ඇස් වලින් ඔබේ සෞඛ්‍යය ගැන කියවෙන දේවල් 8 ක්

ඇස් දෙක කියන්නෙ අපේ මුහුණේ වදගත්ම අංගයක්. සාමාන්‍යයෙන් ඇස් දිහා බැලුවම ශරීරයේ වෙනත් ලෙඩ රෝග තියනවා කියලා අපිට හඳුනාගන්න පුලුවන්. මොකද ඇඟේ තියන ලෙඩවල අනතුරු ඇඟවීම් අපේ ඇස් වලින් අපිට දැකගන්න ලැබෙනවා. අපේ රෝගී නිරෝගී බව එළියට පේන්න වැදගත් කාර්යයක් ඇස්වලින් කෙරෙනවා.

අද අපි ඔයාට කියන්න යන්නෙ අපේ ශරීරයේ තියන රෝගී තත්ව ගැන ඇස් දෙක මගින් පෙන්නුම් කරන අනතුරු ඇඟවීම් මොනවද කියලයි. බලන්නකෝ, මේ ලක්ෂණ ඔයාගෙ ඇස්වලත් පේන්න තියනවද කියලා.

01. ඇස්වල ගෙඩි ඇති වීම

ඇස්වල නගන වගේ ප්‍රමාණයේ ගෙඩි ඇති වීම නිසා ලොකු වේදනාවක් දැනෙනවා. ඇහිපියවල ඇති වුණු ගෙඩියක් ටික දවසක් යනකන් අඩු වෙන්නේ නැතුව තියනවා නම් හා එකම තැන සැරින් සැරේ මෙහෙම ගෙඩි ඇති වෙනවා නම් ඔයාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා.

02. ඇහි බැම ගැලවී යාම

ඇහිබැම අඩුවෙන්න හේතු තමයි වයසට යාම, ආතතිය, පෝෂණයේ අඩුකම කියන්නේ.

ගොඩක් වෙලාවට හිසකෙස් නැතිවෙන එකට හේතු වෙන්නේ තයිරොයිඩ් හෝමෝනවල හිඟකම. ඔයාගෙ කොණ්ඩෙ හෝ ඇහිබැම ගොඩක් අඩු නම් වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි හොඳම දේ.

03. බොඳ වී පෙනීම

ගොඩාක් දෙනා ගෙදරදි හෝ රැකියාව කරන තැන්වලදි මුලු දවසෙම පරිගණකයක් ඉස්සරහා වැඩ කරනවා. ඒ නිසා එයාලගේ ඇස් වල දැවිල්ලක් හෝ පෙනීම බොඳ වෙන ගතියක් එනවා. කොහොම වුණත් දිගු කාලයක් තිස්සේ මේ විදියට පරිගණකයක්, ජංගම දුරකතනක් දිහා බලන් ඉන්න එක ඇස්වලට හොඳ දෙයක් නෙමෙයි. එමගින් වියළි අක්ෂි සින්ඩ්‍රෝමය කියන තත්වය ඇති වෙන්න පුලුවන් නිසා වෛද්‍යවරයෙක් හමුවෙන්න.

04. අන්ධ ලප

ඔයාගේ ඇස් පෙනීමේ අඩු බවක් දකින්න ලැබෙනවා නම් ඒක භයානක තත්වයක්. සමහර විට ඉරුවාරදය නිසා මෙහෙම වෙනවා. ඔයාට රූපයක් පෙනෙන විට දීප්තිමත් තිත් හෝ රැළි සහිත ඉරි වගේ පේනවා නම් අන්ධ ලප නිසා තමයි එහෙම වෙන්නේ.

මේ වගේ ලක්ෂණයක් ඔයාගෙ ඇහේ දකින්න ලැබෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

05. ඇස් ඉදිමීම

සමහර වෙලාවට අපිට අපේ ඇස්වල පෙනීම යන්තම් බොඳ වෙනවා. එතකොට අපි කිහිප සැරයක් ඇස් පොඩි කලාම ආයෙත් අපේ පෙනීම පැහැදිලි වෙනවා. ඒත් ඔයාට මේ තත්වය හැම වෙලාවෙම වෙනවා නම් ඒක තයිරොයිඩ් අක්ෂි රෝගයේ ලක්ෂණයක් වෙන්න ඉඩ තියනවා.

ඔයාට ඇස් වහන්න අමාරුයි නම් ඒක ඇස් ඉදිමීමේ රෝග ලක්ෂණයක්. ඒ නිසා එහෙම තත්වයක් ඇති වුණොත් වෛද්‍යවරයෙක්ට පෙන්නන එක හොඳයි.

06. ඇස් කහ පාට වීම

අපි හැමදාම කණ්ණාඩිය ඉස්සරහට යන නිසා මේ වගේ තත්වයක් තිබ්බොත් අපිට මගහැරෙන්නෙ නෑ.

අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩු වැඩිහිටියන්ට හෝ කුඩා දරුවන්ට සෙංගමාලය හැදෙන්න ඉඩ තියනවා. පිත්තාශයේ ප්‍රශ්නයක් නිසා හරි ඔයාගෙ ඇස් කහ පාටට හැරිලා තියනවා දැක්කොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න.

07. දියවැඩියාව සමග ඇතිවන ඇස් ආබාධ

දියවැඩියාව තියන අය එයාලගේ සෞඛ්‍යය ගැන ගොඩක් හිතන්න ඕන. දියවැඩියාව නිසා දෘෂ්ටි විතානයේ පටකවල රුධිර නාලවලට හානි සිදු වෙනවා. එමගින් රෙටිනෝපති කියන තත්වය ඇති වෙනවා. මේක ටිකක් භයානක තත්වයක් නිසා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න.

08. පෙනීම දුර්වල වීම/පෙනීම නැති වීම

පෙනීමේ වෙනසක් ඇතිවෙනවා කියන්නේ ඔයාගෙ ඇස්වල ටිකක් ලොකු ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා පෙනීමේ අඩුකමක් හෝ එකපාරටම ඔයාගේ පෙනීම නැති වෙලා ගියොත් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *