ඔබේ ඇස් දැකුම්කලු වීමට විස්මිත රහස් 8 ක්

ඔයාගෙ ඇස්වලට ඇස් විශාල හා වඩා ප්‍රකාශිත පෙනුමක් ලබා ගන්න මේකප් ගුරුවරයෙක් වෙන්න ඕනම නෑ. හොඳ අයි මේකප් එකක් කරගන්න නම් කුඩා රහස් කිහිපයක් දැන ගෙන ඉන්න එක ප්‍රමාණවත් වෙනවා. ලස්සන අයි මේකප් එකකින් ලැබෙන ආකර්ෂණීය පෙනුමෙන් ඔයාව ඕනම කෙනෙක්ට වැඩියෙන් ආකර්ෂණය වෙනවා. ඇස් වලට මේකප් කරද්දි අපි එක එක ව්‍යාජ දේවල් පවා භාවිත කරනවා. හොඳම උදාහරණය තමයි බොරු ඇහි පිල්ලම් පාවිච්චි කරන එක. ඒවා තෝරගන්නකොට වුණත් ඇස්වලට ගැලපෙන විදියට තෝරගන්න අපි දැනගෙන ඉන්න ඕන. ඒ වගේම අයි ෂැඩෝ, අයි ලයිනර්, මස්කාරා වගේ එක එක විදියේ රූපලාවණ්‍ය ආලේපන, අපි අයි මේකප් එකකට පාවිච්චි කරනවා.

අද අපි ඔයාට කියන්න යන්නෙ ඇස් දෙක කැපිලා පේන විදියට අයි මේකප් එකක් කරද්දි ඔයා දැනගෙන ඉන්න ඕන විශේෂම දේවල් කිහිපයක් ගැනයි.

01. ඇහි බැම හොඳින් ඉස්මතු කරන්න

ඇහි බැමට වැඩි අවධානයක් දීමෙන් ඔයාට ඔයාගෙ මුහුණේ ලක්ෂණ වඩාත් හොඳින් ඉස්මතු කරන්නත්, මුහුණේ සමමිතිය වැඩි දියුණු කරන්නත් පුලුවන්. ඔයාගෙ මුහුණේ හැඩය පටු හෝ පළල් වන පරිදි ඇහි බැම හසුරවන්න පුලුවන්. අයි ෂැඩෝ සහ අයි බ්‍රෝ පෙන්සිල් මගින් ඇහි බැමේ පරිපූර්ණ හැඩය හදාගන්න පුලුවන්.

02. වෝටර්ලයින් එකට සුදු අයිලයිනර් පැන්සලක් යොදන්න

ඔයාගෙ ඇස් වලට නැවුම් හා දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට නම්, සුදු අයිලයිනර් පැන්සලක් හෝ දියර අයිලයිර් එකක් වෝටර්ලයින් එකට ආලේප කරන්න. ඇත්දළ හෝ මුතු පාට වගේ වැනි සැහැල්ලු ශේඩ්ස් මේකට හොඳට ගැලපෙනවා.


ඔබේ අයි ලයින් එකට පරිපූර්ණ පෙනුමක් ලබා ගැනීමට, මුලින්ම ඒවා තිත්වලින් රේඛාවක් විදියට අඳින්න. ඒ දළ සටහන හරියටම ඇඳගෙන තිත් ප්‍රවේශමෙන් යා කරන්න.

03. හයිලයිටර් භාවිතා කරන්න

ඔයාගෙ ඇස් දීප්තිමත් කිරීමට, හයිලයිටරයක් ​​හෝ මුතු පාට අයි ෂැඩෝ එකක් භාවිතා කරන්න. ඇස්වල ඇතුළු කෙළවරට හා ඇහිබැමෙහි මැදට ඒවා ආලේප කරන්න.

04. කර්ල් ඇහිබැමි

ඔයාට ස්ට්‍රේට් ඇහිබැමි තියනවා නම් යි ලෑෂස් කර්ල් කරන උපකරණයක් භාවිතා කරන්න. මස්කාරා ආලේප කරන්න කලින් ඔයාගෙ ඇහි පිල්ලම් කර්ල් කරගන්න.

05. ලා දුඹුරු අයි ෂැඩෝ යොදන්න

ලා-දුඹුරු අයි ෂැඩෝ එකක් ඕනම කෙනෙක්ට ගැලපෙනවා. ඇසිපිය මත ලා පාට ෂැඩෝ එක ආලේප කරන්න. පිටත කෙළවරේ වර්ණය තද කරන්න. දැන් ආයෙත් ලා පාටක් ඇහිපිය මත ආලේප කරන්න. එමගින් ඔයාගෙ ඇස්වල හැඩය ඉස්මතු කරනවා.

06. ලෑෂ් ලයින් එක තද කරන්න

ලෑෂ් ලයින් එක තද පාට කිරීමෙන් ඔයාගෙ ඇස් කැපිලා පේනවා. ඔයාගෙ ලා පාට ෂැඩෝ එක හා තද පාට ෂැඩෝ එක අතර තද රේඛාවක් රේඛාවක් නොපෙනෙන තෙක් තද පාට ෂැඩෝ එක හොඳින් බ්ලෙන්ඩ් කරන්න.

07. නිල් ෂැඩෝ මගින් ඇස් දීප්තිමත් කර පෙන්වනවා

කොළ, දුඹුරු හෝ නිල් ඇස් තියන කාන්තාවන්ට නිල් පැහැය වඩාත් සුදුසුයි. මේ වර්ණය මගින් ඔයාගෙ ඇස් වලට වඩාත් ගැඹුරු හා ප්‍රකාශිත පෙනුමක් ලබා දෙනවා.

08. වර්ණයට බය වෙන්න එපා

ඔයාට ඇස් ඉස්මතු කරලා පෙන්වීමට නම් ඔයාගෙ ඇහිපිය පුරා වර්ණවත් අයි ෂැඩෝ ආලේප කරන්න පුලුවන්. හොඳම විසඳුමක් තමයි අයිරිශ් වර්ණයට ගැලපෙන ෂේඩ්ස් භාවිතා කිරීම. ඔයාගෙ පෙනුම දීප්තිමත් කිරීමට, අනුපූරක වර්ණ ආලේප කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *