එක එක රටවල් වල භාවිතා කරන ලස්සන වීමේ රහස් 13 ක්

අපි හැම වෙලාවෙම කාන්තාවන්ගේ ලස්සන අගය කරනවා. පිටින් බලද්දි පේන්නේ ඒක හරිම ස්වාභාවික හෝ උත්සාහයෙන් ලබා ගන්න ඕන දෙයක් කියලයි. ඒත් ඇත්ත තත්වය කියන්නේ ලස්සන වෙන්න ජානවල බලපෑමකුත් තියනවා කියන එකයි.

හැම රටකටම සම්ප්‍රදායිකව එයාලගේ රූපලාවණ්‍ය රහස් තියනවා. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන දේවල්.

එක එක රටවල්වල තියන රූපලාවණ්‍ය රහස් ගැන ඔයාව දැනුවත් කරන්න අද අපි හිතුවා.

01. ඕස්ට්‍රේලියාව

ඉස්සොරි හා හිස්කබල කැසීම වගේ කරදර වලින් බේරෙන්න ඕස්ට්‍රේලියානු කාන්තාවන් එයාලගේ ෂැම්පු එකට ටී ට්‍රී ඔයිල් බිංදු කීපයක් දාලා පාවිච්චි කරනවා. ඔයාට ඕන නම් ටී ට්‍රී ඔයිල් තියන නිෂ්පාදන දැන් කඩෙන් ගන්නත් තියනවා.

02. බ්‍රසීලය

ඔයාගේ වයසට ගිය සම අලුත්වැඩියා කරගන්න නම් ඊලඟ වතාවේ ඔයා වෙරළට ගියාම තෙත වැලි ටිකක් අරගෙන ඔයාගෙ සමේ සිනිඳුවට ආලේප කරන්න. මේ විදියට මසාජ් කරන එකෙන් රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා වගේම ඔයාගේ සම සිනිඳු කරනවා.

03. ඊජිප්තුව

ඔයාගෙ නාන බේසමට උණුසුම් කිරි ලීටර් 1-2 ක් හා මී පැණි ග්‍රෑම් 100 ක් එකතු කරලා නාන්න. විනාඩි 15-20 කට පස්සෙ ඔයාගෙ සම වඩාත් සිනිඳු හා ඇදෙන සුළු වෙනවා. ඔයා කිරි නාස්ති කරන්න කැමති නැත්නම් ඔයාගෙ සම ආරක්ෂා කරන ආලේපන තෝරා ගනිද්දි ලැක්ටික් අම්ලය අඩංගු නිෂ්පාදනයක් තෝරාගන්න.

අවවාදයයි- කිරි හා මී පැණි වලට ඔයා ආසාත්මිකතා දක්වනවා නම් මේක කරන්න එපා.

04. කොලොම්බියාව

අලිගැටපේර කියන්නෙ ලතින් ඇමරිකානු රටවල්වල රූපලාවණ්‍ය වට්ටෝරුවල ගොඩක් ප්‍රසිද්ධ දෙයක්. එයාලා මුහුණට, හිසකෙස්වලට වගේම බොඩි මාස්ක් වලටත් අලිපේර පාවිච්චි කරනවා.

ඔයාගෙ හිසකෙස් දිලිසෙන සිනිඳු හිසකෙස් බවට පත් කරගන්න නම් අලිපේර හා කෙසෙල් වලට ඔලිව් ඔයිල් මේස හැන්දක් එකතු කරලා කොණ්ඩෙට ආලේප කරන්න. විනාඩි 30 ක් ඉඳලා කොණ්ඩෙ ෂැම්පු කරලා සෝදන්න.

5. චීනය

මුහුණ රැළි වීම වලක්වා ගන්න සහල් වතුරෙන් මුහුණ සෝදන්න. සහල් විනාඩි 20 ක් වතුරේ පොඟවලා සහල් වතුර ගන්න. දවස ගානේ මේක කලොත් ඔයාගේ මුහුණේ වයසට ගියපු පෙනුම නැති කරගන්න ඔයාට පුලුවන්.

06. ජපානය

ජපන් කාන්තාවන්ගේ සම හරිම පැහැදිලියි. ඒ ජානවලින් විතරක් නෙමෙයි. සම නිරෝගීව තියාගන්න නම් එය තද අව්වෙන් පරිස්සම් කරගන්නත් වෙනවා. ජපන් කාන්තාවන් තද අව්වෙන් බේරෙන්න ගිම්හාන කාලෙදි කුඩයක් පාවිච්චි කරනවා. ඒ වගේම අත් දිග ඇඳුම් අඳිනවා.

තරුණ හා සෞඛ්‍ය සම්පන්නව ඉන්න ජපන් රහසක් තමයි අයඩින් හොඳින් තියන ආහාර ගැනීම.

07. ඉන්දියාව

සූර්ය‍ නමස්කාරය කියන්නෙ ඉන්දියානු කාන්තාවන් අතරේ ගොඩක් ජනප්‍රිය ව්‍යායාමයක්. ඒකෙන් ඔයාගෙ පරිවෘත්තිය ක්‍රියා වගේම ශක්තිය වැඩි කරන්නත් උදව් වෙනවා. ඒක ගැහැණු, පිරිමි, ළමුන් යන ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ව්‍යායාමයක්.

කරන්නේ කොහොමද- පින්තූරයේ විදියට හිටගෙන ඉන්න ඉරියව්වෙන් පටන් ගන්න. ඊලඟට ඉතිරි ව්‍යායාම දිගටම කරන්න. කකුල් දදකුණේ ඉඳන් වමට මාරු කර කර මේ සම්පුර්ණ ව්‍යායාමය දෙපාරක් කරන්න.

08. කොස්ට රිකා

සමේ සිදුරු නැති කරලා සමේ පාට නැවුම් කරන්න ඔයාට දොඩම් යුෂ පාවිච්චි කරන්න පුලුවන්. දොඩම් යුෂ හා වතුර 1:1 අනුපාතයෙන් මිශ්‍ර කරලා කපු පෑඩ් එකකින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10 කට පස්සේ සෝදන්න.

09. බල්ගේරියාව

බල්ගේරියානු කාන්තාවන් රූපලාවණ්‍ය කටයුතු වලට රෝස පෙති හෝ රෝස තෙල් බහුලව පාවිච්චි කරනවා. හැම දවසකම ඔයාගෙ සම රෝස වතුරෙන් පිස දමන්න.

10. ෆීජි

ගොඩ කාලයක් තිස්සේ ෆීජි වල කාන්තාවන් සුදු පාටක් සමට ලබාගන්න උත්සාහ කරනවලු. එයාලා ඒක ලස්සනයි කියලා හිතනවා. එයාලා සම සුදු කරන්න පාවිච්චි කරපු ආලේපනය ඔයාට ගෙදරදිම හදාගන්න පුලුවන්. මී පැණි මේස හැඳි 2 ක්, මිරිකාගත් දොඩම් යුෂ මේස හැඳි 3 ක් හා සීනි මේස හැන්දක් විතරයි ඔයාට මේකට ඕන වෙන්නේ. මේ ඔක්කොම එකට කලවම් කරලා ඔයාගෙ මුහුණේ හෝ ඇඟේ ආලේප කරන්න. දෙහි බෑයක් අරගෙන ඒක හොඳට ආලේපනයට උඩින් අතුල්ලන්න. මිනිත්තු 25 ක් විතර හොඳට ස්ක්‍රබ් කරලා සෝදා හරින්න. ඔයාගෙ සම සිනිඳු හා ප්‍රබෝධමත් වෙන්නත් මේ ස්ක්‍රබ් එක උදව් වෙනවා.

11. ග්‍රීසිය

ආහාරවලට විතරක් නෙවෙයි සම පිරිසිදු කරන්න වගේම පිළිස්සුම් සුව කරන්නත් ග්‍රීසියේ ඔලිව් තෙල් පාවිච්චි කරනවා. ඒ වගේම ගෙදරදි කන්ඩිෂනර් එකක් හදාගන්නත් ඔලිව් තෙල් ගන්නවා. ඔලිව් තෙල් මේස හැන්දක් හා යෝගට් කෝප්පයක් එකට මිශ්‍ර කරන්න. ඔයාගෙ කොණ්ඩෙ ෂැම්පු කරලා සෝදලා මේ මිශ්‍රණය කොණ්ඩෙට ගාලා විනාඩි 5 ක් තියන්න. ස්වාභාවික කන්ඩිෂනර් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම මේකෙන් කොණ්ඩෙ සිනිඳු වෙනවා.

12. ස්කැනේඩියානු රටවල්

ස්කැනේඩියානු කාන්තාවන් එයාලගේ සම වයසට යන එක හා වියලෙන එක වළක්වගන්න ඛනිජ ජලයෙන් මුහුණ සෝදනවා. ඒ වගේම එයාලා සෞඛ්‍ය සම්පන්න අහාර ගන්නවා. තද හිරු එළියේ යන්නෙත් නෑ.

13. මෙක්සිකෝව

තේ හැන්දක් එක්ක ඇහි පිල්ලම් කර්ල් කරන උපකරණය මෙක්සිකෝවේ බහුලව දකින්න ලැබෙනවා. හැන්දක් උණු වතුරේ දාලා ටිකක් රත් වෙන්න තියන්න. ඊට පස්සේ හැන්ද ඔයාගෙ ඇහැට ළං කරන්න. එතකොට හැන්දේ දාරය ඔයාගෙ ඇහි පිල්ලම්වල මුලේ ගෑවෙනවා. ඔයාගෙ ඇඟිලිවලින් ඇහිපිල්ලම් හැන්දට තියලා තප්පර 30ක් තද කරගෙන ඉන්න. දැන් මස්කාරා ආලේප කරන්න.

අවවාදයයි- ගොඩක් තියුණු දාර තියන හැන්දක් මේකට පාවිච්චි කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *