අව්වෙන් ඔබේ මේකප් දියවීම වැලැක්වීමට උපදෙස් 15 ක්

උණුසුම් කාලගුණය කියන්නෙ අපේ දිනපතා මේක් අප් එකට කොච්චර දරා ගැනීමේ හැකියාවක් තියනවද කියලා බලන්න පරීක්ෂණයක් වගේ. ගොඩක් මේක් අප් රස්නෙ කාලගුණයට ඔරොත්තු දෙන්නෙ නෑ. දාඩියත් එක්ක දිය වෙලා යනවා. ඒ නිසා අපි පාවිච්චි කරන මේක් අප් වර්ග තෝරා ගැනීමෙදි උෂ්ණත්වයට ඔරොත්තු දෙන නිෂ්පාදන තෝරගන්න අපි මතක තියාගන්න ඕන.

මේ නිසා රස්නෙ වැඩි කාලෙට මේක් අප් තෝරගද්දි හා වෙනත් රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරගද්දි අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන අපි හොයලා බැලුවා. ගිම්හාන මාසවල දී ආලේපන ආලේප කිරීම සඳහා අත්‍යවශ්‍ය උපදෙස් කිහිපයක් තමයි ඔයාට අපි අද කියන්න යන්නෙ.

01. නිවැරදි ක්‍රීම් තෝරා ගැනීම

මෝස්තර ශිල්පීන් සහ චර්ම රෝග විශේෂඥයින් නිර්දේශ කරන්නේ ගිම්හානය පුරාම තෙල් අඩංගු ක්‍රීම් භාවිතා කිරීමෙන් වළකින්න කියලයි.

02. ඔබේ මේකප් එක සඳහා බේස් එකක් නිර්මාණය කිරීම

ටෝනර් භාවිතා කරන්න කලින්, ඔයාගෙ සමට මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් ආලේප කරලා ප්‍රයිමර් ආලේප කරන්න. මෙමගින් උණුසුම් දවසක වුණත් ඔයාගෙ මේක් අප් එක වැඩි වෙලාවක් තියාගන්න පුලුවන්.

03. රූපලාවණ්‍ය ආලේපන ආලේප කිරීම

ඔයාගෙ ඇඟිලිවලින් රූපලාවණ්‍ය ආලේපන මුහුණට ආලේප කරන්න එපා. ඒ වෙනුවට ස්පොන්ජ් එකක් හෝ බ්‍රෂ් එකක් භාවිතා කරන්න. මෙහෙම කළොත් මේක් අප් තට්ටුව තුනී ලෙස ආලේප කරගන්න පුලුවන්. මේක ගිම්හාන කාලයේ රස්නෙ නිසා මේක් අප් දිය නොවී තියාගන්න හොඳ විසඳුමක්.

04. ක්ෂණික ටෑනර්ස් භාවිතා කිරීම

ක්ෂණික ටෑනර්ස් හා බ්‍රොන්සර් යන දෙකින්ම ඔයාගෙ ඇස් දීප්තිමත් කරලා පෙන්වනවා. ටෑනර්ස් වල බලපෑම වඩාත් නැවුම් හා ස්වාභාවික ලෙස පෙනෙන්නට නම්, ටෑන් කිරීමට අවශ්‍ය නළල, කම්මුල්, නිකට සහ නාසය ප්‍රදේශවලට ටෑනර්ස් ආලේප කරන්න.

05. මේක් අප් අඩුවෙන් භාවිතා කිරීම

ගොඩක් වෙලාවට, අපේ මේක් අප් රස්නෙ නිසා දිය වෙන්න ගන්නවා. ඒ නිසා, මේක් අප් පාවිච්චි කරනකොට අඩු ප්‍රමාණයක් ආලේප කරන එක තමයි හොඳම. ඒ නිසා ගිම්හාන කාලෙට මොයිස්චරයිසින් ක්‍රීම්, කන්සීලර් හා මස්කාරා පමණක් ආලේප කිරීම ප්‍රමාණවත්.

06. ෂීන් ආලේප කිරීම

නිරෝගී හා දිලිසෙන සම හැම විටම දකින්න ලස්සන පෙනුමක්. ඔයාගෙ සමට උණුසුම් කාලයේදී වඩාත් පැහැදිලිව පෙනෙන පෙනුමක් තියනවා නම් සමට අහිතකර දිලිසීමක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා සැහැල්ලු පාට ක්‍රීම් බේස් එකක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

07. සංතෘප්ත වර්ණ වළක්වා ගැනීම

ඔයාගෙ ගිම්හාන ආලේපන අතරට ගැඹුරු, සංතෘප්ත වර්ණ ඇතුළත් කරගන්න එපා. ඒවා මගින් ඔයාට රළු පෙනුමක් ලබා දෙනවා වගේම ඔබේ ඇසිපිය වැඩියෙන් පෙනෙන්නට සැලැස්වීමෙන් ඔයාගෙ පෙනුමට හානි කරනවා. ඒ වෙනුවට පැස්ටල් සහ ලා පැහැයෙන් යුත් මේක් අප් පාවිච්චි කරන එක සුදුසුයි.

08. පරිපූර්ණ අයි ෂැඩෝ තෝරා ගැනීම

ගිම්හාන තාපය මගින් ක්‍රීම් බේස් අයි ෂැඩෝ ඔයාගෙ ඇහිබැමි පුරා කුඩා ගැටිති බවට පත් කරනවා. මෙමගින් ඔයාගෙ මුහුණට අපිරිසිදු පෙනුමක් ලබා දෙනවා. මෙ ප්‍රශ්නය ඇති නොවෙන්න නම්, දියර අයි ෂැඩෝ එකක් භාවිතා කිරීමට උත්සාහ කරන්න. එවැනි ෂැඩෝ පාවිච්චි කරන්න ලේසියි වගේම මුළු මුහුණ පුරා ඒකාකාරව ආලේප කරන්නත් පුලුවන්. ඒවා ඉක්මනින් සමට අවශෝෂණය වන අතර ඔබේ මුහුණ මත දුම් හෝ දියවීමකින් තොරව දිගු කාලයක් රැඳී සිටින්න.

09. රළු ආලේපන භාවිතා කිරීම

උණුසුම් කාලගුණය තුළ, වියළි රළු ආලේපන දහඩිය එක්ක එකතු වෙලා අපිරිසිදු පැල්ලම් ඇතිවීමට හේතු වෙනවා. ඔයාගෙ මුහුණට නිරෝගී දිලිසීමක් ලබා දෙන්න අවශ්‍ය නම්, දියර ආලේපන තෝරන්න. අධික ග්ලොස් ආචරණය වළක්වා ගැනීමට හා සමට හුස්ම ගැනීමට පුලුවන් වෙන විදියට ඒවා ඉතා තුනී ස්ථරයක් ආලේප කරන්න.

10. නිවැරදි පවුඩර් එකක් තෝරා ගැනීම

උණුසුම්, අව්ව සහිත දිනවල ප්‍රෙස් පවුඩර් භාවිතා කිරීම සුදුසු නෑ. සෘජු හිරු එළිය හා දහඩිය එක්ක එකතු වෙලා ඒවා අපිරිසිදු පෙනුමක් තියන කබොලක් බවට පත් වෙනවා. මේ ගැටළුව වළක්වා ගැනීම සඳහා, ලූස් පවුඩර් භාවිතා කරන්න. එමගින් ඔයාගෙ මේක් අප් එක පැය ගණනක් වුණත් වෙනස් නොවී තියාගන්න පුලුවන්.

11. කල් පවතින මස්කාරා තෝරා ගැනීම

ස්නානය කරන කාලය පුරාම ජලයට ඔරොත්තු දෙන මස්කාරා අත්‍යවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගිම්හාන වැසි කාලයටත් මේ කල් පවතින මස්කාරා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

12. සුදුසු අයි බ්‍රෝ පැන්සලක් තෝරා ගැනීම

උණුසුම් කාලගුණය තුළ වැක්ස් සහිත අයි බ්‍රෝ පැන්සල් පාවිච්චි කරන්න එපා. ටික වෙලාවක් අව්වේ හිටියත් වැක්ස් අයි බ්‍රෝ දිය වෙලා යන්න ඉඩ තියනවා.

13. නිවැරදිව ලිප්ස්ටික් ආලේප කිරීම

දිගු කල් පවතින ලිප්ස්ටික් පාවිච්චි කරන්න එපා. ගිම්හාන කාලයේදී, ඒවා ඔයාගෙ තොල් මත තද බලපෑමක් ඇති කරනවා. ඒ වෙනුවට ලිප් ග්ලොස් යොදාගන්න. එවැනි මේක් අප් අලුත් කරන්නත් පහසුයි වගේම එමගින් ඔයාගෙ සමට හොඳ පෝෂණයකුත් ලබා දෙනවා.

14. විවිධ වර්ණ අත්හදා බැලීම

ගිම්හානය කියන්නෙ ඔයාට මේක් අප් අත්හදා බලන්න සුදුසුම කාලයයි. දීප්තිමත් හා දීප්තිමත් වර්ණ භාවිතා කිරීමෙන් ඔයාගෙ මුහුණට නව දීප්තියක් ලබා ගන්න පුලුවන්. ඔයා උදාසීන වර්ණ වලට කැමති නම්, ඒවා තව ටිකක් තදට යොදන්න.

15. මැට් ටිශූ භාවිතා කිරීම

ග්‍රීෂ්ම සෘතුවේ දී, හැම විටම මැට් ටිශූ ලඟ තියාගන්න. මේක් අප් එක ඉක්මනින් නිවැරදි කිරීමට, මුහුණේ තෙල් ගතිය ඉවත් කිරීමට හා මුහුණෙන් දහඩිය ඉවත් කිරීමට ඒවා ඔයාට ලොකු උදව්වක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *