අපේ කාන්තාවන් එතරම් ගණන් නොගන්නා භයානක රෝග ලක්ෂණ 7 ක්

කාන්තාවන්ට හැදෙන්න පුලුවන් ලෙඩ ගොඩක් තියෙනවා. සමහර ඒවාගේ රෝග ලක්ෂණ කාලෙකට කලින් ඉඳලම ඇතිවෙනවා. ඒවා ඒ වෙලාවෙදිම හඳුනා ගත්තොත් එයින් සම්පූර්ණයෙන්ම සුව වෙන්නත් හැකියාව තියනවා. මේකට හොඳම උදාහරණයක් තමයි, මුල් කාලෙදිම පියයුරු පිළිකා තියෙනවා කියලා හඳුනගත්ත කාන්තාවන්ගෙන් 90% ක් සුව වෙලා තිබෙනවා කියලා වෛද්‍යවරු කියන එක.

පේනවා නේද? අපේ ශරීරයෙන් අපිට කරන සමහර අනතුරු ඇඟවීම් ගැන අවධානයෙන් ඉන්න එක කොච්චර වැදගත්ද කියලා. ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ, ඉස්සරහට ඔයාටත් මේ වගේ දරුණු ලෙඩක් හැදෙන්න පුලුවන් කියලා පෙන්නන රෝග ලක්ෂණ කිහිපයක් ගැනයි.

07. මුත්‍රා කිරීම වැඩි වීම

සාමාන්‍යයෙන් ඔයාට වෙනදාට වඩා වැවිපුර මුත්‍රා පිටවෙනවා නම්, එහෙම වෙන්නෙ ඔයාගෙ වකුගඩු හෝ මුත්‍රා මාර්ගයේ ප්‍රශ්නයකට වඩා වැඩි දෙයක් නිසා වෙන්න පුලුවන්. සමහර විට හෝමෝන හෝ යෝනි මයික්‍රොෆ්ලෝරා වල ප්‍රශ්නයක් නිසත් වැඩිපුර මුත්‍රා පිටවෙනවා. හැම විටම තිබහක් දැනෙනවා නම් හෝ නිතරම මුත්‍රා පිටවෙනවා නම් දියවැඩියාව නිසා ඇතිවෙන රෝග ලක්ෂණයක් නිසා වෙන්න පුලුවන්.

සාමාන්‍ය කෙනෙක් දවසකට පානය කරන වතුර ප්‍රමාණය නිසා දවසට 4-10 වතාවක් වැසිකිළි යන්න සිදුවෙනවා. ඔයා වෙනදට බොන වතුර ප්‍රමාණයම බිව්වත්, වෙනදට වඩා වැඩියෙන් වැසිකිළි යාමේ උවමනාවක් දැනෙනවා නම් සාමාන්‍ය වෛද්‍යවරයෙක් හෝ මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන කියන්න.

06. බර අඩුවීම

ඔයාගෙ ශරීරයේ බර එකවරම රාත්තල් කිහිපයකින් අඩු වුණොත් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ක්‍රෝන්ගේ රෝගය, දෙවන වර්ගයේ දියවැඩියාව හෝ පිළිකා තත්වයක් නිසා මේ විදියට එක පාරටම බර අඩු වීමක් දකින්න ලැබෙනවා.

කිසිම ව්‍යායාමයක් හෝ ක්‍රීඩාවක් කරන්නෙත් නැතුව හෝ ආහාර වේල අඩු කරන්නෙත් නැතුව මාස 6-12 අතර කාලයක් තුළ ඔයාගෙ බර රාත්තල් 10-15 ක් විතර අඩු වෙලා තියනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

05. හිසකෙස් නොතිබිය යුතු ස්ථානවල හිසකෙස් වැවීම

සාමාන්‍යයෙන් හිසකෙස් වැවෙන්නෙ නැති තැන්වල හිසකෙස් වැවෙනවා නම් ඒකට හේතු වෙන්නෙ ඔයාගෙ ශරීරයේ පිරිමි හෝමෝන ඕනෑවට වඩා වැඩියෙන් තියන නිසයි. එමගින් ඔයාගෙ පෙනුමට විතරක් නෙවෙයි වඳභාවයට, පරිවෘත්තිය ආබාධවලට, පියයුරු පිළිකා හෝ එන්ඩොමෙට්‍රියල් වගේ තත්ව ඇති වීමට පවා ඉඩ තියනවා.

ඔයාට මේ වගේ ලක්ෂණ තියනවා නම් කලබල වෙන්න එපා. අධික ලෙස මුහුණේ, පපුවේ, බඩේ හෝ පිටේ රෝම වැවෙනවා නම් අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.

04. ඔසප් වීම නැවතුණු පසු ලේ ගැලීම

ඔසප් වීම නැවතුණාට පසුව ලේ ගැලීම සිදු වෙනවා නම් ගොඩක් වෙලාවට ගර්භාෂ පිළිකා, ගැබ්ගෙල පිළිකා, මයෝමා වගේ භයානක රෝගයක් නිසා පුලුවන්.

හෝමෝන ප්‍රතිකාර ලබාගන්නා කාන්තාවන්ට ඔසප් වීමෙන් පසු අවුරුදු දෙකක් විතර නැවතත් ඔසප් වීමක් වෙන්න ඉඩ තියනවා. ඒක නම් සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ හැර වෙනත් ඕනම වෙලාවකදිම වෛද්‍යවරයෙකු හමුවෙලා උපදෙස් ලබාගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන් ඔසප් වීම නැවතිලා අවුරුද්දකට විතර පස්සෙ ආයෙත් ඔසප් වෙන්න පටන් ගත්තොත් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්.

03. පියයුරුවල සිදුවන වෙනස්වීම්

මුල් කාලෙදි පියයුරු පිළිකාවල ලක්ෂණ හඳුනගන්න ගොඩක් අමාරුයි. පියයුරු හා වසා ගැටිතිවල වේදනාවක් දැනෙන්න පටන් ගත්තොත් ඒ වෙනකොටත් තත්වය දරුණු වෙලා තියෙන්න පුලුවන්.

පියයුරු පිළිකා ලක්ෂණ මුල් කාලෙදිම හඳුනගන්න ඔයාටම ඔයාගෙ පියයුරු පරීක්ෂා කරන්න පුලුවන්. ඒ නිසා පියයුරුවල සිදුවන ඕනම වෙනස්කමක් ගැන අවධානයෙන් ඉන්න ඕන. පියයුරු රතු වීම, සම රැළි වීම හෝ පියයුරුවල ගැටිති සෑදීම වගේ ලක්ෂණ හඳුනාගන්න ලැබුණොත් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

02. අපද්‍රව්‍ය බැහැර කිරීම

ශරීරයේ ඇතිවන ආසාදන වගේ දේවල් වලට හේතු වන කරුණු ගොඩක් තියෙනවා. මේවට හොඳම දේ තමයි වෛද්‍යවරයෙක් හමුවෙන එක.

ශරීරයෙන් පිට කරන දේවල්වල කොළ පාටක් හෝ අධික ගන්ධයක් තියනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඔසප් වීමට සති දෙකකට විතර කලින් ලේ පිට වෙනවා නම් ඒක සාමාන්‍ය තත්වයක් කියලත් ඔයා දැනගෙන ඉන්න ඕන.

01. අධිකව ඔසප් වීම

මේකට විවිධ හේතු බලපානවා. පාරම්පරික තත්වයන්, දේශගුණික තත්වයන් හෝ වැඩියෙන් ව්‍යායාම කිරීමත් නිසා ඔසප් වීම වැඩියෙන් සිදු වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඉතා බරපතල ගර්භාෂ මයෝමා, එන්ඩොමෙට්‍රියෝසිස් වගේ රෝගී තත්වයක් නිසා වෙන්නත් පුලුවන්. කොහොම වුණත් ඔසප් කාලයේදී වැඩි රුධිර ප්‍රමාණයක් පිට වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. මොකද අධික ඔසප් වීම නිසා රක්තහීනතාවය ඇති වෙන්න ඉඩ තියනවා.

ඔසප් කාලය තුළ දින 7 කට වඩා වැඩියෙන් තද රතු පාටින් රුධිරය පිට වෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙන්න. නාරි වේද වෛද්‍යවරයෙක් හමු වෙන්න ලැජ්ජා වෙන්න එපා. සාමාන්‍යයෙන් අවුරුද්දකට එක් වරක් හෝ දෙවරක් නාරිවේද වෛද්‍යවරයෙක් හමුවෙලා ඔයාගෙ ගැටලු වලට ප්‍රතිකාර ලබාගන්න එක ගොඩක් වැදගත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *