ඔබේ ආයු කාලය වැඩි කර ගැනීමට තෙල් භාවිතා කල හැකි ක්‍රම 19 ක්

අත්‍යවශ්‍ය තෙල් මගින් අපිට රූපලාවණ්‍ය වාසි වගේම තවත් ගොඩාක් ප්‍රයෝජන ලබා දෙනවා. නිවස පිරිසිදු කිරීමට වගේම කෘමි සතුන්ගෙන් ආරක්ෂාවීමට අත්‍යවශ්‍ය තෙල් භාවිතා කරනවා කියලා ඔයා කලින් දැනගෙන හිටියද?

ගෙදරදි අත්‍යවශ්‍ය තෙල් භාවිතා කිරීමේ පුදුමාකාර ක්‍රම 19 ක් ගැන අද අපි ඔයාට කියලා දෙනවා. ලිපිය අවසන් වෙනකම් කියෙව්වොත් ඔයාට අනිවාර්න්ම අත්‍යවශ්‍ය තෙල්වල වැදගත්කම ගොඩාක් හොඳට පැහැදිලි වෙයි කියලා අපට විශ්වාසයි.

01. වේදනාව සමනය කිරීමට ගම්මිරිස් තෙල්
  • ඔයාට හිසරදයක් තියනවා නම්, ඔයාගෙ ක්‍රීම් එකකට ගම්මිරිස් තෙල් බින්දු කිහිපයක් එකතු කරලා නළල දෙපැත්තේ ගාන්න. ටික වෙලාවක් මසාජ් කරන්න.
  • ඔයා ඔසප් වේදනාවෙන් පෙළෙනවා නම්, තේ දළු වලට, ගම්මිරිස් තෙල් බින්දු 2 ක් එකතු කරන්න. විනාඩි දෙකකට පසු එය පෙරලා ගන්න.
  • ගම්මිරිස් තෙල් 2-3 බිංදු එළවළු තෙල් සමඟ මිශ්‍ර කිරීමෙන් දත් කැක්කුමකට ප්‍රතිකාර කරන්න පුලුවන්. කපු ස්පොන්ජියක් භාවිතයෙන් කැක්කුම තියන දතට තෙල් මිශ්‍රණය තියන්න.
02. බර අඩු කර ගැනීමට පැඟිරි තෙල්
  • ඔයාගෙ ගෙදර සුවඳවත් කිරීමට පැඟිරි තෙල් බින්දු කිහිපයක් වායු පවිත්‍රකාරකයකට හෝ සුවඳ ලාම්පුවකට එකතු කරන්න. ඒ වගේම පැඟිරි සුවඳ මගින් ආහාර රුචියත් අඩු කරනවා.
  • හණ ඇට තෙල් හෝ ඔලිව් තෙල් සමඟ පැඟිරි තෙල් බින්දු කිහිපයක් මිශ්‍ර කරලා සලාදවලට භාවිතා කරන්න. එමගින් ඔයාගෙ ශරීරයෙන් විෂ ඉවත් කරනවා.
03. පැහැදිලි සමක් ලබා ගැනීමට තේ ගසෙන් ගන්න තෙල්
  • කුරුලෑවලට හොඳ ප්‍රතිකාරයක් මෙන්න. එඬරු තෙල් තේ හැන්දකට සහ හණ ඇට තෙල් තේ හැඳි තුනක් මිශ්‍ර කරන්න. එයටම තේ ගස් තෙල් බින්දු 2-3 ක් එකතු කරලා ඔයාගෙ සමට ආලේප කරන්න. වඩා හොඳ ප්‍රතිඵල සඳහා ඔයාගෙ සම උණුසුම් තුවායකින් තෙත මාත්තු කරලා මුහුණේ තියන තෙල් හා කළු ලප ඉවත් කරන්න. ලැබෙන ප්‍රතිඵලයෙන් ඔයා පුදුම වෙයි.
  • නියපොතු දිලීරවලට ප්‍රතිකාර කිරීමට, නියපොත්තට තේ ගස් තෙල් ටිකක් ආලේප කරන්න පුලුවන්.
  • තේ ගසෙහි තෙල් බින්දු 2-3 ක්, ක්‍රීම් ටිකකට මිශ්‍ර කරලා තොල්වල ආලේප කරන්න. එමගින් තොල් පැලීම නවතිනවා.
04. කෘමීන් දෂ්ට කිරීම සඳහා ලැවෙන්ඩර් තෙල්
  • කෑම්පිං යනකොට සුවඳ විලවුන් වෙනුවට ලැවෙන්ඩර් තෙල් භාවිතා කරන්න. ලැවෙන්ඩර් තෙල්වල සුවඳට කෘමීන් බයයි. ඒ වගේම ලැවෙන්ඩර් තෙල් මගින් ගර්භනී කාන්තාවන් හා ළමයින්ව මදුරුවන්ගෙන් ආරක්ෂා කරනවා..
  • ඔයාගෙ ඇඳුම් රාක්කයේ සලබයන් ඉන්නවා නම්, ලැවෙන්ඩර් තෙල් ඉසින ලද කපු බෝල රාක්කවල තබන්න.
05. සිනිඳු හිසකෙස් සඳහා සමන්පිච්ච තෙල්
  • ජැස්මින් කියන්නෙ ශක්තිමත්ම ස්වාභාවික කෘමිනාශක වලින් එකක්. ජැස්මින් තෙල් අඩංගු සුවඳැති ඉටිපන්දම් ආදරණීය වටපිටාවක් නිර්මාණය කරනවා. ඒ වගේම අන්‍යෝන්‍ය ආකර්ෂණයත් වැඩි කරනවා.
  • ඔයාගෙ සම මෘදු හා සිනිඳු කිරීමට, සාමාන්‍ය මසාජ් ඔයිල් එකටම ජැස්මින් තෙල් ටිකකුත් එකතු කරන්න.
  • ජැස්මින් තෙල් හිසකෙස් පෝෂණය කරලා සිනිඳු කරනවා. ඔයාගෙ ෂැම්පූ හෝ හෙයා බාම් වලට ජැස්මින් තෙල් බින්දු 4-5 ක් එකතු කරලා ප්‍රතිඵලය අත්විඳින්න.
06. සෞඛ්‍යය හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහා යුකැලිප්ටස් තෙල්
  • යුකැලිප්ටස් තෙල් මගින් නාස් මාර්ගයේ ඉදිමීම සමනය කරනවා. උගුරේ අමාරුවකට තෙල් බිංදු 1-2 ක් භාවිතා කරන්න. හුමාලය ඇල්ලීමේදී එයටම තෙල් බිංදු 3-4 ක් භාවිතා කරන්න.
  • කැස්සක් සමනය කිරීම සඳහා, තෙල් බින්දු 4-5 ක් ඇල්කොහොල් ද්‍රාවණයක් සමඟ මිශ්‍ර කර ආශ්වාස කරන්න.
  • යුකැලිප්ටස් තෙල් හා එළවළු තෙල් මිශ්‍රණයක් මගින් තැලීම්, සැහැල්ලු රක්තපාත හා බිබිලි සුව කරගන්න පුලුවන්.
07. නිවස පිරිසිදු කිරීමට අත්‍යවශ්‍ය තෙල්
  • නිවස පිරිසිදු කිරීමට අත්‍යවශ්‍ය තෙල් භාවිතා කිරීමෙන් නිවස ඇතුළේ හොඳින් පිරිසිදු කරලා විෂබීජහරණය කරන්න පුලුවන්. කපු බෝලයකට අත්‍යවශ්‍ය තෙල් ස්වල්පයක් යොදා එය වැකුම් ක්ලීනරය තුළට දමන්න. දැන් වැකුම් ක්ලීනර් එක පාවිච්චි කරනකොට ඔයාගෙ නිවස ප්‍රසන්න සුවඳකින් පිරෙනවා.
  • ලුණු බඳුනකට තෙල් බින්දු කිහිපයක් එකතු කරලා දුගඳ හමන ස්ථානයක තියන්න.
  • ඔයාගෙ පීරිසි සහ පිඟන්වලට දිලිසෙන පෙනුමක් ලබා ගැනීමට, සබන් පිඟානට අත්‍යවශ්‍ය තෙල් බින්දු කිහිපයක් එකතු කරන්න.
වැදගත්:
ව්‍යාජ සගන්ධ තෙල් වර්ග රාශියක් වෙළඳපොළේ විකුණන්න තියනවා. ඒ නිසා ඔයා ඒවා මිලදී ගන්නකොට පරිස්සම් වෙන්න ඕන. ෆාමසිවලින් හෝ සුපිරි වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය තෙල් මිලදී ගන්න එපා. ඔයා මිලදී ගන්න තෙල්වල සඳහන් ගුණාංග තියනවද කියලා අනිවාරෙන්ම බලන්න.
  • සියලුම අත්යවශ්ය තෙල් සඳහා ISO හෝ GMP (හොඳ නිෂ්පාදන පුහුණුව) සහතිකයක් තිබිය යුතුයි.
  • ලේබලයේ පහත සඳහන් දේවල් අඩංගු විය යුතුයි. 100% අත්‍යවශ්‍ය තෙල්, පිරිසිදු අත්‍යවශ්‍ය තෙල්, පිරිසිදු හා ස්වාභාවික. වෙනත් වචන අඩංගු වෙන්න බෑ.
  • බෝතලය අඳුරු පාට වෙන්න ඕන. වීදුරු (50%) සහ බෝතලයේ උඩ බිංදු වශයෙන් ඉසින කොටසක් තියෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *