ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියා නොකරන බවට ඉගි

තයිරොයිඩ් කියන්නෙ උගුරු දණ්ඩට පහළින් පිහිටලා තියන සමනල හැඩැති ග්‍රන්ථියක්. මේක කුඩා වුණත් හරිම වැදගත් ග්‍රන්ථියක්. මොකද එමගින් හෝමෝන පරිවෘත්තීය ක්‍රියාවලියට විශාල බලපෑමක් ඇති කරනවා. ඇමරිකානු තයිරොයිඩ් සංගමයට අනුව, ඇමරිකානුවන් මිලියන 20 ක් පමණම කිසියම් ආකාරයක තයිරොයිඩ් අක්‍රමිකතාවයකින් පෙළෙනවා. ඒත් එයින් 60% ක් තමන්ට තයිරොයිඩ් ගැටලුවක් ඇති බව දන්නෙ නෑ. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැදගත් බව අපි දැනගන්න ඕන.

අද අපි ඔයාට කියන්න යන්නෙ අපේ තයිරොයිඩ් ග්‍රන්ථිය හරියට ක්‍රියා කරන්නේ නැති බව අපි හඳුනාගන්නෙ කොහොමද කියලයි. ලිපිය අන්තිමට තියන අපගේ වැදගත් ප්‍රසාද දීමනාව කියවන්න අමතක කරන්න එපා.

01. වියළි, ​​කොරපොතු සහ ගණකම් සම

හයිපොතයිඩ්‍රොයිඩිස් මගින් සම ගණකම් කිරීමට හේතු වෙනවා. ඒ නිසා සමේ වියළි බවක් හා කොරපොතු ඇතිවෙන්න පටන් ගන්නවා.

02. හිසකෙස් යාම / හිසකෙස් සිහින් වීම

තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරිත්වය මත තමයි අපේ හිසකෙස් වර්ධනය රඳා පවතින්නෙ. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝනයේ මට්ටම වෙනස් වීම හිසකෙස් වර්ධනයට හේතු වෙනවා. හෝමෝනය අධික ලෙස නිපදවීම නිසා හිසකෙස් හිස්කබල පුරා තුනී වීමට ඉඩ ඇති අතර හෝමෝනය අඩුවෙන් නිපදවීම හිසකෙස් හැලීමට හේතු වෙනවා.

03. බඩවැල්වල අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය

බඩවැල් චලනය පාලනය කිරීමට තයිරොයිඩ් හෝමෝන වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය නැවතීමෙන් මල බද්ධයට ඇතිවෙනවා. අධික ලෙස ක්‍රියා කරන තයිරොයිඩ් ග්‍රන්ථිය නිසා නිරන්තරයෙන් බඩවැල් චලනය වීමට හේතු වෙනවා.

04. මානසික අවපීඩනය / හදිසි කාංසාව

ඔයා මෑතකදී කනස්සල්ලට හෝ නොසන්සුන්තාවයට පත්වුණානම්, ඔයාගෙ තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියා කරන බවට එක හොඳ සාක්ෂියක්. තයිරොයිඩ් හෝමෝන අධික ලෙස නිපදවීම නිසා මොළයේ උත්තේජනය වැඩි වන අතර රෝගීන්ට කරදරකාරී බවක් හෝ කනස්සල්ලක් දැනෙනවා. හෝමෝනය අඩුවෙන් නිපදවීම මගින් රෝගියාට මානසික අවපීඩනය හා වෙහෙස ඇතිකරවනවා.

05. අසාමාන්‍ය ලෙස සීතල / දහඩිය දැනීම

තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් අපේ ශරීරයේ ශරීර උෂ්ණත්වය පාලනය කරනවා. හෝමෝන නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතුනහොත් එය අසාමාන්‍ය ලෙස ශරීරයේ පරිවෘත්තීය වැඩි කරන අතර එමගින් මිනිසුන්ට අධික ලෙස උණුසුම හා දහඩිය දැනෙනවා. ශරීරයේ තයිරොයිඩ් හෝමෝනයේ ඌනතාවයක් තියනවා නම් රෝගියාට අඩු ශරීර උෂ්ණත්වයක් හා සීතලක් දැනෙන්න පටන් ගන්නවා.

06. අසාමාන්‍ය බර වැඩිවීම / අඩුවීම

තයිරොයිඩ් හෝමෝන ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීමටත් උදව් වෙනවා. හෝමෝනය නිෂ්පාදනය වීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වීමෙන් ශරීරයේ පරිවෘත්තීය හා කැලරි දහනය කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස අඩු වෙනවා. එමගින් ශරීරයේ බර වැඩිවෙනවා. ඒ වගේම තයිරොයිඩ් හෝමෝනය අධික ලෙස ස්‍රාවය වීමෙන් එකවර ශරීරයේ බර විශාල රාත්තල් ප්‍රමාණයකින් අඩු වෙනවා.

07. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

ඔයාගෙ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් තියනවා නම්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වෙනස් වීම නිසා වෙන්න පුලුවන්. ප්‍රමාණවත් හෝමෝන නොමැතිකම නිසා ඔසප් කාලය වැඩි වීම, වැඩිපුර රුධිරය පිටවීම සිදුවෙනවා. ඒ වගේම හෝමෝනය බහුලව නිපදවීම නිසා ඔසප් කාලය අඩු වීමට හා පිටවන රුධිර ප්‍රමාණය අඩු වීමට හේතු වෙනවා.

08. අමතකවීම / අවධානය යොමු කිරීමේ අපහසුතා

ඔයාගෙ තයිරොයිඩ් ග්‍රන්ථිය හරියට ක්‍රියා කරන්නෙ නැත්නම් ඔයාගෙ මොළය හරියට ක්‍රියා කරන්නෙ නැති වෙනවා. හරියට ක්‍රියාත්මක නොවෙන තයිරොයිඩ් ග්‍රන්ථියක් නිසා සියුම් මතක ශක්තිය නැති වෙනවා. ඒ වගේම අධි ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක් මගින් අවධානය යොමු කිරීම අපහසු කරවනවා.

09. බෙල්ලේ අසහනය හෝ විශාල වීම

තයිරොයිඩ් හෝමෝනය අධික ලෙස නිපදවීම හා අඩුවෙන් නිපදවීම කියන හේතු දෙකම නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වී බෙල්ල ඉදිමෙනවා.

10. හෘද ස්පන්දන වේගය වෙනස් වීම

තයිරොයිඩ් හෝමෝනය අඩුවෙන් ස්‍රාවය වීම නිසා හදවත සෙමෙන් ගැහෙන්න පටන් ගන්නවා. ඒ වගේම තයිරොයිඩ් හෝමෝනය වැඩියෙන් ස්‍රාවය වීම නිසා හෘද ස්පන්දනය වේගවත් වෙනවා.

වැඩි අවදානමක් ඇත්තේ කාටද?
  • පිරිමින්ට වඩා කාන්තාවන්
  • වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවන්
  • තයිරොයිඩ් ආශ්‍රිත ගැටළු පරම්පරාවෙන් ඇතිවෙන අය
තයිරොයිඩ් ආබාධ සඳහා බෙල්ල පරීක්ෂා කිරීම:

ඔයාගෙ හිස පිටුපසට කර කෙළ ගිලින්න. බෙල්ල, උගුරු දණ්ඩ වටා ඇති ප්‍රදේශය පරීක්ෂා කරන්න. එම ප්‍රදේශයේ ගැටිති ස්වභාවයක් දැනෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

ඔයාටත් මේ රෝග ලක්ෂණ මොනවහරි තියනවද? එහෙනම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙලා රෝගී තත්වයක් තියනවාද කියලා තහවුරු කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *