ඇගේ බර නිසා සිදු නොවන බඩට ඇතිවන ව්‍යාකූල වර්ග 5 ක්

සමහර අයට තියන ප්‍රශ්නයක් තමයි තරබාරුකම නැතත්, බඩ ඉදිරියට නෙරා ඒම කියන්නෙ. ඉතින් ඇඟේ හැඩය ගැන හිතන හැමෝටම වැදගත් වෙන ලිපියක් තමයි අද අපි අරගෙන ආවෙ. බඩේ මේදය එකතු වීම නිසා තමයි බඩ ඉස්සරහට එන්න පටන් ගන්නෙ. මේක ක්‍රම කිහිපයකට සිදුවෙන්න පුලුවන්. අපේ සමහර වැරදි ආහාර පුරුදු වගේම ව්‍යායාම වැරදියට කිරීමෙනුත් මේ විදිහට බඩ එනවා.

හැමෝටම කරදරයක් බවට පත් වෙලා තියන බඩේ මේදය අඩු කරගෙන ලස්සන ශරීර හැඩයක් පවත්වාගන්නෙ කොහොමද කියලයි අද අපි කතා කරන්නෙ.

01. බඩේ ටයර්

කැපී පෙනෙන ලක්ෂණය:

  • බඩ වැඩිවී ටයර්වලට බෙදීම

හේතු:

  • උදාසීන ජීවන රටාව
  • අධික ලෙස මත්පැන් පානය කිරීම
  • ආහාර වේලෙහි සීනි සහ පිරිපහදු කළ කාබන් (කුකීස්, කේක් සහ සුදු පාන්) හෝ පිෂ්ටමය කාබන් (පැස්ටා සහ සහල්) අඩංගු වීම

එයින් මිදෙන්නේ කොහොමද:

  • මත්පැන් පානය අඩු කරන්න.
  • අඩු මේද ආහාර ගැනීමෙන් වළකින්න. බිත්තර, මස් සහ එළවළු වගේම අලිගැට පේර, නට්ස් වර්ග සහ මේද මාළු වගේ හොඳ මේද ආහාර ගන්න.
  • ව්‍යායාම සඳහා කාලය සොයා ගන්න. ජිම් එකට යන්නම ඕන නෑ. ගෙදරදී කරන සරල ව්‍යායාම කිහිපයක් ප්‍රමාණවත්.

විශේෂ උපදෙස්:

  • ශාරීරික ව්‍යායාම සහ නිසි ආහාර ගැනීම ප්‍රමාණවත්. මේ දෙකම ඔයාගෙ බඩ ප්‍රමාණයෙන් අඩු කිරීමට උදව් වෙනවා.
02. බඩෙහි ආතතිය

කැපී පෙනෙන ලක්ෂණය:

මේදය බුරිය වටා එකතු වී ඇති අතර බඩ ඝන වන අතර ලිහිල් නොවේ.

හේතු:

  • නිදන්ගත ආතතිය
  • ආහාර වේල් අතපසු කිරීම
  • කෝපි ගොඩක් පානය කිරීම
  • බඩවැල් සින්ඩ්‍රෝමය
  • සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර (ලුණු දැමූ ඇට වර්ග, අර්තාපල් චිප්ස් ආදිය).

එයින් මිදෙන්නේ කොහොමද:

  • වේලාසනින් නින්දට යන්න.
  • නින්දට පෙර විවේක ගන්න. හුස්ම ගැනීමේ ව්‍යායාම, දිගු වෙලාවක් ස්නානය හෝ භාවනා කිරීම වගේ උපක්‍රම භාවිතා කරන්න.
  • රාත්‍රී කෝපි පරිභෝජනය සීමා කරන්න (දවසට කෝප්ප 2 කට වඩා පානය නොකරන්න).
  • ඕනෑවට වඩා ව්‍යායාම කිරීමෙන් වළකින්න. යෝගා කරන්න. දිගු දුරක් ඇවිදින්න.
  • ආහාර වේලට මැග්නීසියම් ඇතුළත් ආහාර එකතු කරගන්න. මැග්නීසියම් කියන්නෙ තද කොළ එළවළු, නට්ස් වර්ග සහ තිරිඟු නිවුඩ්ඩ වල අඩංගු “ලිහිල්” ඛනිජයකි.

විශේෂ උපදෙස්:

යෝගා සහ දිගු කිරීම වගේ සැහැල්ලු ව්‍යායාම කරන්න. නින්දට යාමට පෙර චමමයිල් තේ ටිකක් බොන්න. එමගින් ශරීරයේ කෝටිසෝල් මට්ටම අඩු කරලා ඔයාගෙ ශරීරය සන්සුන් කිරීමට උපකාරී වෙනවා.

03. බඩ පහත් වීම

කැපී පෙනෙන ලක්ෂණය:

  • ඇඟ සිහින් වුණාට යටි බඩ ටිකක් ඉදිරියට නෙරා තිබීම.

හේතු:

  • ලඟදී දරුවෙක් ප්‍රසූත කර සිටීම
  • ජිම් එකේදි ඒකාකාරී හා අධික ලෙස ව්‍යායාම කිරීම.
  • ආහාර වෙනස් නොකිරීම

එයින් මිදෙන්නේ කොහොමද:

  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ කෙඳි සහිත ආහාර ගොඩක් ආහාරයට ගන්න. කොළ පාට එළවළු, ධාන්‍ය සහ වෙනත් තන්තු ප්‍රභවයන් වැඩිපුර කන්න.
  • ස්කොට්ස් ව්‍යායාම හරියට කරන්න. ඒවා වැරදියට කිරීමෙන්, ඔයාගෙ පහළ පිටුපසට අධික වෙහෙසක් දැනීම, කොඳු ඇට පෙළ ඇද වීම සහ බඩ වඩාත් කැපී පෙනීමට පටන් ගන්නවා.
  • සමබරව ව්‍යායාම කරන්න. ශරීරයේ කිසිම කොටසක් ඕනෑවට වඩා වෙහෙසවන්න එපා.

විශේෂ උපදෙස්:

  • වැඩිපුර ජලය පානය කරන්න. පහසුවෙන් ජීර්ණය කළ හැකි ආහාර (කොළ පාට එළවළු) සහ සැහැල්ලු ප්‍රෝටීන සහිත ආහාර (මාළු හා කුකුල් මස්) තෝරා ගන්න
04. අම්මගේ වගේ බඩ

කැපී පෙනෙන ලක්ෂණය:

  • දරු ප්‍රසූතියෙන් පසුවත් ඔයා තවමත් ගැබ්ගෙන ඇති ආකාරයටම බඩක් පෙනෙන්නට තිබීම.

හේතු:

  • දරුවා බිහි කිරීමෙන් පසුව ගර්භාෂය පහත් වෙනවා. කලින් තිබුණු ප්‍රමාණයට බඩ හදාගන්න නම් අඩුම තරමේ සති 6 ක්වත් ගත වෙනවා.
  • ව්‍යායාම කරනවා නම් දරු ප්‍රසූතියෙන් පසු මාස ​​2-3 ක කාලයක් යනතුරු ව්‍යායාම පටන් ගන්න එපා. මොකද ප්‍රසූතිය නිසා ඔයාගෙ ශ්‍රෝණි ප්‍රදේශයේ මාංශ පේශි දුර්වල වෙලයි තියෙන්නෙ.

එයින් මිදෙන්නේ කොහොමද:

  • ආහාර වේලට මාළු තෙල් ඇතුළත් කරගන්න.
  • හැමදාම සෞඛ්‍ය සම්පන්න මේද පරිභෝජනය කරන්න. උදා; ඇට වර්ග, එළවළු තෙල් සහ ඔලිව් තෙල්.
  • කෙගල් ව්‍යායාම කිරීමට පටන් ගන්න. ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි 15-20 වාරයක් වෙහෙසට පත් කර ලිහිල් කරන්න. මේ ව්‍යායාමය දවසට 5 වතාවක් නැවත කරන්න.
  • බඩට සරල ව්‍යායාමයක් කරන්න. එමඟින් ඔයාගෙ මාංශ පේශි අධික ලෙස වෙහෙසට පත් වෙන්නෙ නෑ.
  • ස්කොට්ස් සහ ක්‍රන්ච් ව්‍යායාම කරන එක නවත්තන්න.

විශේෂ උපදෙස්:

දවල්ට නිදාගන්න. දිගු කිරීමේ ව්‍යායාම කරන්න. ජනේල රෙදි වසා දවල්ට නිදාගැනීම පහසු කරගන්න. මොකද නින්දේ හෝමෝන මගින් මේදය දහනය වැඩිකරන්න උදව් වෙනවා.

05. දවල්ට වැඩිවෙන බඩ

කැපී පෙනෙන ලක්ෂණය:

  • උදේට බඩ පැතලිව තිබුණත් දවල් වෙනකොට බඩ පේන්න ගැනීම.

හේතු:

  • ආහාර ආසාත්මිකතා.
  • බඩවැල්වල ක්‍රියාකාරිත්වය අඩු වීම
  • බඩවැල් වල අසමතුලිතතාවය

එයින් මිදෙන්නේ කොහොමද:

  • පාන්, පැස්ටා, රසකැවිලි, ඇල්කොහොල්, කේක්, බියර්, චීස්, කිරි, බටර් වගේ ශරීරයට නොගැලපෙන ආහාර බැහැර කරන්න. නැවුම් එළවළු, මස්, කුකුල් මස් සහ මාළු ආහාරයට ගන්න.
  • සති 2 ක් පාන් සහ පේස්ට්‍රි ආහාරයට නොගෙන ඉන්න.
  • උදේ ආහාරය මඟ හරින්න එපා. ඒ වගේම රෑට කන්නත් එපා. ආහාර හොඳින් හපන්න. වතුර ගොඩක් බොන්න.

විශේෂ උපදෙස්:

  • හුස්ම ගැනීමේ ව්‍යායාම කරන්න. හැමදාම උදේට මේ ව්‍යායාම කරන්න: උඩුබැලි අතට වැතිරෙන්න. සම්පූර්ණයෙන්ම විවේක ගන්න. ගැඹුරින් 10 වතාවක් හුස්ම ගන්න. ආහාර ගැනීමෙන් පසු ඇවිදින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *