අපේ තරුණ බවට හා සුන්දරත්වයට හානි සිදු කරන දේවල් 9 ක්

අපි කවුරුත් වයසට යනවා. ඒත් වයසට යන්න කලින් වයසක පෙනුමක් එන එකට නම් කවුරුවත් කැමති නෑ. තරුණ කාලෙදිම හම රැළි වෙලා, අඳුරු පාට නොවෙන්න අපි මොකවද කරන්න ඕන කියලා අපි සමහරවිට දන්නෙ නෑ. “Home sweet home” කියලා කිව්වට ගෙදර ඇතුළෙත් ඔයාව වයස්ගත වීමේ වේගය වැඩි කරවන දේවල් තියනවා. ඉතින් ඔයා ඉක්මනටම මේවා මොනවද කියලා හොයාගෙන ඒවට විසඳුම් ලබා දුන්නොත්, ඔයාගෙ තරුණ සිරුර හා සිනිඳු සම දිගු කාලයක් පවත්වගෙන යන්න ඔයාට පුලුවන් වෙයි.

ඔයාගෙ ශරීරයේ තරුණභාවයට හානිදායකයි කියලා ඔයා දන්නෙ නැති ප්‍රධාන ගෘහ භාණ්ඩ කිහිපයක් ගැන තමයි අද අපි ඔයාට කියලා දෙන්නේ.

‌09. මධ්‍යම උණුසුම හා වායු සමීකරණය

පිටත වාතය සිසිල් වෙන තරමට තෙතමනය රඳවා ගන්න පුලුවන්. ඇතුළත සීතල වුණාම වාතය රත් වුණත්, ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්නෙ නෑ. ගෙදර ඇතුළේ වාතය වියළී යන්නේ එහෙමයි. එතකොට අපේ සම හා ශ්ලේෂ්මල පටවලට පීඩාවක් ඇති වෙනවා. එමගින් අපේ මුහුණයි ශරීරයයි ගොඩක් සංවේදී වෙලා, කැසීම් හා සම ආශ්‍රිත ආසාදන තත්ව ඇති වෙන්න පුලුවන්. එවිට ඔයාගෙ සම අඳුරු වීම හා රැළි වැටීමට පටන් ගන්නවා.

මේකට හොඳම විසඳුම තමයි වායු ආර්ද්‍රතාකාරක භාවිතා කිරීම. ඒ වගේම මොයිස්චරයිසින් ක්‍රීම් භාවිතයට හුරුවෙන්න. හැම විටම ඔයත් එක්ක තාප ජල ඉසිනයක් තබා ගන්න.

08. සබන්

මිනිසුන් තමන්ගෙ ශරීරය සුමුදුව, පිරිසිදුව හා සුවඳවත්ව තබා ගැනීම ගැන ගොඩක් හිතනවා. ඒත් එදිනෙදා සම පිරිසිදු කිරීමේ නිෂ්පාදන මගින් සමේ ස්වාභාවික ආරක්ෂක පටලය හේදිලා ඉවත් වෙන්න පුලුවන්. මේ බාධකය බැක්ටීරියා වලින් අපව ආරක්ෂා කරනවා. ඒ වගේම තරුණ සම වයසට යන එකෙනුත් ආරක්ෂා කරනවා.

මේකට විසඳුමක් විදියට ඔයාගෙ සබන් හෝ ෂවර් ජෙල් වල අමුද්‍රව්‍ය ලේබල් නිතරම කියවන්න. ඒ විතරක් නෙවෙයි, දිනපතා ක්ලෙන්සර් කිරීමෙනුත් වළකින්න.

07. කොට්ට

ගොඩක් අය කපු හෝ හණ ලිනන් තෝරා ගන්නේ ඒවා මිල අඩු, ලිස්සා නොයන හා සේදීමට පහසු නිසායි. ඒත් මේ දේවල්වලින් හදපු කොට්ට, තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන අයට අහිතකර වෙන්න පුලුවන්. ඝනකම් කපු මගින් සම මත ඇති කරන තෙරපුම වැඩි නිසා එමගින් සමේ රැළි ඇතිවෙන්න ඉඩ තියනවා. ඒ වගේම, මේ ද්‍රව්‍ය බැක්ටීරියා වර්ධනය වීමට හොඳ පරිසරයක් හදනවා.

කපු වෙනුවට සිල්ක් කොට්ට උරවලට මාරු වෙන්න. සිල්ක්, කපුවලට වඩා මිලෙන් වැඩි වුණත් එයින් වාසි රැසක් ලබාගන්න පුලුවන්. එය කල් පවතිනවා වගේම සිනිඳු නිසා සමේ තෙරපීම් ඇති කරන්නෙත් නෑ. බැක්ටීරියා වර්ධනයත් වළක්වනවා.

06. පරිගණක සහ ස්මාර්ට්ෆෝන්

අපි හැමදෙනෙක්ම වගේ උදේ ඉඳන් රෑ වෙනකන්ම නිල් පැහැති තිර භාවිත කරනවා. ඒත් බෙල්ල පහළට නමාගෙන දුරකතනය පාවිච්චි කිරීමෙන් ඩබල් චින් ැති වෙන්න ඉඩ තියනවා. ඒ වගේම ස්ක්‍රීන් එකේ නිල් ආලෝකය හෙවත් අධි ශක්ති දෘශ්‍ය ආලෝකය, UVA හා UVB කිරණ තරම් හානිකර බවට පර්යේෂණවලින් තහවුරු වෙලා තියනවා.

ඔයා පරිගණකය ඉදිරිපිට ගත කරන කාලය අඩු කරන්නම බැරි නම් විශේෂ ප්‍රති-නිල් ආලෝක තිර ආරක්ෂකයෙකු (anti-blue light screen protector) භාවිත කරන්න. ඒ වගේම HEV ක්‍රීම් කියන ආරක්ෂිත ක්‍රීම් ආලේප කරන්නත් පුලුවන්.

05. ජනෙල් විවෘත කරන්න

වායු දූෂණය හා අකලට වයසට යාම අතර සම්බන්ධයක් තියන බව මෑතකදි විද්‍යාඥයන් හොයාගෙන තියනවා. ඒත් වායුගෝලීය දූෂණයට එකම හේතුව කාර්මීකරණය නෙවෙයි. විශාල නගරවල හෝ අධිවේගී මාර්ග අසල ජීවත් වීම වගේම අසල්වැසියන් දුම් පානය කිරීම වගේ ගොඩක් හේතු නිසා පරිසරය දූෂණය වෙනවා.

ඔයාගෙ ගෙදර හෝ සේවා ස්ථානය පරිසර දූෂණයට වෙලා තියන ප්‍රදේශයක් නම්, එහි ජනෙල් අරින්න එපා. ගෘහස්ථ වාතය පිරිසිදු කරන උපකරණයක් භාවිත කරන්න. එමගින් දූෂක අංශු ඉවත් කරලා ආර්ද්‍රතා මට්ටම පාලනය කිරීමටත් උදව් වෙනවා.

04. බ්‍රා

තරුණ කාලයට ගොඩක් ව්දගත් දෙයක් තමයි සෘජු පියයුරු යුගලක් කියන්නෙ. බ්‍රා එකක් මගින් ගුරුත්වාකර්ෂණයට එරෙහිව පියයුරු තබා ගැනීමට උදව් වෙනවා කියලා මතයක් තියනවා. ඒත් මේකට විද්‍යාත්මක පදනමක් නෑ. බ්‍රා මගින් පපුවේ මාංශ පේශි දුර්වල කරනවා කියලත් සමහරු කියනවා. ඒක නම් දැනට ඔප්පු වෙලාත් තියනවා. විශේෂඥයන් විශ්වාස කරන්නේ කාන්තාවන්ට විතරක් තියන විශාල ක්ෂීරපායී ග්‍රන්ථි වලට සුවපහසුවක් දැනීම සඳහා බ්‍රා එකක් අඳින්න ඕන කියලයි.

අවශ්‍ය නම් විතරක් බ්‍රා එකක් අඳින්න. නැත්නම් ඇඳීමෙන් වළකින්න.

03. සීනි

අපි කවුරුත් දන්න විදියට, සීනි මගින් අපේ සිරුරේ බර වැඩි කරනවා. වයසට කලින් වයසට යාම හා සමේ දැවිල්ල ඇති කරන්න සීනි හේතු වෙනවා කියලා අලුත්ම පරීක්ෂණ මගින් හෙළි වෙලා තියනවා. ඒ වගේම සීනි මගින් ජීවියෙකු තුළ, සුන්දර හා සුසිනිඳු සමක් ඇති කිරීමට උදව් වෙන කොලජන් හා ඉලාස්ටින් වලට පහර දෙන අණු නිපදවනවා.

පුලුවන් තරම් සීනි පරිභෝජනය කරන එක නවත්වන්න. ඒ වෙනුවට මී පැණි, ස්ටේවියා, මේපල් හෝ ටොපිනම්බර් සිරප් පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

02. සැකසූ මස් නිෂ්පාදන

සොසේජස් හා හැම්බර්ගර් වගේ මස් නිෂ්පාදනවල පොස්පරස් හා සල්ෆයිට් වැනි මේද හා විවිධ අතිරේක අඩංගු වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය සමේ තත්වයට අහිතකර ලෙස බලපානවා. එමගින් ශරීරයේ වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරනවා.

මේකට විසඳුමක් විදියට හැකිතාක් සැකසූ මස් අඩංගු ආහාර පරිභෝජනය අඩු කරන්න.

01. වැසිකිළි සේදීම

ගොඩක් අය දන්නෙ නැති දෙයක් තමයි, වැසිකිළි භාවිතයෙන් පසු හරියට ෆ්ලෂ් කරන ක්‍රම කිහිපයක් තියන බව. ඒත් වැසිකිළිය පිරිසිදුව තබා ගන්න ඕන කියලත්, හොඳින් අත් සෝදන්න ඕන කියලත් අපි හැමෝම දන්නවා. ඒත් හරියට ෆ්ලශ් කරන්නෙ කොහොමද කියලා නම් ගොඩදෙනෙක් දන්නෙ නෑ. වැසිකිළි බඳුනේ පියන ඇරලා තියෙද්දිම ෆ්ලෂ් කළොත් බැක්ටීරියා හා ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් වාතයට වගේම ඔයාගෙ හිසකෙස්, ඇඳුම් හා සම මතටත් එකතු වෙනවා.

ඒ නිසා ෆ්ලෂ් කරන්න කලින් වැසිකිළි බඳුනේ පියන පහතට දමන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *