ඇස් වියලී යෑම නවත්වා ගැනීමට ඉතාම වටිනා පහසු ක්‍රම 10 ක්

ජාතික සෞඛ්‍ය සේවයට අනුව, පුද්ගලයන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය තුළ අඩුම තරමෙන් එක වරක්වත් ඇස්වල වියළි ගතිය ඇති වෙනවා. සාමාන්‍යයෙන් වියළි ඇස් ඇති වෙන්නේ, අපේ ඇස් තෙතට තියෙන්න ඕන තරම් කඳුළු නිපදවන්නේ නැති විට හෝ කඳුළු ඉක්මනින් වාෂ්ප වෙන නිසයි. මේකට හේතු වෙන්නේ හෝමෝන වෙනස්කම්, පාරිසරික වෙනස්කම්, කාච දැමීම හෝ සමහර ඖෂධ නිසා වෙන්නත් පුලුවන්. ඒත් කිසිම බෙහෙතක් ගන්නෙ නැතුව මේ තත්වය සනීප කරගන්න පුලුවන් ස්වභාවික සත්කාර ඕන තරම් තියනවා.

අද අපි ඔයාට කියන්න යන්නේ බෙහෙත් වලට යොමු වෙන්නෙ නැතුව ගෙදරදිම පහසුවෙන් ඇස්වල වියළි බව නැතිකරගන්නෙ කොහොමද කියලයි.

01. ආර්ද්‍රතාකාරකයක් ලබා ගන්න.

ඇස් වියළීමට ප්‍රධාන හේතුව තමයි අපි අවට පරිසරයේ තියන අහිතකර බව. ඒ නිසා පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය ගොඩක් වැදගත් වෙනවා. ආර්ද්‍රතාකාරකයක් මගින් කරන්නෙ වාතයේතියන තෙත ගතිය වැඩි කරන එක. එතකොට ඇස් වියළෙන්නෙ නැතුව කඳුළු හැදෙන්න උදව් වෙනවා. ඒ නිසා හැම විටම අපි අවට පරිසරය තෙත්ව තියාගන්න එක ගොඩක් වැදගත්. ඔයා ජීවත් වෙන්නෙ දූවිලි සහිත පරිසරයක නම්, වායු පෙරණයක් මගින් පිරිසිදු වාතය ලබා ගන්න පුලුවන්.

02. උණුසුම් සම්පීඩනයක් ලබාගන්න උත්සාහ කරන්න.

තෙල්, ජලය හා ශ්ලේෂ්මල සමාන ප්‍රමාණවලින් තමයි ප්‍රධාන වශයෙන්ම කඳුලු හැදිලා තියෙන්නෙ. ඔයාගෙ ඇස් වියළී දැවිල්ල ඇතිවෙනකොට ඇස් වලින් අක්ෂි ග්‍රන්ථිවල තෙල් නිපදවන එක නවත්වනවා. මේ තත්වය සමනය කර ගැනීමට පහසු ක්‍රමයක් තමයි, විනාඩි කිහිපයක් සඳහා ඇසිපිය මත උණුසුම් සම්පීඩනයක් භාවිතා කිරීම. උණුසුම් රෙදි වලින් ලැබෙන තෙතමනය, ග්‍රන්ථිවල අවහිර වූ තෙල් ලිහිල් කිරීමට හා අපහසුතාවයන් සමනය කිරීමට උපකාරී වෙනවා.

උණුසුම් ජලයෙන් පිරිසිදු රෙදි කැබැල්ලක් තමන්න. වැඩිපුර ජලය මිරිකා විනාඩි 5 ක් ඇහිපියන් මත තියලා මෘදු ලෙස ඇසිපිය මත තද කරන්න. දැවිල්ල අඩු කිරීමට සතියක් යනකන් දිනපතා නැවත නැවත කරන්න.

03. වැඩිපුර ජලය පානය කරන්න.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට වැදගත් වන ප්‍රධානම දේ තමයි, ජලය පානය කිරීම සහ සජලීකරණයෙන් සිටීම. එය අපේ ඇස් ඇතුළු සියලුම අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ජලය, ඇස්වලට සජලීව සිටීමටත්, ප්‍රමාණවත් තරම් කඳුළු නිපදවීමටත් උදව් කරනවා. එමගින් ඇස් වියළීම වළක්වනවා.

දිනපතා අවම වශයෙන් වතුර වීදුරු 8 ක් වත් පානය කරන්න. දැනටමත් විජලනය වී ඇත්නම් නිතරම වතුර ටිකක් බොන්න. තිබහ එනකන් බලන් ඉන්න එපා.

04. පරිගණක තිරය සකසන්න.

ඔයා නිතරම පරිගණකය භාවිතා කරන කෙනෙක් නම්, අක්ෂි පීඩනය අවම කිරීමට පරිගණකයේ මොනිටරය හරියට ස්ථානගත කරගන්න. එය ඇස් මට්ටමින් හෝ ඊට පහළින් තබා ගන්න. ඊට වඩා වැඩි හෝ අඩු උසකින් තියන්න එපා. ඊට අමතරව, පරිගණක තිරයක් දිහා එක දිගට ගොඩක් වෙලා බලාගෙන ඉන්නත් එපා.

ඔයාගෙ පරිගණක මොනිටරය හා තිරයේ දීප්තිය යන දෙකම සුවපහසු මට්ටමකට සකසා ගන්න.

වැඩ කරන අතරතුර නිතිපතා විවේකයක් ගන්න. හැම පැයකටම මිනිත්තු 10 ක විවේකයක් ගන්න. එකදිගට තිරය දිහා බලන් ඉන්න එපා.

05. ඇස් පිරිසිදුව තබා ගන්න.

වියළි ඇස් වලට ප්‍රතිකාර කරනකොට හොඳ සනීපාරක්ෂාව ප්‍රධානම දෙයක්. විශේෂයෙන් ඔයා දිගු කලක් වියළි ඇස් වලින් පීඩා විඳින කෙනෙක් නම්, ඇස්වල තෙල් නිපදවන ග්‍රන්ථි අවහිර කරන අහිතකර දේවල් ඉවත් කරන්න වෙනවා. සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ඔයාගෙ ඇස් පිරිසිදුව තියාගන්නත් ඒවා වියළී යාම වළක්වගන්නත් මේ පියවර 3 ක් අනුගමනය කරන්න.

උතුරන වතුරෙන් බඳුනකට පුරවන්න. එය සිසිල් වෙන්න ඉඩ දෙන්න. බයිකාබනේට් සෝඩා (බේකිං සෝඩා) තේ හැන්දක් ඒකට එකතු කරන්න. පිරිසිදු කපු පෑඩ් එකක් ද්‍රාවණයකට දමා එමගින් ඔයාගෙ ඇහිබැමි හා ඇහිබැම පිස දමන්න. දිනපතා සතියක් මේ ප්‍රතිකාරය කරන්න.

06. පිපිඤ්ඤා පෙති යොදන්න.

අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙනවා, පිපිඤ්ඤා මගින් ඇස් වටා ඉදිමීම අඩු කිරීමටත්, තෙතමනය ලබා දීමටත්, ඇස්වල තෙල් නිපදවන ග්‍රන්ථි ඉවත් කිරීමටත් උදව් වෙන බවයි. ඒවායේ අධිකව ජලය අඩංගු නිසා ඇස්වලට තෙතමනයක් ලබා දෙනවා. එමගින් ඇස් වියළීම නැති කරනවා.

නැවුම් පිපිඤ්ඤා පෙති 2 ක් ගෙන ඇස්වලට උඩින් තියාගන්න. පිපිඤ්ඤා පෙති වියළී යන්න පටන් ගන්න තෙක් විනාඩි 15 ක් ඒ විදියටම තියාගෙන ඉන්න. සතියකට දෙවරක් නැවත නැවත කරන්න.

07. ඔමේගා-3 මේද අම්ල ලබා ගන්න.

ඔමේගා-3 මේද අම්ල මගින් අපේ සෞඛ්‍යයට ගොඩක් වාසි ලබාගන්න පුලුවන්. ඔමේගා-3 හි අණු මගින් දැවිල්ලට එරෙහිව සටන් කිරීමට හා අක්ෂි ග්‍රන්ථිවල ස්වාභාවික තෙල් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට උදව් වෙනවා.

වියළි අක්ෂි සින්ඩ්‍රෝම් රෝගයෙන් පෙළෙන හා ඔමේගා-3 ආහාර වේලට ඇතුළත් කරගන්න රෝගීන්ගේ සැලකිය යුතු දියුණුවක් තියන බව දැන් පරීක්ෂණවලින් හොයාගෙන තියනවා.

ඔයාට ඕන නම් පෝෂණ අතිරේක ලබාගන්න පුලුවන්. නැත්නම් සැමන්, ටූනා, හණ ඇට, චියා බීජ, සෝයා බෝංචි, කැනෝලා තෙල් වගේ ඔමේගා-3 වලින් පොහොසත් ආහාර මගින් ඔයාහෙ දෛනික ආහාර වේලට ඔමේගා-3 එකතු කරගන්න.

08. එඬරු තෙල් අත්හදා බලන්න.

කැස්ටර් ඔයිල් හෙවත් එඬරු තෙල් කියන්නෙ ජලය රඳවා තබන්නෙකු ලෙස ක්‍රියා කරන එකම තෙල් වර්ගයයි. එයට කඳුළු වාෂ්ප වෙන එක වළක්වන්න පුලුඅන් නිසා, වියළි ඇස් සඳහා සුදුසුම බෙහෙතක්. වියළි ඇස්වලට එඬරු තෙල් ආලේප කිරීමෙන් ඔයාට ක්ෂණික සහනයක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම අපහසුතා ඇති වෙන එක අඩු කරගන්නත් පුලුවන්.

එඬරු තෙල් මගින් වියළි ඇස්වලටද සන්සුන් හැඟීමක් ලබා දෙනවා. වියළි ඇස් නිසා ඇතිවන දැවිල්ල, රතු පැහැය හා ඉදිමීම අඩු කරනවා. එහි ප්‍රතිබැක්ටීරීය ගුණ නිසා එඬරු තෙල් මගින් ඇස්වල ආසාදනවලට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒ වගේම බැක්ටීරියා ඇසට ඇතුළු වීම වළක්වා ගන්නත් එඬරු තෙල් උදව් වෙනවා.

නින්දට කලින්, ඇස් දෙකටම එඬරු තෙල් බිංදු 1-3 ක් යොදන්න. ඇස් වහගෙන, විනාඩි කිහිපයක් ඇස් සම්බාහනය කරන්න. අවම වශයෙන් පැය 12 ක් වත් අක්ෂි කාච යොදන්න එපා. එඬරු තෙල් ආලේප කිරීමෙන් පස්සෙ කාච දම්මොත් ඒකෙන් ඔයාගෙ ඇස් තවත් කෝපයට පත් වෙන්න පුලුවන්. දිනපතා සතියන් කිදාගන්න කලින් මේ ප්‍රතිකාරය කරන්න.

09. මිදි ටිකක් කන්න.

මිදි ආහාරයට ගත් වියළි ඇස්වල රෝග ලක්ෂණ තියන අයට මිදි කෑමෙන් සතියකට පස්සෙ එයාලගෙ රෝග ලක්ෂණ ගොඩක් අඩු වුණු බව පර්යේෂණයකින් හෙළි වුණා. එමගින් කියවුණේ මිදි වලින් පොහොසත් ආහාරයක් මගින් ඇස් වලට තෙතමනය ලබා ගත හැකි අතර දෘෂ්ටි විතානය පිරිහීමෙන් ආරක්ෂා කර ගන්න පුලුවන් බවයි. ඊට අමතරව, මිදි වල තියන අධික ප්‍රතිඔක්සිකාරක නිසා දැවිල්ල ඇති කරන ප්‍රෝටීන් මට්ටම අඩු වෙලා පද්ධතියේ ඔක්සිකාරක ආතතිය අඩු කරනවා.

දිනකට මිදි කෝප්පයක් ආහාරයට ගන්න.

10. නේත්‍රා ටර්පාන මගින් ප්‍රතිකාරයක්.

නේත්‍රා ටර්පාන කියන්නෙ ආයුර්වේද ප්‍රතිකාරයක්. එය කොන්ජන්ටිවිටිස්, වියළි අක්ෂි සින්ඩ්‍රෝමය, ජලය සහිත ඇස්, කෝනීය වණ සහ දැවිල්ල ඇතුළු අක්ෂි රෝග ගණනාවක් සුව කරන්න උදව් වෙනවා. රෝගියා නිදාගෙන ඉන්නකොට තමයි මේ ප්‍රතිකාරය කරන්නෙ. ඖෂධ පැළෑටි කළු ඩ්‍රෑම් පිටි ගුලියකින් හදපු රවුම් ස්වරූපයක් සාදා ඒක ඇස් වටා තියනවා. පසුව සෙමෙන් උණුසුම් ගිතෙල් ඒ තුළට වත් කර විනාඩි 15 – 20 අතර කාලයක් තබනවා.

එම කාලය තුළ රෝගියා ඇස් 4 දිශාවකට චලනය කළ කරන්න ඕන. එතකොට තමයි, ගිතෙල් අක්ෂි සොකට්ටුවට විනිවිද ගිහින් එය පෝෂණය කරන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *