ඉතා පෝසත් පෙනුමක් ලබාදෙන අලුත් හෙයාර් කට්ස් 12 ක්

අලුත් කොණ්ඩා මෝස්තරයක් කියන්නෙ පිරිමින්ගෙ ඇස් තමන්ට ආකර්ෂණය කර ගැනීම සඳහා කාන්තාවකගේ හොඳම උපක්‍රමයක්. කාලෙන් කාලෙට එන කොණ්ඩ මෝස්තර අත්හදා බලන්නාපේ ගැහැණු ළමයි හරිම කැමතියි. එයාලා හිතන්නෙ හෙයා ස්ටයිල් එක වෙනස් කලාම ඒකෙන් එයාලගෙ ආකර්ෂණීය බව හා විශ්වාසය වැඩි කරනවා කියලයි. ඒත් තමන්ගෙ මුහුණට වගේම කොණ්ඩෙටත් ගැලපෙන විලාසිතාවක් තෝරගන්න සැලකිලිමත් වෙන්න ඕන.

අද අපි ඔයාට කියන්නෙ ලස්සනම ලස්සන කොණ්ඩ මෝස්තර 12 ක් ගැනයි. කොට කොණ්ඩෙට කැමති අයට මේ විලාසිතා උත්සාහ කරලා බලන්න පුලුවන්.

12. පැත්තෙන් දිග පික්සි මෝස්තරය

මේ හෙයා කට් එකෙන් ඔයාට විනෝදජනක පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම ආත්ම විශ්වාසයෙන් ඉන්න කාන්තාවන්ට ගැලපෙනම මෝස්තරයක් තමයි මේ. ඔයා මේ කොණ්ඩ මොස්තරයට කැමති නම් දෙපැත්තෙන් ටිකක් දිග පික්සි හෙයා ස්ටයිල් එකකට යන්න. ඒක ඕනම කෙනෙක්ට ගැලපෙනවා.

11. කෙටි බොබ්

සාමාන්‍යයෙන් මේ ස්ටයිල් එක කරන්නෙ බෙල්ලේ හා මුහුණේ ලක්ෂණ වලට ගැලපෙන්නයි. මේ කොණ්ඩා මෝස්තරය සාමාන්‍යයෙන් ඕනෑම හිසකෙස් වර්ගයකට සුදුසුයි. ගණකම්, සිනිඳු හෝ රැලි සහිත හිසකෙස් තියන කාන්තාවන්ටත් නියමෙට ගැලපෙනවා.

10. ෂැගී බොබ් සහ ටෙක්ස්චර්ඩ් බොබ්

මෙම හිතාමතාම අවුල් සහගත විදිහට කරන කොණ්ඩ මෝස්තරය අවුරුදු ගණනාවක් තිස්සේ හොඳම කොණ්ඩා මෝස්තර අතර ඉහළින්ම තියන එකක්. ඔයාගෙ කොණ්ඩයට ලස්සන පෙනුමක් ලැබෙනවා වගේම අවුල් වුණු කොණ්ඩය මගින් කොණ්ඩයේ පරිමාවත් වැඩි කරලා පෙන්වනවා.

09. ලෝන්ග් බොබ්

මේ කොණ්ඩ මෝස්තරයත් ඕනම කෙනෙක්ට ගැලපෙනවා. ඒ නිසා මේ ස්ටයිල් එක අත්හදා බලන්න බය වෙන්න එපා. ඔයාට ගෙදරදිම වුණත් මේ හෙයා කට් එක කරගන්න පුලුවන්. වඩාත් සරාගී පෙනුමක් ලබාගන්න නම් කොණ්ඩය ටිකක් අතින් රෝල් කරන්න.

08. මුහුදු රළ වගේ කැරලි

මේ කොණ්ඩා මෝස්තරය මගින් ඔයාගෙ කොණ්ඩෙට අසම්පූර්ණ කර්ල්ස් ලබා දෙනවා. මේක කැලිෆෝනියානු හයිලයිට්ස් එක්ක හොඳින් ගැලපෙනවා.

07. තරමක් අවුල් සහගත කේට් මොස් විලාසිතාව
https://www.instagram.com/juleshough/

කේට් මොස් කියන්නෙ හිතාමතාම අවුල් සහගත විදිහට කෙස් කළඹ හදාගෙන සාදවලට සහභාගී වුණු කාන්තාවක්. මේ කොණ්ඩ මෝස්තරය 90 දශකයේ ගොඩාක් ජනප්‍රිය වුණා. මේ විදිහට ටිකක් අවුල් වුණු කොණ්ඩෙන් ඕනම කාන්තාවකට ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනවා.

06. යටින් ඇතුළට හැරුණු ලෝන්ග් ෂැග්

සාමාන්‍ය දිග කොණ්ඩයක් තියන ගැහැණු ළමයෙක්ට ගැලපෙන හෙයා ස්ටයිල් එකක් තමයි මේ. මධ්‍යම ඔරමාණයේ කර්ල් ගතියකුත් තියනවා.

05. අසමමිතික කොණ්ඩා මෝස්තර

ලස්සන හොලිවුඩ් පෙනුමක් ලබා ගන්න හොඳම කොණ්ඩ මෝස්තරයක්. ගෙදරදිම මේ මෝස්තරය නඩත්තු කරන්නත් ලේසියි.

04. වින්ටේජ් වේව්ස්

මේ කොණ්ඩා මෝස්තරය නිර්මාණය කිරීමට සාමාන්‍යයෙන් තරමක වෙලාවක් ගතවෙනවා. ඇත්තටම මේක එදිනෙදා ජීවිතයට ගැලපෙන මෝස්තරයක් නෙවෙයි. හැබැයි උත්සව අවස්ථාවකට හෝ රාත්‍රී සාදයකට නම් හොඳින් ගැලපෙනවා.

03. අවුල් සහගත ගෙතීම

දිග කොණ්ඩයක් තියන ගැගැණු ළමයින්ට මෙන්න තවත් ලේසි වගේම ලස්සන කොණ්ඩ මෝස්තරයක්. කොණ්ඩෙ දිගටම ගොතලා පොඩ්ඩක් අවුල් වුණු පෙනුමක් ඇති කිරීමෙන් ආකර්ෂණීය බව තවත් වැඩි වෙනවා.

02. උඩ ඉඳන්ම ගොතාගෙන එන කොණ්ඩා මෝස්තර

යාලුවොත් එක්ක එළියට යන වෙලාවක සරල කොණ්ඩා මෝස්තරයක් දාගන්න ඕන නම් මෙන්න ඒකට ගැලපෙනම හෙයා ස්ටයිල් එකක්. කොණ්ඩෙන් කිසිම කරදරයකුත් නෑ. මූණට වැටෙන්නෙත් නැති නිසා තවත් පහසුයි.

01. බෙල්ල ලඟින් දාන බන් එක

සිහින් හිසකෙස්වලට අමතර පරිමාවක් ලබා දීමට හෙයා බන් එකක් හොඳින් ගැලපෙනවා. මේ මෝස්තරය ඕනම අවස්ථාවකටත් සුදුසුයි.

වැදගත්: වර්ණවත් ඩයි

නවීන කොණ්ඩා මෝස්තරවලට මේ විදිහේ වර්ණවත් ඩයි පාවිච්චි කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *