ඇඟට හොඳ නැහැ කියල බොරු චෝදනා ලබපු ආහාර 7 ක්

අද වෙනකොට ඕනම කෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි “පෝෂණය” කියන්නෙ. ඒ නිසා අපේ ශරීරයට හොඳ සහ අපට හානි කළ හැකි ආහාර මොනවාද කියලා දැන ගන්න අපි හැමෝම උනන්දු වෙනවා. ඒත් සමහර විට විද්‍යාඥයින් පවා ඒවා වැරදියට තේරුම් අරගෙන මාස හෝ අවුරුදු ගණනාවකට පසුව පරීක්ෂණවලින් ඇත්ත හෙළිකරගෙන තියනවා.

ඒ වගේ විද්‍යාත්මක අත්වැරදීම් කිහිපයක් නිවැරදි කරලා සමහර කෑමවර්ගවලට තියන බය නැති කරන්න අපි හිතුවා. ඒ විතරක් නෙවෙයි, චොකලට් ඇත්තටම ඔයාගෙ සෞඛ්‍යයට අහිතකරයිද කියලා දැනගන්න නම්, ලිපියේ අන්තිම වෙනකන් කියවන්න අමතක කරන්න එපා.

7. ලුණු

මීට ටික කාලෙකට කලින් මිනිස්සු ලුණු කියන්නෙ ඇත්තටම නරක දෙයක් කියලා විශ්වාස කලා. මොකද ලුණු මගින් අධි රුධිර පීඩනය, හෘද හා වකුගඩු ආබාධ වගේ රෝග ඇති වෙනවා කියලා ඔවුන් දැනගෙන හිටියා. ඒත් 2000 ගණන්වලදී කරපු අධ්‍යයනවලින් හෙළි වුණේ, ලුණු කන එක අඩු කිරීම හා අධි රුධිර පීඩනය හෝ හෘද රෝග අතර සෘජු සම්බන්ධයක් නෑ කියලයි. ඒ වගේම, අපි සෝඩියම් පරිභෝජනය නතර කරනකොට, ශරීරයෙන් අපේ රුධිර පීඩනය වැඩි කරන හෝමෝන හා එන්සයිම නිකුත් කරනවා.

06. බිත්තර

ඉස්සර තිබුණු තවත් මතයක් තමයි බිත්තර මගින් කොලෙස්ටරෝල්, ධමනි අවහිර කිරීම, හෘදයාබාධ හා දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන බව.

ඒත් මෑතකදි කරපු පරීක්ෂණවලින් විද්‍යාඥයන් මේ වැරැද්ද නිවැරදි කලා. ඇත්තටම කොලෙස්ටරෝල් වර්ග 2 ක් තියනවා. බිත්තරවල අඩංගු වෙන්නෙ හොඳ කොලෙස්ටරෝල් වර්ගයයි. මීට අමතරව, බිත්තර්වල යකඩ හා ප්‍රෝටීන් බහුලයි. ඒ විතරක් නෙවෙයි, බිත්තරවල ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා ඇස් ආශ්‍රිත රෝගවලින් ඔයාව ආරක්ෂා කරනවා.

05. පොප්කෝන්

වසර ගණනාවක් තිස්සේ, ෆිල්ම් බලනකොට අපේ රසවින්දනයට උදව් වෙන මේ රසවත් කෑම වර්ගයත් ඇඟට හොඳ නෑ කියලා නේද ඔයත් හිතාගෙන හිටියෙ?

කොහොම වුණත් පලතුරු හා එළවළු වලට වඩා ප්‍රතිඔක්සිකාරක, පොප්කෝන්වල අඩංගු බව හොයාගෙන තියනවා. පොප්කෝන්වල අඩංගු පොලිපෙනෝල් මගින් හෘද රෝග හා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම පොප්කෝන් කියන්නෙ ඉතා අඩු කැලරි ප්‍රමාණයක් තියන සම්පූර්ණ ධාන්‍යමය ආහාරයක්. ඒත් එහි කිසිම කෘතිම රසකාරක වර්ගයක් අඩංගු නොවීමට නම් ගෙදරම හදාගත් පොප්කෝන් ආහාරයට ගන්න.

04. සම්පූර්ණ කිරි

අපි පරිභෝජනය කරන මේද ප්‍රමාණය අඩු කිරීමට නම් මේදය අඩු කිරි බොන්න ඕන කියලා මිනිස්සු ඒ කාලෙ විශ්වාස කලා.

කොහොම වුණත්, මෑත අධ්‍යයන වලින් පෙනුණේ කිරිවල තියන මේදය මගින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් ලැබෙන බවයි. ඒ වගේම සමහර පිළිකා වලට වඩාත් හොඳින් ඔරොත්තු දීමට ශරීරයට උදව් කරනවා. ඊට අමතරව, සම්පූර්ණ කිරි, ඔයාට සිහින්ව සිටීමට හා දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වෙනවා.

03. කෝපි

ඒ කාලෙ හැමෝම හිතාගෙන හිටියෙ කැෆේන් අඩංගු පානවර්ග මගින් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ස්නායු පද්ධතියට හානි කිරීම වගේ අහිතකර ප්‍රතිඵල ලබා දෙනවා කියලයි.

ඒත් මෑතකදි කරපු පරීක්ෂණවලින් පෙන්නුම් කරන්නෙ කෝපි පානය කිරීම මගින් හෘද රෝග හා අකල් මරණ සිදුවීමේ අවදානම අඩු කරන බවයි. ඒ වගේම කෝපි පානය කරන අයට අක්මා සිරෝසිස්, දෙවන වර්ගයේ දියවැඩියාව, පාකින්සන් හා ඇල්සයිමර් වගේ ස්නායු රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩු බවත් හොයාගෙන තියනවා.

02. සුදු සහල්

සුදු සහල් කියන්නෙත් අපේ ඇඟට අගුණ ආහාරයක් නෙවෙයි. එය පහසුවෙන් ජීර්ණය වෙනවා. ශරීරයේ විෂ අවශෝෂණය කරගන්නත් සුදු සහල් උදව් වෙනවා. ඒ නිසා ඔයාට බඩේ කැක්කුමක් හැදුණොත්, දවස් කිහිපයක් සුදු බත් කන්න පුලුවන් නම් හොඳයි. සුදු සහල්වල ග්ලූටන් අඩංගු නෑ. එමගින් නිදන්ගත ආහාර ජීර්ණ ගැටළු වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම දුඹුරු සහල් වලට වඩා සුදු සහල්වල ආසනික් අඩුවෙන් අඩංගු බවත් ඔප්පු වෙලා තියනවා.

01. පීසා

මේ කතාවත් පොප්කෝන් වලට සමානයි. ඔයා ගෙදරදිම පීසා හදාගන්නවා පීසා කියන්නෙත් හොඳම කෑමක්. ඇත්තටම පීසා කියන්නෙ විවිධ පෝෂ්‍ය පදාර්ථවල එකතුවක්.තිරිඟු පිටිවලින් පිටි මෝලිය හදාගන්නවා නම් තවත් ගුණ‍යි. ඒ වගේම පීසා වලට එකතු කරන එළවළු වර්ග හා ඖෂධ පැළෑටි මගිනුත් පීසා එකේ ගුණය තවත් වැඩි කරනවා.

වැදගත්;

ඇත්තටම චොකලට් කියන්නෙ අපේ සෞඛ්‍යයට හතුරෙක්ද ?

  • හොඳ චොකලට් මගින් ඔයාගෙ සෞඛ්‍යය තරමක් වැඩි දියුණු කරන්න පුලුවන් බව පර්යේෂකයන් කියනවා. ඩාර්ක් චොකලට් හා කොකෝවා 70% ට නොඅඩු චොකලට් ඇඟට අහිතකර නෑ. ඒවායින් ලැබෙන ප්‍රයෝජන කිහිපයක් මෙන්න.
  • ඔයාගෙ ධමනි වල නම්‍යතාවය පාලනය කරනවා. එමගින් ඔයාගෙ රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා. නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතරම වැඩිහිටියන්ගේ මොළය ක්‍රියාශීලීව තියන්නත් උදව් වෙනවා.
  • ඩාක් චොකලට් දියවැඩියාව වැළැක්වීමට උපකාරී වෙනවා කියලා අධ්‍යයනයකින් හෙළි වෙලා තියනවා.
  • මේ පෝෂණ තොරතුරු ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. එමගින් ඔයාට කැමති ආහාර බය නැතුව ආහාරයට ගන්න පුලුවන්. ඒත් මේ උපදෙස් හා තොරතුරු සාමාන්‍යයෙන් යහපත් සෞඛ්‍ය තත්වයක් තියන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක වෙන බව මතක තියා ගන්න. ඔයාට මොකක් හරි රෝගී තත්වයක් තියනවා නම් මේ ආහාර පරිභෝජනය කරන්න කලින් වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *