අපේ ශරීරයට හිරු එළිය නොලැබුනොත් වෙන දේවල් 8 ක් මෙන්න

අපි හැමවිටම උත්සාහ කරන්නෙ හිරු එළියෙන් සැගවී ඉන්නයි. කුඩයක්, තොප්පියක් වගේම එළියට යන හැම වෙලාවෙම අපි සන්ස්ක්‍රීන් ආලේප කරන්නෙත් හිරු එළියෙන් අපට වෙන හානිය අඩු කරගන්නයි. ඇත්තටම, හිරු එළිය අපේ ශරීරයට ගොඩක් වැදගත් වෙනවා. ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියාවලටත හිරු එළියෙන් ලැබෙන සංඝටක හරිම ප්‍රයෝජනවත්. ජීවය පවතින්න නැතුවම බැරි දෙයක් තමයි හිරු එළිය කියන්නෙ. ඒත් අපේ සිරුරට හිරු එළිය ලැබෙන්නේ නැති වුණොත් වෙන දේ ගැන ඔයා මීට කලින් හිතලා තියනවාද?

අද මේ ලිපියෙන් අපි ඔයාට කියන්න යන්නේ හිරු එළිය අපේ ශරීරයට නොවැටෙන විට සිදු වෙන දේවල් 8 ක් ගැනයි. ඔය මේ ගැන කලින් දැනගෙන හිටියද කියලා කියවලාම බලන්නකෝ.

01. හෘද සෞඛ්‍යය අවදානමකට ලක්වීම

හිරු එළිය නොලැබුනොත් අපේ ශරීරයට විටමින් ඩී නිපදවීමට තියන හැකියාව නැති වෙලා යනවා. මේ විටමින් මගින් හෘද රෝගවලින් අපිව ආරක්ෂා කරන්න වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. හිරු එළියේ අඩංගු පාරජම්බුල කිරණ මගින් අපේ ශරීරයේ රුධිර පීඩනය පාලනය කරනවා. ඒ වගේම හිරු රශ්මිය නැති වුණොත් අපිව හෘද වාහිනී ආබාධවලට ගොදුරු වෙන්නත් ඉඩ තියනවා.

02. දරුවෙකු පිළිසිඳ ගැනීමේ අවස්ථාව අඩු වීම

හිරු එළිය නැති වුණොත් කාන්තාවන්ගේ ශරීරයේ මෙලටොනින් හෝමෝන මට්ටම වැඩි වීමට වෙනවා. මෙලටොනින් කියන්නෙ කාන්තා ඩිම්බවල සශ්‍රීකත්වය අඩු කරන හෝමෝනයක්. මේ නිසා දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව අවම වෙනවා. සාමාන්‍යයෙන් හිරු එළිය අඩුවෙන් ලැබෙන කාන්තාවන්ට, සූර්යයාට නිරාවරණය වන කාන්තාවන්ට වඩා කලින් ඔසප් වීම සිදු වෙනවා.

‌කාන්තාවන්ට විතරක් නෙවෙයි, පිරිමින්ටත් සූර්යාලෝකය නොමැතිකම නිසා ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. සූර්යාලෝකය නොලැබීම, පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටමට සෘජුවම බලපෑම් ඇති කරනවා.

03. ස්නායු ආබාධ ඇතිවීම.

ඕනම කෙනෙක්ට වයසට යනකොට මධ්‍යම ස්නායු පද්ධතියේ රෝගයක් වන බහු ස්ක්ලේරෝසිස් ඇතිවීමේ අවදානමක් තියනවා. ළමා කාලයේදී ඇත් තරම් හිරු එළියක් ලැබුනේ නැති වුණොත් මේ රෝගය ඇතිවෙන්න තියන ඉඩ ගොඩක් වැඩි බව විශ්වාස කෙරෙනෙවා.

04. සියලු වේදනා වැඩිපුර විඳීමට සිදුවීම

ඔයාගෙ ශරීරයේ තියන දැඩි වේදනාවන් සමනය කරන්න හිරු එළියට පුලුවන්. ඒ වගේම ශරීරයේ මාංශ පේශි උණුසුම් කිරීමට හා ආතරයිටිස් වගේ රෝගී තත්ව නිසා ඇතිවෙන වේදනාව අඩු කරන්නත් හිරු එළියට හැකියාව තියනවා.

05. අසතුටු හැඟීමක් දැනීම.

සූර්යාලෝකය නැති වුණොත් ඔයාගෙ ශරීරයේ සතුටට බලපාන සෙරොටොනින් හෝමෝන මට්ටම වෙනවා. ඒ කියන්නෙ නිතිපතා හිරු එළිය ලබා ගැනීම මගින් සතුටින් ඉන්න පුලුවන්.

06. ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීම

ශරීරයට අඩු හිරු එළියක් ලැබෙනකොට ශරීරයේ සුදු රුධිරාණු මට්ටම අඩු වෙනවා. එතකොට ඔයාව ඉක්මනින්ම ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒ වගේම සනීප වෙන්නත් විශාල කාලයක් ගත වෙනවා.

07. දත් වල කුහර ඇතිවීම

හිරු එළිය නොලැබීම අපේ දත් වලට පවා බලපානවා. සූර්යාලෝකය අඩුවෙන් ලබාගන්න අයට දත්වල කුහර ඇතිවීම වගේ ගැටළු ඇති වෙන්න පුලුවන්.

08. වැඩිපුර සීතල දැනීම

හිරු එළිය නොලැබෙන විට, ශරීරයට සෘතුමය බලපෑම් හා රෝග වගේම ආබාධ ගොඩක් ඇතිවෙන්න පුලුවන්. හිරු එළිය නොමැතිකම නිසා ඇතිවන මානසික අවපීඩනය තමයි මේකට ප්‍රධානම හේතුව විදියට සැලකෙන්නෙ.

මතක තියාගන්න. හිරු එළිය ඕනෑවට වඩා ලැබීමත් ශරීරයට එච්චර සුදුසු නෑ. පාරජම්බුල කිරණ මඟින් සමේ රෝග ඇති කරනවා. ඒ නිසා හැම දෙයක්ම වගේ හිරු එළියත් මධ්‍යස්ථව ලබා ගන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *