උණු වතුර බීමෙන් ශරීරයට ලැබෙන ප්‍රයෝජන 10ක්

ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් තමයි ජලය කියන්නෙ. උණුසුම් හෝ සීතල ජලය ඕනෑම එකක් පානය කිරීමෙන් ඔයාගෙ ශරීරය සෞඛ්‍ය සම්පන්නව හා සජලීව තබා තියාගන්න පුලුවන්.

ඒත් අද අපි ඔයාට කියන්න යන්නේ උණුසුම් ජලය පානයෙන් අපට ලබා ගන්න පුලුවන් වාසි ගැනයි. මේ කියන්නෙ සාමාන්‍යයෙන් අපට පානය කල හැකි තරමේ මද උණුසුම් ජලය ගැනයි. වඩා වැඩි රස්නෙන් තියන ජලය ගැන නෙවෙයි. ඔයා මේ දේවල් දැනගෙන හිටියද කියලා බලන්නකෝ.

01. නාසයේ තදබදය සමනය කිරීම

උණු වතුර කෝප්පයක තියන මෘදු වාෂ්ප ගැඹුරින් ආශ්වාස කිරීමෙන් අවහිර වූ කෝටරක හෙවත් හිසේ අස්ථි වල තියන වායුමය සිදුරු ලිහිල් කිරීමට හා සයිනස් හිසරදය සමනය කිරීමට පුලුවන්. කෝටරක හා උගුර පුරා ශ්ලේෂ්මල පටල තියනවා. ශ්ලේෂ්මල පටලැවිල්ල නිසා ඇතිවන උගුරේ වේදනාව සමනය කිරීමට උණු වතුර පානය කිරීම හොඳ විසඳුමක්.

02. ආහාර දිරවීමට උපකාරී වීම

ආහාර ජීර්ණ පද්ධතිය චලනය කිරීමට පානීය ජලය උදව් වෙනවා. බඩ හා බඩවැල් හරහා ජලය ගමන් කරන විට, ශරීරයට අපද්‍රව්‍ය ඉවත් කිරීමට වඩා හොඳ හැකියාවක් ලැබෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය සක්‍රීය කිරීමට උණු වතුර පානය කිරීම උදව් වෙනවා.

03. මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම

ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම මගින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑම් ඇතිවෙනවා. මේක ඔයාගෙ මනෝභාවයට හා මොළයේ ක්‍රියාකාරිත්වයට තදින්ම බලපානවා. පානීය ජලය මගින් මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය වගේම මනෝභාවය වැඩි දියුණු කරලා කාංසාව වගේ තත්ව අඩු කරන බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

04. මල බද්ධය සමනය කිරීමට උපකාරී වීම

විජලනය තමයි මලබද්ධයට ප්‍රධානම හේතුව වෙන්නෙ. මලබද්ධය සමනය කිරීමට හා වළක්වා ගැනීමට හොඳින් ජලය පානය කරන්න ඕන. එය මළපහ මෘදු කිරීමට උපකාරී වෙනවා වගේම මළපහ පිට වීම පහසු කරනවා.

05. සිරුර සජලීකරණය කිරීම

ඕනම උෂ්ණත්වයක තියන පානීය ජලය මගින් ඔයාගෙ ශරීරය සජලීව තියාගන්න උපකාරී වෙනවා. ගර්භණී හෝ මව්කිරි දෙන මවක් හෝ , දැඩි ක්‍රියාකාරකම්වල යෙදෙන හෝ උණුසුම් පරිසරයක වැඩ කරන කෙනෙක් නම් ඔයාට වැඩිපුර ජලය අවශ්‍ය වෙනවා.

06. සීතලට වෙව්ලීම අඩු කිරීම

සීතලක් දැනෙන විට අපේ ශරීරය දක්වන සාමාන්‍ය ප්‍රතිචාරය තමයි වෙව්ලීම කියන්නේ. උණුසුම් ජලය පානය කිරීමෙන් වෙව්ලීම අඩු කර ගත හැකි බව පර්යේෂණවලින් පෙන්වා දෙනවා. අපේ ශරීරයේ උෂ්ණත්වය උණු වතුර පානය කිරීමෙන් අඩු වැඩ කොටසක් කරන්න පුලුවන් බව පර්යේෂකයන් සොයා ගත්තා. සීතල තත්වයන් තුළ වැඩ කරන හෝ ව්‍යායාම කරන පුද්ගලයින්ට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.

07. රුධිර සංසරණය වැඩි දියුණු කිරීම

රුධිර පීඩනයේ සිට හෘද වාහිනී රෝග අවදානම දක්වා හැම දෙයකටම සෞඛ්‍ය සම්පන්න රුධිර ප්‍රවාහයක් වැදගත් වෙනවා. උණු වතුර පානය කිරීමෙන්, ධමනි හා නහර වගේ රුධිර සංසරණ ඉන්ද්‍රියයන්ට ශරීරය පුරා රුධිරය වඩාත් ඵලදායී ලෙස පුළුල් කිරීමට හා ගෙන යාමට උපකාරී වෙනවා.

08. ආතති මට්ටම් අඩු කිරීම

උණු වතුර බීමෙන් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරගන්න පුලුවන්. ජලය අඩුවෙන් පානය කිරීමෙන් සන්සුන් බව, තෘප්තිය හා ධනාත්මක චිත්තවේගයන් අඩු වන දැන් හොයාගෙන තියනවා. මනෝභාවය හා ලිහිල් කිරීමේ මට්ටම වැඩි දියුණු කිරීමට නම් නිතර සජලීකරණයෙන් සිටීම වැදගත්.

09. ශරීරයේ විෂබීජ නාශක පද්ධති සඳහා උදව් වීම

වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමෙන් වකුගඩු ආරක්ෂා කර ගන්න පුලුවන් බව හොයාගෙන තියනවා. ඒත් මේකට උණු වතුරම බොන්න ඕන කියලා හොයාගෙන නෑ. ජලය පානයෙන් රුධිරයේ අපද්‍රව්‍ය තනුක කරන බවත් අධ්‍යයන වලින් හොයාගෙන තියනවා. ඒ වගේම, උණු වතුර පානය කිරීම මගිම් දැවිල්ලට එරෙහිව සටන් කිරීමට, සන්ධි හොඳින් ලිහිසි කර තබා ගැනීමට හා රක්තවාතය වළක්වාගන්නත් පුලුවන්.

10. අචලේෂියා රෝග ලක්ෂණ සමනය කිරීම
1131123017

අවලේෂියා කියන්නෙ ආහාර බඩට ගෙනයාමට අපහසු වන තත්වයක්. මේ රෝගයෙන් පෙළෙන අයට ගිලීමේ අපහසුතාවයක් ඇතිවෙනවා. ආහාර ආමාශයට ගමන් කරනවා වෙනුවට මගින් ආහාර හිර වී ඇති බවක් මේ අයට දැනෙනවා. ඩිස්ෆැජියා කියලා හදුන්වන්නෙත් මේ රෝගයමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *