උපාංග තෝරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය රීති 10 ක්

අලුත් විලාසිතා අත්හදා බලන්න ඕනම කෙනෙක් කැමතියි. ඒත් ඇඳුමට ගැලපෙන ආභරණ හෝ වෙනත් උපාංග පළඳිනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියනවා. උපාංග විතරක් නෙවෙයි, හෑන්ඩ් බෑග් හෝ සපත්තු තෝරගන්නකොටත් අඳින ඇඳුමට හා පළඳින ආභරණවලට ගැලපෙන විදිහට ඒවා තෝරගන්නත් ඔයා ඉගෙන ගන්න ඕන.

අද අපි ඔයාට කියන්න යන්නෙ විලාසිතා කරනකොට හරියටම දැනගෙන කරන්නෙ කොහොමද කියලයි.

01. විශාල උපාංග 3-4 කට වඩා එකවර පළඳින්න එපා.

එක ඇඳුමකට විශාල උපාංග කිහිපයක් පලඳින්න පුලුවන්. හැබැයි ඒවායින් 3-4 කට වඩා පළඳින්න එපා. උපාංගවල පාට, වර්ගය හා ඒවා හදලා තියන ද්‍රව්‍ය ඇඳුමට ගැලපෙනවද කියලත් බලන්න.

02. ලොකු ස්කාෆ් එකකින් ලොකු කොලර් වහන්න එපා.

ඔයාගෙ කබායට දැනටමත් ලොකු කොලර් එකක් තියනවා නම් ඔයාගෙ ඇංදුමට ලොකු ස්කාෆ් එකක් දාන්න ඕන නෑ. ඒ වෙනුවට, ඔයාගෙ බෙල්ලට හා කරේ පිටතින් සැහැල්ලු ලේන්සුවක් පළඳින්න.

03 අයිතම කුඩා නම් විතරක් ගැලපෙන ආභරණ කට්ටලයක් භාවිතා කරන්න.

සමහර අය කියන්නෙ පබළු, කරාබු, වළලු හා මුදු සියල්ලම එකම සෙට් එකෙන් පළඳිනකොට ලස්සන නෑ කියලයි. ඒත් මේ අදහස හැම විටම ඇත්තක් නෙවෙයි. මොකද, ඒක රඳාපවතින්නෙ ආභරණවල සයිස් එක මතයි. ඒවා ප්‍රමාණයෙන් කුඩා නම්, ඒවා සියල්ලම එකට පැළඳීමෙන් අලංකාර පෙනුමක් ලබාගන්න පුලුවන්.

04. අත්බෑගය සපත්තුවල පාටට ගැලපෙන්නම ඕන නෑ.

ඔයාගෙ සපත්තු වලට ගැලපෙන බෑගයක් තෝරා ගැනීම අනිවාර්ය දෙයක් නෙවෙයි. ඔයාගෙ සපත්තු ඉතා දීප්තිමත් නම්, අත් බෑගය ඊට ගැලපෙන වෙනස් පාටකින් ගන්න එක වඩා හොඳයි.

05. දීප්තිමත් ඇඳුම් හෝ ඇසට හසු වන උපාංග යන දෙකෙන් එකකට මුල් තැන දෙන්න.

ස්ටයිල් කරනකොට අපට ගැලපෙන විදිහට ඒවා කරන්න වග බලාගන්න ඕන. විලාසිතා කරනකොට එක වරකට ඉස්මතු කරලා පෙන්වන්න ඕන අපේ ඇඳුම්, මේකප් හෝ උපාංග කියන වර්ග තුනෙන් එකක් විතරයි. මේ තුනම එකවර උස්මතු කරන්න ගියොත් එයින් ඔයාගෙ ආකර්ෂණීය පෙනුමට හානි සිදුවෙනවා.

06. හවසට ගැලපෙන ඇඳුමකට ඔරලෝසුවක් පළඳින්න එපා.

අත් ඔරලෝසු ඕනම වෙලාවකදි අඳින ඇඳුමකට ගැලපෙනවා. හැබැයි, හවස තියන උත්සවයකට අඳින ගවුමකට නම් අත් ඔරලෝසුවක් පළඳින එක ගැලපෙන්නෙ නෑ.

07. විශාල මුදු හැම කෙනාටම ගැලපෙන්නෙ නැති බව මතක තබා ගන්න

කොට ඇඟිලි තියන අයට ඝනකම් ලොකු මුදු පැළඳීමෙන් එයාලගෙ ඇඟිලි තවත් කොටට පේනවා.

08. අත්වැසුම්, ඇඳුමේ කොටසකට සමාන පාටක් වෙන්න ඕන.

හරියටම අත්වැසුම් තෝරා ගන්න ලේසිම ක්‍රමයක්: ඔයාගෙ සපත්තු, බෙල්ට් එක හෝ ලිප්ස්ටික් වල පාට දිහා බලන්න. විලාසිතාවල රීතියක් තියනවා, ඔයාගෙ අත්වැසුම් ඔයාගෙ ඇඳුමේ එක අංගයක පාටකටවත් සමාන වෙන්න ඕන කියලා.

09. පැස්ටල් වර්ණයේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා නම් කළු පාවහන් වලින් වළකින්න

පැස්ටල් පාට ඇඳුම්වලට වඩාත් හොඳින් ගැලපෙන්නෙ ලා පාටක සපත්තු දෙකක්. තද පාට සපත්තු ගැලපෙන්නෙ නෑ.

10. විශේෂිත උපාංග උදාසීන පාට ඇඳුම්වලට විතරක් භාවිතා කරන්න

ඔයා නූල් හෝ පබළු ගොඩක් තියන උපාංග පළඳිනවානම්, උදාසීන පාට ඇඳුමක් අඳින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *