ඇහිපිල්ලම් වලට මේකප් කිරීමේදී ඔබ දැන සිටිය යුතුම රහස් 10 ක්

අද වෙනකොට අයි මේකප් එක, මේකප් එකක වැදගත්ම අංගය බවට පත් වෙලා තියනවා. කෙනෙක් දිහා බැලුවම ඉස්සෙල්ලම අපේ අවධානය යොමු වෙන්නෙත් ඒ කෙනාගෙ ඇස් දෙකටනේ. ඉතින් ලස්සනට අයි මේකප් එකක් කරගන්න කවුද අකමැති? ඒ විතරක් නෙවෙයි, ඇහිපිල්ලම්වල ගණකම හෝ දිග අඩු අයට දැන් ඒ ගැන දුක් වෙන්න ඕන නෑ. ඇස්පිල්ලම්වල ප්‍රමාණය වැඩි කරගන්න ක්‍රම තියන නිසා ලස්සන ඇස්පිල්ලම් යුගලක් ලබා ගන්න දැන් ඔයාටත් පුලුවන්. ඇස්පිල්ලම් හිටවීම හෙවත් අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් මගින් ඔයා හීන දැකපු ලස්සන ඇස් පිල්ලම් යුගල ඇත්තටම ලබාගන්න ඔයාට පුලුවන්.

ඒත් අපි යන හැම සැලෝන් එකකම ඉන්න රූපලාවණ්‍ය ශිල්පියෙක්ටම මේක හරියටම කරන්න පුලුවන්ද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද බොරු ඇහි පිල්ලම් යොදන්නත් ඒ ගැන හොඳ පළපුරුද්දක් වගේම දැනුමක් තියන එකත් ගොඩක් වැදගත්. බොරු ඇහි පිල්ලම් යෙදීමේදී ඇති වෙන්න පුලුවන් ගැටලු කිහිපයකට විසඳුම් අද අපි ඔයාට අරගෙන ආවා.

01. හිටවන ලද ඇහිපිල්ලම්වලට මස්කාරා ආලේප කරන්න පුලුවන්ද?

ඇහපිල්ලම් දිගු කිරීමෙන් පසුව වුණත් ඒවාට තවත් ලස්සන පෙනුමක් ලබා දෙන්න ඕන වෙන්න පුලුවන්. විශේෂඥයන් කියන්නෙ ව්‍යාජ ඇහිපිල්ලම් මත වුණත් මස්කාරා ආලේප කරන්න පුලුවන් කියලයි. ඒත් ඔයා මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕන. බොරු ඇහිපිල්ලම් මත ඕනෑවට වඩා මස්කාරා ආලේප කළොත් එමගින් ඔයාට කෘතිම පෙනුමක් ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි මුහුණට හිනා යන පෙනුමකුත් ලැබෙනවා.

ඔයා හැමවිටම පාවිච්චි කරන මස්කාරා එකේ, ඇහිපිල්ලම් අලවන ගම් සමඟ රසායනික ප්‍රතික්‍රියාවක් ඇතිකරලා ඒ ගම් එක දියකරන තෙල් වර්ග අඩංගු වෙන්න පුලුවන්. එමගින් හරිම ඉක්මනට ඔයාගෙ ඇහිපිල්ලම් ගැලවිලා යන්න ඉඩ තියනවා. ඒ නිසා මස්කාරා එකක් තෝරගන්නකොට අමුද්‍රව්‍ය ලැයිස්තුව ඉතා පරිස්සමින් කියවන්න. ඇහිපිල්ලම් අලවන ගම් දිය කරන තෙල් වර්ග අඩංගු නැති මස්කාරා එකක් තෝරාගන්න. එහෙමත් නැත්නම් බොරු ඇහිපිල්ලම් වලටම හදපු මස්කාරා එකක් මිලදී ගන්න. ඒවගේම ජලයට ඔරොත්තු දෙන මස්කාරා භාවිතා කරන්න එපා. මොකද ඒවා ඉවත් කරන්න වෙනත් විශේෂ නිෂ්පාදන ඕන වෙන්න පුලුවන්. එමඟින් ඇහිපිල්ලම් අලවපු ගම් දිය වෙනවා. බොරු ඇහිපිල්ලම්වලට මස්කාරා යොදනකොට ඇහිපිල්ලමේ කෙලවර සිට මැද දක්වා ආලේප කරන්න. ඇහිපිල්ලම ඇහැට සම්බන්ධ වෙන තැනට මස්කාරා යොදන්න එපා.

02.මේකප් ඉවත් කිරීමට භාවිතා කරන්නේ මොනවාද?

බොරු ඇහිපිල්ලම් යොදා තිබෙනවිට ජලය හා ජලය මත පදනම් වූ රූපලාවන්‍ය නිෂ්පාදන වලින් මුහුණ සේදීම වඩාත් හොඳයි. එමගින් විශේෂ ජෙල් වර්ග තරම් වේගයෙන් මේකප් ඉවත් කරන්නෙ නෑ. ඒත් ඒවා මගින් ඇහි පිල්ලම් ඇලවීමට යොදාගත් ගම් දිය කරන්නෙ නෑ.

03. ඔයාට තනිවම ව්‍යාජ ඇහිපිල්ලම් ඉවත් කරන්න පුලුවන්ද?

බොරු ඇහිපිල්ලම් ඉවත් කරන්න රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙත යන එක අනිවාර්ය නෑ. ඔයාට තනිවම ඒක කරගන්න පුලුවන්. ඒත් මේ දේවල් හොඳට මතක තියාගන්න.

  • නියපොතු මගින් ඇහිපිල්ලම් පොකුරු පිටින් ගලවන්න එපා.
  • තෙල් ආලේප කරලා ගම් ඉවත් කරන්න උත්සාහ කරන්න එපා.
  • ඔයාගෙ ස්වභාවික ඇහිපිල්ලම්වල දිගට සමාන දිගට බොරු ඇහිපිල්ලම් කපන්න එපා.
  • බොරු ඇහි පිල්ලම් ඉවත් කිරීමට ඔයාට ඇහිපිල්ලම් ඉවත් කරන්න භාවිත කරන විශේෂ ක්‍රීම් එකක් අවශ්‍යයි.
  • සිලිකොන් කූරකින් හෝ කපු පුළුන් කැබැල්ලක් මගින් ක්‍රීම් එක ඇහි පිල්ලම් දාරයේ ගාන්න.
  • එය විනාඩි හතරක් විතර තියන්න.
  • ටුවිසර් එකක් මගින් ඇලවී ඇති ඇහිපිල්ලම් වෙන් කරන්න. දැන් ඒවා කෙළවරෙන් හෙමින් ඇදලා ගලවගන්න.
  • බොරු ඇහිපිල්ලම් ඔක්කොම ඉවත් කරගෙන සාමාන්‍ය විදියටම මුහුණ සෝදගන්න.
04. ඇහිබැම සවි කරන උපකරණයක් අවශ්‍යද?

රූපලාවණ්‍ය ශිල්පීන් මේ උපකරණය තමන්ගෙ පාරිහෝගිකයන්ට විකුණන්න උත්සාහ කරනවා. මොකද එයාලට ඒකෙන් කොමිස් මුදලක් ලැබෙනවා. ඒත් මේ ඇහි පිල්ලම් සකසන උපකරණය ඇත්තටම අවශ්‍යද?

  • මේ උපකරණය හදලා තියෙන්නෙ ඇහිපිල්ලම්වල ආයු කාරය වැඩි කරන්නවත්, ඇහි පිල්ලම්වල මුල් හැඩය හරියට පවත්වගන්නවත් නෙවෙයි. රූපලාවණ්‍ය ශිල්පියා කිව්වොත් මේ උපකරණයෙන් ඔයාගෙ බොරු ඇහිපිල්ලම් ගොඩක් කල් පවතිනවා කියලා, ඒක බොරුවක්.
  • ඒවගේම ඔයා මේ උපකරණය නිතර භාවිතා කලොත් එමගින් ඔයාගෙ ඇහිපිල්ලම් ඇලෙන සුළු බවට පත් වෙලා ඔයාට අවලස්සන පෙනුමක් ලබාදෙනවා.

මේ උපකරණයේ තියන ආරක්ෂක අංගයන්ගෙන් අපි පුදුමයට පත් වුණත්, ඇත්තටම අපි ඕනම බාහිර සාධකයකින් අපේ ඇහිපිල්ලම් පරිස්සම් කරගන්න ඕන. ඒ නිසා මේ උපකරණය මිලදී ගන්නවද නැද්ද කියල එක ඔයා තීරණය කරන්න.

05. බොරු ඇහිපිල්ලම් දැමීම මගින් ඇස් පෙනීමට හානි වෙනවාද?

මේක නම් ටිකක් අමාරු ප්‍රශ්නයක්. පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පීන් නම් කියන්නෙ එමගින් පෙනීමට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලයි. ඒත් අක්ෂි වෛද්‍යවරු කියන්නෙ බොරු ඇහිපිල්ලම් මගින් සමහර ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් බවයි.

වැදගත්ම දේ තමයි හරියට මේ ප්‍රතිකාරය කරන්න පුලුවන් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියෙක් හොයාගන්න එක. එමගින් ඔයාගෙ ඇස්වලට වෙන්න පුලුවන් හානියත් අවම වෙනවා.

  • ඇහිපිල්ලම්වල ගණකම ගොඩක් වැඩි වුණාම ඇසට වාතය ගලා යන ප්‍රමාණය වැඩි වෙනවා. එමඟින් ඇස් වේගයෙන් වියළී යනවා. මෙය ඇස්වල දැවිල්ලක් ඇති කරන්න හේතු වෙනවා.
  • ගොඩක් මැලියම් වර්ගවල ෆෝමැල්ඩිහයිඩ් අඩංගු වෙනවා. එමගින් ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඔයා මුල්ම වරට බොරු ඇහි පිල්ලම් හදාගන්න යනකොට රූපලාවණ්‍ය ශිල්පියා භාවිත කරන උපකරණ ගැන සැලකිලිමත් වෙන්න.
  • අපේ ඇහිපිල්ලම් මත ස්ටැෆිලොකොකස් ඕරියස් කියන බැක්ටීරියාව වාසය කරනවා. මේ බැක්ටීරියාව ඇහි පිල්ලම් මත වැඩිපුර නැත්නම් ඒක ආරක්ෂිතයි. කොහොම වුණත් බොරු ඇහි පිල්ලම් මගින් බැක්ටීරියා වැඩි වීමට හේතු වෙන්න පුලුවන් වගේම එමගින් බ්ලෙෆරයිටිස් රෝගය ඇතිවෙන්නත් ඉඩ තියනවා.

ඔයා බොරු ඇහිපිල්ලම් හදාගන්නෙ පළමුවරට නම් හෝ ඔයා වෙනත් රූපලාවණ්‍ය ශිල්පියෙක් ලවා බොරු ඇහිපිල්ලම් හදාගන්න යනවා නම් ප්‍රතිකාරයෙන් පසු මුල් දින කොහිපය තුළ ඔයාගෙ ඇස් ගැන අවධානයෙන් ඉන්න. මොකක් හරි වෙනසක් දැණුනොත් වහාම විශේෂඥයෙකු හමුවෙන්න.

06. හැම රූපලාවණ්‍ය ශිල්පියෙක් ලඟම තියෙන්න ඕන දේවල් මොනවාද?

ඔයා යන සැලෝන් එක පිරිසිදු හා පිළිවෙල එකක් වෙන්න ඕන. ඊට අමතරව මේ දේවලුත් තියනවද කියලා බලන්න.

  • නිවැරදි උෂ්ණත්වය සැකසිය හැකි වායුසමීකරණ යන්ත්‍රයක් කාමරය තුළ තියෙන්න ඕන. හැම ගම් වර්ගයකටම අදාල උෂ්ණත්වයක් තියනවා. ඒ උෂ්ණත්වය නොලැබුණොත් ඒවා හරියට වේලෙන්නෙ නෑ.
  • ඒ වගේම කාමරයේ ආර්ද්‍රතාකාරකයක් තියෙන්න ඕන. ඇහිපිල්ලම් අලවන මැලියම්වල තෙතමනයට, වාතයේ තෙතමනය බලපානවා.
  • විෂබීජහරණය කල කාමරයක් වෙන්න ඕන. මේ ප්‍රතිකාරය කරනකොට රුධිරය හෝ ශ්ලේෂ්මල පටල සම්බන්ධ වුණේ නැතත් මේකට පාවිච්චි කරන උපකරණ පිරිසිදුව තියෙන්න ඕන. ඔයාගෙ ආරක්ෂාව හැමවිටම ගොඩක් වදගත් නිසා පාවිච්වි කරන උපකරණවල පිරිසිදු බව ගැනත් සැලකිලිමත් වෙන්න.
07. සමහර ඇහිපිල්ලම් වැඩි කල් පවතින්නේ නැත්තේ ඇයි?

සමහර විට, ඇහිපිල්ලම් වේගයෙන් ගැලවී යාම ඔයාගේ වරදක් නිසා වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් මේ දේවල්වලින් වළකින්න.

  • මේ ප්‍රතිකාරයෙන් පැයක් වගේ කාලයක් අතරතුර නාන්න හෝ ඇඟ සෝදන්න එපා.
  • ඔයාට තියන අසාත්මිකතා හෝ විටමින් ඌණතා ගැන රූපලාවණ්‍ය ශිල්පියාව දැනුවත් කරන්න.
  • නිතරම ඇහිපිල්ලම් අතින් අල්ලන්න එපා.
08. ඇහිපිල්ලම් ගැලවී යාමට පටන් ගැනීම රූපලාවණ්‍ය ශිල්පියාගේ වරදක්ද?

අයිලෑෂ් එක්ස්ටෙන්ෂන් කරන අයත් මිනිස්සුනේ. ඉතින් ඕනම කෙනෙකතින් වැරදි සිදුවෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට වේගයෙන් ඇහිපිල්ලම් ගැලවී යන්න පටන්ගන්න එකට හේතු වෙන්නේ,

  • ඔයාගෙ රූපලාවණ්‍ය ශිල්පියා වැරදි වර්ගයක ගම් එකක් භාවිතා කිරීම
  • ප්‍රතිකාරය කරන අතරතුර ඔයගෙ ඇස් හා ඇහිපිල්ලම් අලවන රේඛාව තෙත් වෙලා තිබීම
  • ප්‍රතිකාරය කරන අතරතුර එම ස්ථානයේ නිවැරදි වාතයේ තෙතමනය හා උෂ්ණත්වය නොතිබීම
09. රූපලාවණ්‍ය ශිල්පියා විසින් කියන, ඔයාට බය හිතෙන දේවල් මොනවාද?

තමන්ගේ නොහැකියාව වහගන්න ඕන නිසා සමහර රූපලාවණ්‍ය ශිල්පීන් මේ වගේ කතා කියලා පාරිභෝගිකයන්ව රවට්ටනවා.

  • ඔයාගෙ ඇහිපිල්ලම් ගොඩක් කෙටි බවත්, ඒ නිසා අහිපිල්ලම් සමට අලවන්න සිදුවෙන බවත් රූපලාවණ්‍ය ශිල්පියා කිව්වොත් වහාම එතනින් යන්න.
  • ඇහිපිල්ලම් අසමමිතික ලෙස පෙනෙන විට රූපලාවණ්‍ය ශිල්පියා කිව්වොත් ඒ ස්වභාවිකවම ඔයාගෙ ඇස් අසමමිතික නිසා කියලා ඒකත් බොරුවක්. ඒක ඒ ශිල්පියාගෙ නොහැකියාව මිසක් ඔයාගෙ ඇස්වල ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගෙ ඇහිපිල්ලම් පුලුවන් තරම් සමමිතික කරන එක ශිල්පියාගෙ වැඩක්.
  • එසේම, ඔබේ කරපටි ඉතා වේගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බවත් කලාකරුවා ඔබට එකවරම දොස් පවරන බවත් ඔබ දුටුවහොත්. බොහෝ විට, ඔවුන් පවසන්නේ ඔබ කොට්ටය මත ඔබේ මුහුණ සමඟ නිදා ගත් බවය (ඔබේ නින්දේදී ඔබට පාලනය කරගත නොහැකි නිසා එය තර්ක කිරීමට අපහසුය). ඇත්ත වශයෙන්ම, නිදාගැනීම ඇත්තෙන්ම දුෂ්කර වන අතර එමඟින් වමනය කොතරම් දුරට ඇන ඇත්ද යත් ඒවා ඉවතට ඇදී යයි.
10. ව්‍යාජ ඇහිපිල්ලම් යෙදීමට හොඳම වෙලාව මොකක්ද?

මේ දේවල් කරන රූපලාවණ්‍යාගාරවල වුණත් මේ ප්‍රතිකාරවල වැඩිම ඉල්ලුමක් තියන කාල වගේම මේ ප්‍රතිකාර කරන්නෙ නැති කාලවලුත් තියනවා.

  • ශීත කාලෙයේ මැද වෙනකොට, ගොඩක් වෙලාවට නත්තල් නිවාඩුව වෙනකොට මේ ප්‍රතිකාරවලට තියන ඉල්ලුම අඩු වෙන නිසා මේවාගේ මිල ගණනුත් අඩු වෙනවා. ඒ වගේම මේ කාලෙට ව්‍යාජ ඇහිපිල්ලම් යෙදීමේ ප්‍රතිකාර සඳහා වට්ටම් හා විශේෂ මිල අඩු කිරීම් ලබා දෙනවා.
  • මේවාට උපරිම ඉල්ලුමක් ලැබෙන්නෙ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය අතරතුරයි. ඒ කාලට මේ ප්‍රතිකාරවල මිල ගණනුත් ඉහළයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *