ඉතා සුළු පිරිසක් පමණක් දන්නා ස්ත්‍රීන්ගේ ශරීරය ගැන කරුණු 7 ක්

කාන්තාවන්ගේ ශරීරවලට තියන ඇදහිය නොහැකි විඳ දරාගැනීමේ හැකියාව ගැන අපි දැනටමත් දන්නවා. ඒ වගේම පිරිමින් හා කාන්තාවන්ගේ වර්ණ හඳුනාගැනීම අතර වෙනස ගැනත් අපි අහලා තියනවා. ඒ විතරක් නෙවෙයි, කාන්තාවන්ගේ පුදුම හිතෙන ශරීරය සම්බන්ධ තවත් ගොඩක් කරුණු තියනවා. එයාලා හරිම නිර්මාණශීලියි වගේම තාර්කිකයි.

ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ කාන්තාවන්ගේ නව පැති පෙන්වන තවත් පුදුමාකාර කරුණු කිහිපයක් ගැනයි.

ඔයා කවදාවත් අහලා නැති කාන්තා ශරීරය ගැන කරුණු 10 ක් අපි එකතු කරගත්තා. ලිපිය අවසානයේ තියන පුදුම හිතෙන දේ කියවන්න අමතක කරන්න එපා.

01. කාන්තාවන්ට, පිරිමින්ට වඩා හොඳට බෙල්ල හරවන්න පුලුවන්.

කාන්තාවන් හා පිරිමින් සංසන්දනය කලොත් එයාලා හැරෙන්නේ කොහොමද කියලා ඔයා දැකලා තියනවද? මේක අත්හදා බලන්න. පිරිමි කෙනා තමන්ගෙ මුළු ඇඟම හරවන බවත්, කාන්තාව ඇගේ හිස පමණක් හරවන බවත් ඔයාට දැකගන්න පුලුවන්. හේතුව කාන්තාවන්ගේ ශරීරවල තියෙන්නෙ වඩාත් ඇදෙන සුළු මාංශ පේශි ව්‍යුහයක්.

ඒත්, ආදරණීය නෝනාවරුනි, කරුණාකරලා ඔයාලගෙ ඔලුව කරකැවීමෙදි පරිස්සම් වෙන්න. අධ්‍යයනයකට අනුව පිරිමින්ට වඩා කාන්තාවන්ට බෙල්ලේ වේදනාව වැඩිපුර ඇතිවෙන බව හොයාගෙන තියනවා.

02. කාන්තාවන්ට නින්දේදී හොඳට කන් ඇහෙනවා.

මේක පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. කාන්තාවන් නිදාගෙන ඉන්නකොට ශබ්ද වලට සංවේදීයි. ඒකයි දරුවෙක් අඬනවා ඇහුණු ගමන් අම්මට ඇහැරෙන්නෙ. ඒත් සුබ ආරංචිය තමයි, මේ රීතිය ක්‍රියාත්මක වන්නේ ඉහළ ශබ්ද සඳහා පමණයි. අඩු ශබ්දයකින් කථා කිරීම මගින් කාන්තාවක් අවදි වීමෙන් වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

ඒ වගේම පිරිමින්ට වඩා කාන්තාවන් නින්දේ ආබාධවලට වඩා සංවේදී බව වෛද්‍යවරු කියනවා.

03. පිරිමින්ට වඩා කාන්තාවන් තාර්කිකයි.

කාන්තාවන් වඩාත් හැඟීම්බර බවත් පිරිමින් වඩාත් තාර්කික බවත් පොදු මතයක් තියනවා. ඒත් ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස්. කාන්තාවන්ගේ මොළයේ පිරිමින්ට වඩා ගණකමින් යුත් කෝටිස් තියනවා.

ඒ වගේම, පිරිමින්ට මොළයේ වැඩි පරිමාවක් ඇති අතර එය හැඟීම් හා තීරණ ගැනීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

04. කාන්තාවන් අනෙක් පුද්ගලයින් සමඟ වඩාත් ශක්තිමත් බැඳීම් ඇති කරයි.

මේකට හේතුවෙන්නෙ කාන්තාවන්ට ඉහළ ඔක්සිටොසින් මට්ටමක් පැවතීමයි. ඔක්සිටොසින් කියන්නෙ ආදර හෝමෝනයයි. එමගින් බැඳීම් වැඩි දියුණු කරනවා. සබඳතා ශක්තිමත් කරනවා වගේම ආතතිය ලිහිල් කරනවා. මවු-දරු බන්ධන නිර්මාණය කිරීමට හා මව්කිරි දීමට පවා ඔක්සිටොසින් හේතු වෙනවා.

05. කාන්තාවන්ගේ ශරීර වයස විසි ගණන්වලදිත් වෙනස් වෙනවා.

ඔයා තාමත් ඉන්නෙ සෞඛ්‍ය සම්පන්න නාඹර වයසේ නම් ඔයාගෙ ජීවන රටාව වෙනස් කරගන්න තාමත් පරක්කු නෑ. වයස විසිගණන් වලදිත් කාන්තාවන්ගේ සිරුරු වර්ධනය වෙමින් හා වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා කෙසෙල් හා ආමන්ඩ් වැඩිපුර ආහාරයට ගන්න. ඒවායේ කැල්සියම් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර එය ඔයාගෙ අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා කරන ව්‍යායාම මගිනුත් මේ ප්‍රයෝජන ලබාගන්න පුලුවන්.

06. කාන්තාවන්ට නිර්මාණශීලී හැකියාවන් ගොඩක් තියනවා.

මොළය කියන්නෙ ජාලයක්. එහි ඇතුළත රැහැන් හා සම්බන්ධතා ගොඩක් තියනවා. පිරිමින්ගේ මොළයේ ඇති ජාල වලට වඩා කාන්තාවන්ගේ මොළයේ ජාල සම්බන්ධ වෙලා තියන බව අධ්‍යයනවලින් හොයාගෙන තියනවා.

ඒකෙන් අදහස් කරන්නේ කාන්තාවන් ඉක්මනින් සම්බන්ධතා කරගන්න බව හා සම්බන්ධතාවලට පහසුවෙන් හුරු වෙන බවයි.

07. යුරෝපීය කාන්තාවන් පිරිමින්ට වඩා සුදුයි.

යුරෝපීය සම්භවයක් තියන කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයක් සුදුයිලු. මේ අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ උපතේදී තියන ජාන නිසා හෝ පරිණාමීය හේතු මතත් සිදුවෙන්න පුලුවන්. මොකද දුඹුරු පැහැති කාන්තාවන් එයාලගෙ සබඳතාවලදී සාර්ථක වීමට වැඩි ඉඩක් තියන බව හොයාගෙන තියනවා. ඒ වගේම තද පාට කොණ්ඩයක් තියන කාන්තාවන් එක්ක ඉන්න පිරිමි අය ජීවිතේ වැඩිපුරම සාර්ථක වීමට ඉඩ තියන බවත් පරපර්යේෂකයන් කියනවා. ඇත්තටම මේවා උපකල්පන විතරයි.

දැනට විද්‍යාඥයන් මේ සංසිද්ධිය හඳුන්වන්නෙ “කුතුහලය දනවන අභිරහසක්” ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *