ආමාශයෙන් පැමිණෙන කටේ ගද ඉවත් කිරීමට ක්‍රම 9 ක්

ලොව පුරා මිලියන අසූවකට වැඩි ජනතාවක් කටේ දුගඳ නිසා පීඩා විඳිනවා. කටේ ගඳ නිසා පිරිසක් ඉදිරියේ ගොඩක් අපහසුතාවයට පත් වෙන්න ඉඩ තියනවා. මේක හරිම අප්‍රසන්න සිදුවීමක් වුණත් සරල මෙයට පිළියමක් යෙදීමෙන් එය වළක්වා ගන්න පුලුවන්. අපි ගන්න ආහාර වල පොඩි වෙනස්කම් ටිකක් කිරීමෙන් හෝ අපේ සාමාන්‍ය දෛනික පුරුදු වෙනස් කර ගැනීමෙන් කටේ ගඳ ඇති වීම පාලනය කරන්න හැකි වෙනවා.

කටේ ගඳ නැති කරලා බය නැතුව ලස්සනට හිනා වෙන්න කැමති අයට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි. දැන් අපි බලමු කටේ ගඳ පාලනය කරන්න අපිට කරන්න තියෙන්නෙ මොනවද කියලා.

01. කැරට්, සැල්දිරි දණ්ඩක් හෝ ඇපල් ආහාරයට ගන්න.

ඇපල් හා කැරට් මගින් ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා. ඒවා මගින් ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගන්නත් උදව් වෙනවා. මේ ආහාර ගන්නවා නම් ඔයාගෙ ආමාශයේ තවදුරටත් ගෑස් සෑදීමක් සිදු වෙන්නෙ නෑ. එතකොට කටෙන් ගඳක් පිටවෙන්නෙත් නෑ. ඒ වගේම, නැවුම් පලතුරු සහ එළවළු මගින් කටේ ලවණ නිපදවීම වැඩි දියුණු කරනවා. එමඟින් දත්, දිව සහ විදුරුමස් වලින් දුගඳක් හැමීමට හේතු වන බැක්ටීරියා සෝදා ඉවත් කරනවා.

හිස් බඩක් මගිනුත් කටේ ගඳ ඇති වෙනවා. ඒ නිසා, බඩ පුරවා ගැනීමටත්, කටේ දුගඳ වළක්වා ගැනීමටත් හොඳම ක්‍රමය තමයි පලතුරු හා එළවළු ආහාරයට ගැනීම කියන්නෙ.

02. එළවළු ආහාරයට ගන්න.

ඇසිඩ් පරාවර්තනය හෝ සමහර ආහාර ජීර්ණ ආබාධවල රෝග ලක්ෂණයක් ලෙසත් කටේ ගඳ ඇති වෙන්න පුලුවන්. එළවළු ආහාරයට ගැනීමෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. එතකොට මේ වගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නෙ නෑ.

කිළ පාට එළවළු වල හරිතප‍්‍රද බහුලව අඩංගු වෙනවා. ශාක ප්‍රභාසංස්ලේෂණය සඳහා හිරු එළියෙන් ශක්තිය අවශෝෂණය කර ගනී. මේ ක්ලෝරෝෆිල් කියන්නෙ ස්වාභාවිකවම කට පිරිසිදු කරන ද්‍රව්‍යයක් නිසා කටේ ගඳ ඇති වීම වළක්වනවා.

03. කෑම පිඟාන සරසන දේවල් කෑම කාලා ඉවරවෙනකන් තියාගන්න.

මින්ට් වගේ ආහාර සරසන්න පාවිච්චි කරන දේවල් වලින් ආහාර අජීර්ණය ඇතිවීම වළක්වනවා. එමඟින් මුඛයේ දුර්ගන්ධය නැති කරනවා. ඒ වගේම, මින්ට්, පාස්ලි, සහ කොත්තමල්ලි වගේ කොළ වර්ග මගින් කටේ ගඳ නැති කරලා හුස්ම පිරිසිදු කරනවා.

ඉතින්, කෑම කාලා ඉවර වෙනකන් කෑම එක සරසන්න භාවිතා කරලා තිබුණු මිංචි වගේ කොළ කැබැලි ටිකක් ඉතුරු කරගන්න. ඔයා කාපු කෑමවලින් කටේ ගඳ ඇති කිරීම වැළැක්වීමට, ආහාර අරගෙන ඉවර වුණාම ඉතුරු කරගත් මිංචි කොළයක් හපන්න.

04. යෝගට් කන්න. හැබැයි සීනිවලින් ඈත් වෙන්න.

යෝගට් වල අඩංගු හොඳ බැක්ටීරියා ආහාර ජීර්ණයට උපකාරී වෙනවා. එමගින් ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගන්නා අතර කටේ ගඳ ඇති වීමේ අවදානම අඩු කරනවා.

මුඛයේ සල්ෆයිට් සංයෝග එකතු වීම මගිනුත් කටේ ගඳ ඇති වෙනවා. ප්‍රෝබියොටික් වල අඩංගු හොඳ බැක්ටීරියා, මගින් මුඛයේ ඇති සල්ෆයිට් සංයෝග මට්ටම අඩු කරනවා. හැබැයි, යෝගට් මිලදී ගැනීමේදී, සීනි එකතු කළ යෝගට් තෝරගන්න එපා.

05. චෙරි ආහාරයට ගන්න.

කටේ ගඳට තවත් ප්‍රධාන හේතුවක් තමයි, කුණු වූ-ගෝවා සුදඳක් තියන සංයෝගයක් වන මෙතේනෙතියෝල් කියන්නෙ. චෙරි ආහාරයට ගැනීමෙන් මේ තත්වය වළක්වාගන්න පුලුවන්. ඒ වගේම සලාද කොළත් හොඳයි.

06. ග්‍රීන් ටී කෝප්පයක් බොන්න.

ග්‍රීන් ටී බිව්වම සෞඛ්‍යමය වාසි ගොඩාක් ලැබෙනවා කියල ඔයා දැනටමත් දන්නවා. ඒවාට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමේ හැකියාවත් තියනවා. ග්‍රීන්ටී මගින් ශරීරයේ දුගඳ අඩු කරනවා. ඒ වගේම ග්‍රීන් ටී වල ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන කැටෙචින් අඩංගු වන අතර එය මුඛයේ ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

07. පැඟිරි පලතුරු වැඩිපුර කන්න.

පැඟිරි ගෙඩි වල තියන සිට්රික් අම්ලය මගින් කටේ හා ආහාර ජීර්ණ පද්ධතියේ බැක්ටීරියා වර්ධනයට බාධා ඇති කරනවා. පැඟිරි මගින් කටේ ගඳ ඇති කරන බැක්ටීරියා විනාශ වෙන නිසා නරක හුස්ම ඇතිවෙන්නෙත් නෑ.

08. ඉඟුරු ලෙමන් තේ බොන්න.

ඉඟුරු ඔයාගෙ ආහාර වේලට එකතු කිරීමෙන් බඩේ අමාරුවකට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒ වගේම කටේ ගඳ නැති කරන්නත් ඉඟුරු උදව් වෙනවා. ඔයා තේ බොන්න කැමති නැත්නම් මේ පානයෙන් කට සෝදන්න. ඉඟුරු මගින් ගඳ නැති කරන අතර ලෙමන් වල තියන සිට්‍රික් අම්ලය බැක්ටීරියා වර්ධනය වීමට බාධා කරනවා.

09. බියර් වෙනුවට වතුර බොන්න.

හැමවිටම කට ඇතුළ තෙත්ව තබා ගැනීමෙන් කටේ ඉතිරි වුණු ආහාර කොටස් සහ මැරුණු සෛල ඉවත් වෙනවා. එමගින් මුඛයේ බැක්ටීරියා වර්ධනය වැළැක්වීමට උපකාරී වෙනවා. ඒ වගේම, තවත් බොහෝ පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා පානීය ජලය අත්‍යවශ්‍යයි. ඉතින් නිතරම වතුර බොන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *