ඔබගේ සිරුර විටමින් සී ඌනතාවයෙන් පෙලෙන බවට ඉගි

අපේ ශරීරය නිරෝගීව තබා ගැනීමට හා නිසි ලෙස ක්‍රියා කිරීමට විටමින් සී ගොඩක් වැදගත් වෙනවා. අනෙක් විටමින් වර්ග වගේ නෙවෙයි, විටමින් සී ඔයාගෙ පද්ධතියේ වැඩි කාලයක් රැඳී සිටින්නෙ නෑ. ඒ නිසා ඔයා දිනපතාම නියමිත විටමින් සී ප්‍රමාණය ශරීරයට ලබා දෙන්න ඕන. ඔයාගෙ ශරීරයේ විටමින් සී නොමැතිකම නිසා විවිධ සෞඛ්‍යමය ගැටලු ඇතිවෙනවා. විවිධ කරදරකාරී රෝග ලක්ෂණ ඇති වෙනවා. කොහොම වුණත් ඔයාගෙ ආහාර වේලට ප්‍රමාණවත් විටමින් සී එකතු කර ගැනීමෙන් ඒවා වළක්වගන්න පුලුවන්.

විටමින් සී ඌණතාවයේ සලකුණු කලින් හඳුනා ගැනීමට ඔයාට උදව් වෙන ලක්ෂණ කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්නෙ. මේ ලක්ෂණ කල්තියාම හඳුනගෙන ඒවා වළක්වගන්න කටයුතු කළොත් ඔයාට ඔයාගෙ සමස්ත සෞඛ්‍යයම වැඩි දියුණු කරගන්න පුලුවන්.

01. විදුරුමස් ඉදිමී ලේ ගැලීම

විදුරුමස් සෞඛ්‍යයට විටමින් සී අත්‍යවශ්‍ය වෙනවා. ඔයාට දිනකට අවශ්‍ය විටමින් සී ප්‍රමාණය ලැබෙන්නෙ නැත්නම් ඒ බව ඔයාගෙ විදුරුමස්වලින් හඳුනගන්න පුලුවන්. ඔයා ඔයාගෙ දන්ත සනීපාරක්ෂාව ගැන හොඳ සැලකිල්ලක් දැක්වුවත් විදුරුමස් ඉදිමී ඇති බක් ඔයාට දැනෙනවා නම්, වැඩිපුර විටමින් සී ගැනීමට උත්සාහ කරන්න. වැඩිහිටි කාන්තාවන් සඳහා දිනකට මිලිග්‍රෑම් 75 ක් හා වැඩිහිටි පිරිමින් සඳහා දිනකට මිලිග්‍රෑම් 90 ක විටමින් සී ප්‍රමාණයක් ලබා ගන්න ඕන කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියාවා. දුම් පානය කරන කෙනෙක් නම් මේ සඳහා දිනකට අමතර විටමින් සී 35mg ක් එකතු කරගන්න.

02. තුවාල සුව වීමට කල් ගතවීම

ඔයාගෙ ඇඟ පීච් එකක් වගේ හැකිළිලා නම් ගොඩක් වෙලාඅට ඔයාගෙ විටමින් සී පරිභෝජනය අඩු නිසා වෙන්න පුලුවන්. වාසනාවකට වගේ ඔයා දිනපතා පැඟිරි පලතුරු හා එළවළු අනුභව කරනවා නම් මේ තත්වය වළක්වගන්න පුලුවන්. මීට අමතරව, ඔයාගෙ ඇඟේ ඇතිවෙන සීරීම් හෝ තුවාල සනීප වෙන්න වැඩි කාලයක් ගතවෙනවා නම් ඔයා ඔයාගෙ විටමින් සී පරිභෝජනය වැඩි කරගන්න ඕන. ශරීරයට කොලජන් නිපදවීමට විටමින් සී අවශ්‍ය නිසා දොඩම් වගේ පලතුරු නිතර ආහාරයට ගන්න.

03. කොණ්ඩය දුර්වල වී පහසුවෙන් කෙස් හැලීම

ඔයාටත් හිසකෙස් ගැලවී යාමේ හා කැඩී යාමේ ගැටලුවක් තියනවා නම් ඔයා දිනපතා ලබාගන්න විටමින් සී ප්‍රමාණයේ මදිකමක් තියන බව තමයි එයින් හැඟෙන්නෙ. හිසකෙස් නිෂ්පාදන සඳහා සල්ලි ගොඩාක් වියදම් කරන්න කලින්, බ්‍රොකොලි හා කිවි වගේ විටමින් සී බහුල ආහාර අනුභව කිරීමට උත්සාහ කරන්න. එතකොට ඔයාට විටමින් සී අඩංගු පෝෂණ අතිරේක ලබා ගන්න ඕන වෙන්නෙ නෑ. ඔයාගෙ ආහාර වේලෙන්ම දෛනික විටමින් සී අවශ්‍යතාවය සපිරෙනවා.

04. නිතර සන්ධි වේදනාව ඇති විම

සන්ධි වේදනාව විටමින් සී ඌණතාවයේ ඉතා සුලභ මුල් සංඥාවක්. විටමින් සී කියන්නෙ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. එය ශරීරයේ එය නොමැතිකම නිසා සන්ධි කැක්කුම ඇති වෙනවා. සන්ධි වේදනාව පාලනය කිරීම එතරම් පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා විටමින් සී ලබාගැනීම ඔයාගෙ දෛනික චර්යාවේ කොටසක් කරගන්නවා නම් ගොඩක් හොඳයි.

05. නිරන්තරයෙන් අසනීප වන අතර ප්‍රතිශක්තිය දුර්වල වීම

ඔයාට නිතරම උණ, සෙම්ප්‍රතිශ්‍යාව හා ආසාදන ඇති වෙනවා නම්, ඔයාගෙ ප්‍රතිශක්තිය අඩු මට්ටමක පවතිනවා. විටමින් සී මගින් සුදු රුධිරාණු නිපදවීම උත්තේජනය කරනවා. එමගින් බෝවන රෝග සහ විදේශීය ආක්‍රමණිකයින්ට එරෙහිව සටන් කරයි. ඔබ නිරන්තරයෙන් රෝගාතුර නම්, මෙයින් අදහස් කරන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය දුර්වල වන අතර ඔබේ විටමින් සී ප්‍රමාණය වැඩි කිරීමෙන් ඔබ එය වැඩි කළ යුතු බවයි.

06. පැහැදිලි හේතුවක් නැතිව සිරුරේ බර වැඩිවීම

ඔයා ඔයාගෙ ජීවන රටාවේ ලොකු වෙනසක් සිදු කරලා නැතුවත් එක පාරටම ඔයාගෙ බර ගොඩක් වැඩි වෙනවා නම්, ඒකටත් විටමින් සී ඌණතාවයේ සම්බන්ධයක් තියෙන්න පුලුවන්. පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ විටමින් සී අඩුකම හා ශරීර මේදය වැඩිවීම(විශේෂයෙන් බඩේ මේදය) අතර සම්බන්ධයක් තියන බවයි. විටමින් සී මගින් ඔයාගෙ ශරීරය මේදය වඩාත් කාර්යක්ෂමව දහනය කිරීමට උපකාරී වෙනවා. ඒ නිසා කැලේ සලාද ආහාරයට එකතු කරගන්න.

07. දිවා කාලයේදී නිදිමත හා වෙහෙස දැනීම

ඔයාට රාත්‍රියේදී ප්‍රමාණවත් නින්දක් ලැබුණත් දිවා කාලයේදීත් නිදිමත හා මහන්සි ගතියක් දැනෙනවාද? එහෙනම් ඒකට හේතුව ඔයාට විටමින් සී ප්‍රමාණවත් නොවීම වෙන්න පුලුවන්. තෙහෙට්ටුව කියන්නෙ ශරීරයේ විටමින් සී නොමැතිකම නිසා ඇතිවන රෝග ලක්ෂණ වලින් එකක්. ඔයාගෙ දෛනික ආහාර වේල සකස් කිරීමෙන් පසු ඔයාට මහන්සියක් දැනෙනවා නම් කෝපි කෝප්ප 10 ක් බොනවා වෙනුවට කිවි කන්න!

08. සම වියළි හා අඳුරු පෙනුමක් ගැනීම

කොලජන් නිෂ්පාදනය සඳහා විටමින් සී ඉතා වැදගත්. ඔයාට ප්‍රමාණවත් තරම් විටමින් සී ලැබෙන්නේ නැත්නම්, සම පැහැපත් කරන කොලැජන් නිෂ්පාදනය අඩු වෙනවා. එවිට සමේ අඳුරු හා රැලි සහිත පෙනුමක් ඇති වෙනවා. ඉතින්වෙළඳපොළේ තියන සම ආරක්ෂණ ආලේපන අතර මිල අධික විටමින් සී සීරම් තියන එක පුදුමයක් නෙවෙයි.

09. නිතර නාසයෙන් ලේ ගැලීම

සාමාන්‍යයෙන් මේ තත්වය ඔයාගෙ සමස්ත සෞඛ්‍යයට භයානක නැතත්, ඔයාට නිතරම නාසයෙන් ලේ එනවා නම් එයින් අදහස් කරන්නේ ඔයාගෙ ශරීරයට වැඩිපුර විටමින් සී අවශ්‍ය බවයි. ඔයාගෙ නාසය කුඩා රුධිර නාල වලින් පිරිලා තියනවා. ඒවා දුර්වල වීම වළක්වා ගැනීමට විටමින් සී වැදගත් වෙනවා. එම රුධිර නාල ප්‍රමාණවත් තරම් ශක්තිමත් නැත්නම්, නාසයෙන් ලේ ගලන්න ඉඩ තියනවා.

10. නියපොතු තුනී හා දුර්වල වීම

යකඩ වඩා හොඳින් අවශෝෂණය කර ගැනීම සඳහා ශරීරයට විටමින් සී අවශ්‍ය වෙනවා. ඔයාගෙ පද්ධතියේ විටමින් සී අඩුයි නම්, එමගින් යකඩ ඌණතාවය ඇති වෙලා රක්තහීනතාවයට හේතු වෙන්න පුලුවන්. ඔයා නියපොතු ශක්තිමත් කරගන්න උත්සාහ කළත් ඔයාට ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැත්නම්, ඔයාගෙ ආහාර වේලට වැඩිපුර නැවුම් පලතුරු හා එළවළු එකතු කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *