ඔබේ ඇස් පෙනීම වැඩි දියුණු කල හැකි ක්‍රම 10 ක්

වෛද්‍ය විද්‍යාවේ මූලික සංකල්පයක් තමයි ඔයා ඔයාගේ මොකක් හරි මාංශපේශියක් පාවිච්චි කරන්නේ නැත්නම් ඒක දුර්වල වෙන බව. මාංශපේශි වගේම තමයි ඔයාගෙ ඇස්වල මාංශපේශිත් හරියට පුහුණු කරලා තියාගන්න ඕනෙ. ඒකට කරන්න පුලුවන් දේවල් 10ක් අද අපි ඔයාට කියලා දෙනවා.

1.දවල් කාලයට ඔයාගෙ ඇස් ඕනවට වඩා මහන්සි කරන්න එපා. හැම පැය 2-3 කටම සැරයක් විනාඩි කිහිපයක් ඇස් වහගෙන ඉඳලා ඔයාගෙ ඇස් වලට විවේකයක් දෙන්න.

2.ඔයාගෙඇස්වලට ව්‍යායාමයක් ලබා දීමට කරන්න පුලුවන් මූලික අභ්‍යාස ටිකක් තමයි මේ. මේකෙ තියන පිලිවෙලට දිනපතා මේ ව්‍යායාමය කරන්න.


#01

3.ඔයා කණ්ණාඩි දාන කෙනෙක් නම් එක දිගට ගොඩක් වෙලා කණ්ණාඩි දාගෙන ඉන්න එපා. සැරින් සැරේට කණ්ණාඩි දෙක ගලවන්න.

4.සිනිඳුවට රවුමට ඔයාගෙ ඇස් මසාජ් කරන්න. මේ රූපයේ විදියට 1 සිට 6 දක්වා කරන්න.


#02


ඇස් මසාජ් කරද්දී ඔයාගෙ මැදඟිල්ල හා දබරැඟිල්ල යොදා ගන්න. ගොඩක් තදින් ඇහැට ඇඟිලි තද කරන්න එපා.

5.ඔයා එලිමහනේ ඇවිදිනකොට ඔයාගෙ කකුල්වලට හෝ ඔයාගෙ ඉස්සරහ තියන දේවල්වලට අවධානය දෙන්නෙ නැතුව ඔයාට ඇවිදින්න තියන දුර ගැන බලන්න.

6.පුලුවන් හැම වෙලාවකම කැරට් යුෂ බොන්න. දවස ගානෙ බොනවා නම් ගොඩක් හොඳයි.

කැරට් යුෂවලට ඔලිව් තෙල් බිංදු කීපයක් එකතු කරලා බොන්න පුලුවන් නම් කැරට් යුෂවල තියන පෝෂණය ඔයාගෙ ඇඟට තවත් හොඳින් උරාගන්නවා.

7.හවස් වෙනකොට ඔයාගෙ ඇස්වලට අපහසුවක් හෝ වේදනාවක් දැනෙනවා නම් ඒ සඳහා කෝමාරිකා යුෂ පාවිච්චි කරන්න පුලුවන්. කොහොම වුණත් හොඳම දේ තමයි ඊටත් කලින් වෛද්‍යවරයෙක් හමුවෙන එක.


#03

8.ඔබේ ඇස්වලට වෙහෙසක් දැනෙන වෙලාවට උණු වතුරෙන් ඇස් සෝදන්න.

9.නිදාගන්න පැය දෙකකට කලින්වත් ටීවී එකෙන්, ජංගම දුරකතනයෙන් හා පරිගණකයෙන් ඈත් වෙන්න.

10.ඔයාගෙ ඇස් වලට ඉන්දියානු ට්‍රටක ව්‍යායාමය කරලා බලන්න. ඇස් හා මනස හොඳින් තියාගන්න මේ ව්‍යායාමය ඔයාට උදව් වෙනවා.


#04

මේසයක් උඩ තියලා තියන පොඩි ඉටිපන්දමක් වගේ ඕනෑම වස්තුවක් ඉස්සරහින් වාඩි වෙන්න. ඔයාගෙ ඇස් හා ඔයාගෙ අවධානය ඒකට යොමු කරන්න. ඇසිපිය ගහන්න එපා. ඔයා මවාගත්ත රූපය ගැනම අවධානෙන් ඉන්න.

මේ විදියට ටික වෙලාවක් ඉඳලා ඇස් වහගන්න. ඇන් ඔයාගෙ ඇහිබැම අතර තියන ඉඩට ඔයාගෙ අවධානය යොමු කරන්න. පුලුවන් තරම් වෙලාවක් අර වස්තුවේ රූපය මවාගෙන ඉන්න. විනාඩි 10ක් විතර මේක කරන්න.

මේ ව්‍යායාමය කරන්නේ ඔයාගෙ ඇස් වලට මහන්සියක් දැනෙන්න කලින් මොකක් හරි වෙයක් ගැන පැහැදිලි ප්‍රතිරූපයක් ලබා ගන්න එකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *