ඔබට පැරණි පෙනුමක් ලබා දෙන නොකළයුතු දේවල් 11 ක්

ඔයා අනුගමනය කරන විලාසිතා සහ අඳින ඇඳුම් මගින්, ඔයාට ඔයා ගැන තියන දැනීම, මනෝභාවය සහ ඔයාගෙ සෞඛ්‍යයට පවා බලපෑම් කරනවා. අපි ඇඳුම් තෝරගන්නකොට අපේ ඇඟට ගැලපෙන ඇඳුම් තෝරගන්න වගබලාගන්න ඕන. අපි නොදැන කරන සමහර විලාසිතා මගින් අපේ තරුණ පෙනුම විනාශ කරලා අපිට වයසක පෙනුමක් ලබා දෙනවා. ඒ නිසා තරුණ බව ආරක්ෂා වෙන විලාසිතා තෝරගන්න සැලකිලිමත් වෙන්න ඕන.

ඔයාව වයස්ගත වෙලා පේන්න හේතු වෙන විලාසිතා වැරදි මොනවද කියලා දැන් අපි බලමු.

01. ඔබේ බෙල්ල විවෘතව තබන්න.

ඔයාට තරුණ පෙනුමක් ලබා ගන්න ඕන නම්, බෙල්ල වැහෙන ඇඳුම් අඳින්න එපා.

02. දිග සායවල් අඳින්න එපා.

දිගු සායවල් මගින් ඔයාට තරුණ, නැවුම් හෝ සරාගී පෙනුමක් ලබා දෙන්නෙ නෑ. කොට සායක් වුණත් හැමවිටම සුදුසු නෑ. සමහර විට කොට සායවල් මගින් ඔයාට අසභ්‍ය පෙනුමක් ලබා දෙන්න ඉඩ තියනවා. ඒ වෙනුවට දණහිස දක්වා දිග සායක් තෝරගන.

03. කාඩිගන් පළඳින්න එපා.

ඔයා සුව පහසු කාඩිගන් වලට කැමති වුණත්, ඒවා පළඳින්න එපා. විශේෂයෙන් අඳුරු හෝ තද වර්ණවල කාඩිගන් පැළඳීමට කලින් හිතන්න. ඒ වෙනුවට ජැකට් හෝ බ්ලේසර් එකක් තෝරන්න.

04. සීතල වුණොත් හැර, ස්කාෆ් පළඳින්න එපා.

ස්කාෆ් එකක් පැළඳීමෙන් ඔයාට වයස්ගත පෙනුමක් ඇති කරනවා. ඒ වෙනුවට බෙල්ල පේන ඇඳුමක් අඳින්න.

05. ඕනෑවට වඩා කළු අඳින්න එපා.

කළු කියන්නෙ ගොඩක් ආකර්ෂණීය වර්ණයක්. ඒත් ඕනෑවට වඩා කළු ඇඳුම් ඇඳීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න. එමගින් ඔයාගෙ සමේ පැහැය වගේ සමේ තියන සියලු රැළි ඉස්මතු කිරීමේ අවදානමක් තියනවා. දීප්තිමත් ඇඳුම්වලින් ඔයාගෙ මුහුණට ආලෝකයක් ලබා දෙනවා.

06. සැහැල්ලු මේකප් එකක් තෝරගන්න.

ඕනෑවට වැඩි මේකප් හා ඉතා දීප්තිමත් හෝ තද පාට ලිප්ස්ටික් මගින් ඔයාගෙ කට වටා තියන රැළි ඉස්මතු කරනවා. තද පාට අයි ෂැඩෝ ආලේප කිරීමෙන් ඇස්වලට මහන්සි පෙනුමක් ලබා දෙනවා. උදාසීන පාට සහ ලිප් ග්ලොස්, ස්වභාවික හා තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

07. විශාල ඇඳුම් අඳින්න එපා.

ඇඟට වඩා ගිඩක් ලොකු ඇඳුම් ඇඳීමෙන් ඔයාව විශාල ලෙස පේනවා. ඒ නිසා ඒවා ජිම් යනකොට අඳින්න විතරක් තියාගන්න. ඔයාගෙ ප්‍රමාණයට ගැලපෙන ඇඳුම් තෝරන්න. ඔයාගෙ ඇඟේ හොඳම අංග ඉස්මතු වෙන ඇඳුම් තෝරගන්න අමතක කරන්න එපා.

08. හැකි නම් කණ්නාඩි පැළඳීමෙන් වළකින්න.

සමහර අය කණ්නාඩි පළඳින්නෙ ඇස්වල ආබාධයක් තියන නිසාම නෙවෙයි. ඒත් ඇත්තටම, කණ්ණාඩි මගින් ඔයාගෙ පෙනුමට වැඩිපුර වයසක් එකතු කරනවා. ඒ නිසා කණ්ණාඩි ඉවත් කරලා කාච වෙත මාරු වෙන්න උත්සාහ කරන්න.

09. මල් මුද්‍රණවලින් ඈත් වෙන්න.

මල් මුද්‍රණ සහිත ඇඳුම් හා බ්ලවුස් මගින් ඔයාව පරණ විලාසිතාවක් බවට පත් කරනවා. ඒ වෙනුවට පැස්ටල් පාට ඇඳුම් තෝරගන්න.

10. ඔබේ කොණ්ඩය කෙටි කරන්න එපා.

කොට කොණ්ඩය ලස්සන විලාසිතාවක් වගේ පෙනුණත් එමගින් ඔයාගෙ ඇත්ත වයසට වඩා වයසක පෙනුමක් ඔයාට ලබා දෙනවා.

11. ව්‍යාජ ටෑන් භාවිතා කරන්න එපා.

ව්‍යාජ ටෑන් පාවිච්චි කරන එකේ තේරුමක් නෑ. ඒකෙන් ඔයාගෙ සමේ තියන අඩුපාඩු ඉස්මතු කරනවා. ඒ වෙනුවට SPF අඩංගු ක්‍රීම් එකක් තෝරගෙන, සමට ස්වභාවික හා ඒකාකාරී ටෑන් එකක් ලබාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *