ඔබේ දෑත් අවුරුදු 10 කින් තරුණ කරගන්න රහස් 5ක්

සාමාන්‍යයෙන් අපේ අත්, මුහුණට වඩා ඉක්මනින් වයසට යනවා. අපිත් ගොඩක් වෙලාවට මුහුණට ක්‍රීම්, ෆේස් පැක් වගේ රූපලාවණ්‍ය සත්කාර කලාට අපේ අත්වලට මේ දේවල් කරනවා අඩුයි. ඉතින් ඒ නිසා අපේ අත්වල සම ඉක්මනින් වියළී රැළි වැටෙන්න පටන් ගන්නවා. කොහොම වුණත් අත් දෙක හරියට රැක බලා ගන්නවා නම් ඉක්මනින් වයසට යන එක අඩු කරගන්න ඔයාටත් පුලුවන්.

අද අපි ඔයාට කියන්න යන්නේ අත්දෙක අවුරුදු දහයකින් විතර තරුණ කරගන්නෙ කොහොමද කියලයි.

01. අත් නිවැරදිව සෝදන්න

නිතර නිතර සබන් ගාලා අත් සෝදන එකෙන් අත්වල සමේ තෙතමනය නැති වෙලා සම රැළි වෙන්න පටන් ගන්නවා. මේක වළක්වගන්න මේ සරල නීති අනුගමනය කරන්න.

ගාන්නෙ නැතුවම බැරි නම් විතරක් ප්‍රතිබැක්ටීරීය සබන් භාවිතා කරන්න එපා. සුවඳ විලවුන් අත්වල ගාන්න එපා. එමගින් ඔයාගෙ සම වියලනවා. ජොජෝබා තෙල්, ඔලිව් තෙල් හෝ කෝමාරිකා අඩංගු මොයිස්චරයිසින් සබන් එකක් තෝරගන්න. සමේ ස්වාභාවික ආරක්ෂිත තට්ටුව ආරක්ෂා කර ගැනීමට උණු වතුරෙන් ඔබේ අත් සෝදන්න. කඩදාසි තුවා මගින් පිහිදාන්න. විදුලි වියළුම් භාවිත කරන්නත් එපා.

02. අත්වැසුම් පළඳින්න

සීතල, රසායනික ද්‍රව්‍ය හා වියළි වාතය වගේ බාහිර සාධක නිසා ඔයාගෙ අත් ආතතියට පත් වෙනවා. මෙමගින් වෙන හානිය අවම කරන්න නම්, ඔයා ලඟ හැම විටම අත්වැසුම් හෙවත් ග්ලවුස් දෙකක් තියාගන්න.

සීතල කාලගුණයට ඔරොත්තු දෙන ලෙදර් හෝ ලොම් අත්වැසුම් පාවිච්චි කරන්න.
ගෙදර දොරේ වැඩ කරනකොට රබර් අත්වැසුම් පළඳින්න.
ගෙවතු වගාව සඳහා රෙදි අත්වැසුම් පාවිච්චි කරන්න.

03. දෑත්වලට නිතිපතා තෙතමනය ලබාදෙන්න

හොඳින් හොයා බලා, හොඳ හෑන්ඩ් ක්‍රීම් එකක් තෝරගන්න.

අවශ්‍ය පරිදි ක්‍රීම් ආලේප කරන්න. ඒත් දවසට දෙවරක් (උදේ සහ සවස) අනිවාරෙන්ම ක්‍රීම් ආලේප කරන්න. ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්, සින්ක් එක ලඟ ක්‍රීම් එකක් තියාගන්න. අත් සේදීමෙන් පසු හැම විටම ක්‍රීම් ආලේප කරන්න. හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම්, රෑට අත්වල ක්‍රීම් ගාලා කපු අත්වැසුම් පැළඳගෙන නිදාගන්න.
ඔයාගෙ නියපොතු වලටත් තෙතමනය අත්‍යවශ්‍යයි. හෑන්ඩ් ක්‍රීම් ටිකක් නියපොතුවල ගාලා කියුටිකල් එකට විටමින් ඊ ක්‍රීම් තියන එකක් මිලදී ගන්න.
ඔයාගෙ සමට ඇතුළත හා පිටත සිට තෙතමනය අවශ්‍ය නිසා ඇති තරම් වතුර බොන්න.
වාතයේ තෙතමනය ඇති කරන ආර්ද්‍රතාකාරකයක් මිලදී ගෙන වාතය වියළන විට ඒක ක්‍රියාත්මක කරන්න.

04. ස්ක්‍රබ් කරන්න අමතක කරන එපා

ක්‍රීම් හැරුණු විට, සතියකට වරක් ඔයාගෙ අත් දෙක ස්ක්‍රබ් කරලා මාස්ක් එකක් දාන්නත් ඕන.

ෆ්‍රිජ් එකේ තියන දේවල් ටිකක් පාවිච්චි කරලා හෑන්ඩ් මාස්ක් එකක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්. උදාහරණයක් විදියට අලිගැට පේර භාගයක්, බිත්තර කහ මදය හා ලෙමන් යුෂ මේස හැන්දක් මිශ්‍ර කරලා ඔයාගෙ අත්වලට ආලේප කරන්න. විනාඩි 20 ක් තියලා සෝදන්න.
ඔයාට ඔලිව් තෙල් හා සීනි මිශ්‍රණයක් ස්ක්‍රබ් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. කම්මැලියන්ට මෙන්න උපදෙසක්. ඔයා පාවිච්චි කරන බොඩි ස්ක්‍රබ් එකක් හෝ ෆේස් මාස්ක් එකක් අත්වලටත් ආලේප කරන්න අමතක කරන්න එපා.

05. සන්ස්ක්‍රීන් භාවිතා කරන්න

වයසට යන එකේ ප්‍රධානම ලක්ෂණයක් තමයි අත්වල සමේ හයිපර්පිග්මන්ටේෂන් ඇති වීම. මේකට හේතු වෙන්නෙ වයසට යන එක හෝ අක්මාව වැඩ කරන්නෙ නැති එක නෙවෙයි. සූර්යයාගේ බලපෑම නිසා තමයි හයිපර්පිග්මන්ටේශන් තත්වය ඇති වෙන්නෙ.

වර්ණක ලප ඇති වෙන එක අඩු කරගන්න නම් නිතිපතා ඔයාගෙ අත්වලට සන්ස්ක්‍රීන් ආලේප කරන්න.
පැඟිරි පලතුරු කියන්නෙ ස්වාභාවිකව පැහැපත් කරන හොඳම අමුද්‍රව්‍යයක්. උදාහරණයක් විදියට, ඔයාට ලෙමන් යුෂ මේස හැඳි 1 ක්, කිරි තේ මේස හැඳි 1 ක් හා මී පැණි තේ හැඳි 1 ක් මිශ්‍ර කරලා මාස්ක් එකක් හදාගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *