ඇඟේ හැඩය ලස්සනට තියාගන්න පහසු ක්‍රම 12 ක්

ශරීරයේ හැඩය ගැන ගොඩක් හිතන හැමෝටම මෙන්න හොඳ ආරංචියක්. බර වැඩි වෙන එක ගැන දුක් වෙවී හිටපු කාලෙ ඉවරයි. දැන් ඔයාට කරන්න තියෙන්නෙ අපි දෙන උපදෙස් ටික හරියටම පිළිපදින එක විතරයි. අමතර බරින් මිදීමට නම් ඔයාගෙ සමහර පුරුදු අතහැරලා ඒ වෙනුවට හිතකර පුරුදු කිහිපයකට හුරු වෙන්න ඕන.

සති 4 ක් වගේ කෙටි කාලයක් තුළදී ඔයාගෙ ශරීරයට වඩාත් හොඳ පෙනුමක් ලබා දීම සඳහා කරන්න ඕන මොනවද කියලා තමයි අද අපි ඔයාට කියන්න යන්නේ. මේ දේවල් කරන්න පොඩි කැප කිරීමක් කරන්න සිදුවුණත් ලැබෙන ප්‍රතිඵල මගින් ඔයාගෙ පෙනුම වගේම ආකල්ප හොඳ පැත්තට හැරෙනවා.

01. ටින් එළවළු වෙනුවට ශීත කළ ඒවා භාවිත කරන්න.

ටින් එළවළු වලට එකතු කරන අතිරේක සීනි හා අනෙකුත් කල් තබා ගන්නා ද්‍රව්‍ය නිසා ඒවායේ අඩංගු විටමින් වැඩි ප්‍රමාණයක් ඉවත් කරනවා. ඒත් ශීත කළ එළවළු, ඒවායේ අඩංගු සියලුම සෞඛ්‍ය සම්පන්න මූලද්‍රව්‍ය රඳවා ගන්නවා වගේම වෙනත් කල්තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු වෙන්නෙත් නෑ.

02. රසකැවිලි වෙනුවට කැන්ඩිඩ් පළතුරු සහ ඇට වර්ග

නැවුම් පලතුරු, වියළි පලතුරු සහ ඇට වර්ග වෙනුවට කේක් හා කැන්ඩි ආහාරයට ගන්න. මේ විදියට මිහිරි දේවල් අත්හරින්නෙ නැතුව ඔයාගෙ ආහාර වේලෙහි තියන අතිරික්ත සීනි හා මේදය ඉවත් කරගන්න පුලුවන්.

03. බීජ වෙනුවට බීජ නැති පලතුරු ආහාරයට ගන්න.

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න පීච්, නෙක්ටරීන් හා මුද්දරප්පලම් උදව් වෙනවා. ඔයා බර අඩු කරගන්න උත්සාහ කරනවා නම් එවැනි ආහාරවලට මුල් තැනක් දෙන්න. ආහාරවේදීන් කියන විදියට පලතුරු ආහාරයට ගන්න ඕන දවසේ මුල් භාගයේදී විතරක් බවත් මතක තියා ගන්න.

04. සෝපානය භාවිතා නොකරන්න

සෝපානය භාවිතා කරන එක නවත්තලා ඒ වෙනුවට පඩිපෙල පාවිච්චි කරන්න. මාසයක් ඇතුළත ලැබෙන ප්‍රතිඵලය දැකලා ඔයා පුදුම වෙයි. පඩිපෙල් නැගීමෙන් හා බැසීමෙන් ඔයාගෙ කකුල්වලට හා පිටුපසට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

05. අර්තාපල් චිප්ස් වෙනුවට හුලා-හූප්

සති අන්තයේ චිප්ස් කන ගමන් ටීවී බලන පුරුද්ද නැවතීමෙන්, මාස කිහිපයකින් ඔයාගෙ ඉණ අඩු කරගන්න පුලුවන්. චිත්‍රපටයක් නරඹන වෙලාවට මොනවහරි කනවා වෙනුවට ව්‍යායාමයක් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

06. ඉහළ කැලරි සහිත අතුරුපස ආහාරයට නොගැනීම.

අධික කැලරි ප්‍රමාණයක් තියන අතුරුපස මිලදී ගැනීම නැවැත්වුවොත් මාස කිහිපයක් යනකොට ඔයාට වැඩිපුර බර අඩුකරගන්න පුලුවන්. ඒ වෙනුවට පලතුරු සලාදයක් හෝ ශීත කළ යෝගට් වගේ අතුරුපසක් ලබා ගන්න.

07. මේද සහිත ඇඹුල් ක්‍රීම් අහාරයට ගැනීමෙන් වළකින්න.

අධිකව මේදය සහිත මෙයොනීස් හා ඇඹුල් ක්‍රීම් වෙනුවට ස්වභාවික හෝ ග්‍රීක යෝගට් ආහාරයට එකතු කරගන්න. ශරීරයේ අතිරික්ත බර අඩු කරගන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

08. නිවැරදි කෝපි තෝරා ගැනීම

දිනපතා පානය කරන කැපුචිනෝ වෙනුවට කළු කෝපි ආදේශ කිරීම මගින් අමතර කැලරි සිය ගණනක් අඩු කරගන්න පුලුවන්.

09. ජිම් එකේදි මිතුරන් හමුවෙන්න.

ව්‍යායාම කරන්න වෙලාවක් නැද්ද? මේකට හොඳම ක්‍රමයක් තියනවා. ඔයාගෙ සුපුරුදු ජිම් එකේ කැෆේ එකට මිතුරු හමුවක් යොදාගන්න. එමඟින් ඔයාගෙ කාලසටහනේ ව්‍යායාම කිරීමට විනාඩි 30 ක් පහසුවෙන් හොයාගන්න පුලුවන්. ඒ වගේම එකවර ව්‍යායාම කිරීමට හා මිතුරන් හමුවීමටත් පුලුවන්.

10. කෑම වේලකට පෙර කෑම ගැනීම

ඔයා අවන්හලකට යන හැම අවස්ථාවකම කැලරි 1,000 ක් පමණ පරිභෝජනය කරනවා. ඒත් ඔයා එළියට යන්න කලින් මේදය රහිත සුප් එකක් හෝ සැහැල්ලු සලාදයක් ආහාරයට ගත්තොත්, අවන්හලේදී ආහාරයට ගන්නා ප්‍රමාණය 20-30% කින් පහසුවෙන් අඩු කර ගන්න පුලුවන්. උදාහරණයක් විදියට, ඔයා මුළු ආහාර වේලම නැතුව පීසා පෙති කිහිපයක් විතරක් ආහාරයට ගනියි. මෙමගින් අවුරුද්දක් තුළ කිලෝග්‍රෑම් 5-7 (රාත්තල් 11-15) විතර බර අඩු කරගන්න පුලුවන්.

11. ඇරෝමැටෙරපි

විවිධ සුවඳවල් ආහාර රුචියට බලපාන බව පරීක්ෂණ වලින් හොයාගෙන තියනවා. කෙසෙල්, පෙයාර්ස් හා ඇපල් වල සුවඳ මගින් ඔයාගෙ ආහාර රුචිය අඩු කිරීමටත් මිහිරි දෙයක් සඳහා වූ ආශාව නැති කිරීමටත් උදව් වෙනවා. ඒ නිසා ඔයාට අමතර කෑමක් කන්නහිතෙන හැම වෙලාවෙම ඒ වෙනුවට පෙයාර්ස් කෑල්ලක් කන්න. නැත්නම් එහි සුවඳ ආශ්වාස කරන්න.

12. ප්‍රධාන ආහාර වේලක් වෙනුවට සැහැල්ලු සුප් එකක්

ප්‍රධාන ආහාර වේලක් වෙනුවට මේදය නැති මස් හෝ එළවළු සුප් එකක් පානය කරන්න පටන් ගත්තොත් ඔයාගෙ වැඩිපුර බර වේගයෙන් අතුරුදහන් වෙනවා ඔයාට දැකගන්න පුලුවන්. ඒවායේ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු නිසා ශරීරයට ගොඩක් හිතකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *