වෙනත් ආසාදන ඇති වෙන්නත් පුලුවන්.

12. රහසින් මිමිණීම

බලපෑම සිදුවෙන්නේ – ස්වරාලයට හා ස්වර තන්ත්‍ර වලට

කොඳුරමින් කතා කරනකොට අපේ ස්වර තන්ත්‍ර පීඩාවට පත්වෙන බව රොබට් සැටලොෆ් විද්‍යාඥයා කරපු පරීක්ෂණයක් මගින් හෙළි වුණා. මේ හේතුවෙන් ස්වරාලයේ තුවාල ඇති වෙන්නත් පුලුවන්.

13. වැසිකිළි යනවිට දුරකතනය පාවිච්චි කිරීම

බලපෑම සිදුවෙන්නේ – සමස්ත සනීපාරක්ෂාව ටම

මෙහිදී දුරකතනය විතරක්ම නෙවෙයි පොත් කියවීම වුණත් අහිතකර ලෙස බලපාන්න පුලුවන්. ඔයා විනාඩි 5 කර වඩා වැඩි වෙලාවක් වැසිකිළියේ ඉඳගෙන ඉන්න එක මගින් නහරවල පීඩනය වැඩි වෙන්න ඉඩ තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *