ඔබේ පාවහන් සැබවින්ම සුවපහසු කරන සපත්තු උපක්‍රම 9ක්

සාමාන්‍යයෙන් අපි අලුත් සපත්තු දෙකක් අරගෙන මුල්ම දවසේ ඒක පැළඳගෙන හිටියම කකුල්වල බිබිලි ඇති වෙනවා. එක්කෝ කකුල කැපෙනවා. මේ විදිහට සපත්තු නිසා විවිධ වෙලාවල්වල අපිට විවිධ කරදර සිදුවෙනවා. හැබැයි ඉතින් මේ කරදරවලින් ගැලවෙන්න හරිම ලේසි ක්‍රම තිය්නවා. සරල උපක්‍රම ටිකක් භාවිතා කරලා සපත්තුව හරිගස්සගත්තම කකුලට අපහසුවක් වෙන්නෙ නෑ.

ඕනම සපත්තුවක් ලස්සනට තියනවා වගේම ඒවා අපහසුතාවයක් ඇති කරන්නෙ නැතුව තියනවට අපිත් ගොඩක් කැමතියි. ඉතින් අද අපි ඔයාට කියන්නෙ කකුලේ බිබිලි මතුවීම සහ අනෙකුත් ගැටළු වලක්වා ගැනීමට ඔයාට උපකාර වන සරල උපක්‍රම කිහිපයක් ගැනයි.

01. සපත්තු මත ප්ලාස්ටර් එකක් ඇලවීමෙන් කකුලේ බිබිලි ඇතිවීම වළකිනවා.

නිතරම කකුලේ කොටස් සපත්තුවේ ගෑවෙන තැන්වලට මේ වගේ ප්ලාස්ටර් අලවන්න. මේ වගේ රෙදි මතුපිටක් සහිත ප්ලාස්ටර් එකක් මගින්, ඔයාගෙ කකුල්වල සහ සපත්තුවල සම අතර ඇතිවෙන ඝර්ෂණය අඩු කරනවා.

02. සනීපාරක්ෂක පෑඩ් මගින් දහඩිය සහ නරක සුවඳ ඇතිවීම වළක්වනවා.

සාමාන්‍ය සනීපාරක්ෂක පෑඩ් කියන්නෙ අපි හිතනවට වඩා ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. ඔයාගෙ සපත්තු වලින් දහඩිය සහ දුගඳ පහසුවෙන් ඉවත් කරන්නත් මේ පෑඩ් වලට පුලුවන්.

දිනපතා භාවිතය සඳහා සෞඛ්‍යාරක්ෂිත පෑඩ් එකක් සපත්තුව ඇතුළේ දමාගන්න. එමගින් ඔයා සපත්තු පැළඳ සිටින විට ඇතිවෙන තෙතමනය අවශෝෂණය කරගන්නවා. දහඩිය දැමීම අඩු වෙන තරමට, අප්‍රසන්න සුවඳක් එන්න තියන ඉඩකඩ අඩුයි.

03. තෙහෙට්ටුව අඩු කිරීමටත් ප්ලාස්ටර් උපකාරී වෙනවා.

කිසිම ගැහැණු ළමයෙක් කැමති නෑ දවස පුරාම අඩි උස සපත්තු දාගෙන ඉන්න. හැබැයි ඉතින් සමහරුන්ට තමන් කරන රැකියාව හෝ සහභාගී වෙන අවස්ථාව අනුව වැඩි වෙලාවක් අඩි උස සපත්තු දාගෙන ඉන්න වෙනවා. උස හීල් එකක් තියන සපත්තු මගින් කකුලේ දබරැඟිල්ල මැදඟිල්ල හා වෙදැඟිල්ල අතර පිහිටා තිබෙන ස්නායු මත පීඩනයක් යෙදෙනවා. එමගින් වේදනාවක් ඇතිවෙනවා.

මේ තත්වය අවම කිරීම සඳහා, දබරැඟිල්ල සහ මැද ඇඟිල්ල හෝ මැද ඇඟිල්ල සහ වෙදැඟිල්ල වටා ප්ලාස්ටර් එකක් ඔතන්න. එමගින් පීඩනය සහ අපහසුව අඩු කර, ඔයාට ඔයා කැමතිම සපත්තු යුගලය වැඩි වෙලාවක් දාගෙන ඉන්න පහසු කරනවා. හැබැයි ඔයාගෙ ඇඟිලි ගොඩාක් තදින් ඔතන්න නම් එපා.

04. Fabric flip flops මගින් බිබිලි ඇති වීම වළක්වනවා.

Flip flops කියන්නෙ ගිම්හාන කාලය සඳහා නැතුවම බැරි පාවහන් වර්ගයක්. හැබැයි ඒවගෙත් ලොකු අවාසියක් තියනවා. රබර් පටි මගින් ඇඟිලි වටා සම මැදෙනවා. එතකොට ඒ සෙරෙප්පු දාන එකත් එපා වෙනවා.

සෙරෙප්පුවේ පටි රෙදි වලින් එතුවොත්, ඒවා පැළඳ සිටින විට බිබිලි සහ වේදනාවක් ඇති වෙන්නෙ නෑ. ඔයාට මේකට ඕන වෙන්නෙ සිනිඳු රෙදි කැබැල්ලක්, ගම්, සහ කතුර විතරයි. ඔයාට ඒක තනියම කරගන්න බැරි නම්, සෙරෙප්පු මිලදී ගන්නකොටම රෙදිපටි සහිත flip-flops තෝරා ගන්න පුලුවන්. හැබැයි තෙත Flip-flops පලඳින්න එපා. ඒවා ඉක්මනින් බිබිලි ඇති කරවනවා. ඒ වගේම, ඒවා දිනපතා අඳින්නත් එපා. අඩුම තරමේ දවසකවත් විවේකයක් ගන්න.

05. උස සපත්තු පරිස්සම් කරලා සුවපහසුවක් ලබ දෙන ආරක්ෂක භාවිතා කරන්න.

ඔයාගෙ හයි හීල් එක, බිම, බොරළු මාර්ගයක හෝ යකඩ කූරු අතර සිර වෙන එක වළක්වගන්න අද වෙනකොට පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වලින් හදපු විශේෂ ආරක්ෂකයන් තිබෙනවා. ඒවා විවිධ පාටවලින් එනවා. ඒවා මගින් බර බෙදා හරින අතර ඔයාට තණකොළ, පදික වේදිකාවේ ගල් සහ වෙනත් මතුපිටවල් මත සුවපහසු ලෙස ඇවිදීමට ඉඩ සලසනවා.

06. කොකු මගින් ඉඩ ඉතිරි කරනවා.

ගොඩක් සපත්තු නැති අයට නම් ඒවා ගබඩා කරද්දි ඔරශ්න ඇතිවෙන්නෙ නෑ. හැබැයි සපත්තු යුගල කිහිපයක් තියන කෙනෙක්ට ඒවා තියාගන්න විදිහ ගැන ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. සාමාන්‍ය කොකු මගින් ඔයාට ඉඩ ඉතිරි කර ගන්න උදව් වෙනවා.

07. පිඟන් සෝදන දියර මගින් ලොම් සපත්තු පිරිසිදු කරගන්න පුලුවන්.

මෘදු ලොම් කකුල්වලට හරිම සුවපහසු හැඟීමක් ඇති කරනවා. හැබැයි මේවා ඉක්මනින් කුණු ගෑවිලා අපිරිසිදු වෙනවා. පිඟන් සේදීමට භාවිතා කරන දියර වලි සේදීමෙන් ඒවායේ අලුත් පෙනුම ආයෙත් ලබාගන්න පුලුවන්. සාමාන්‍ය ජලයට පැල්ලමක් ඉවත් කළ නොහැකි නම්, පිඟන් සෝදන දියර බිංදුවක් එයට එකතු කරලා රවුමට අතුල්ලන්න. ඊට පස්සෙ, තෙත රෙද්දකින් හොඳින් පිස දමන්න. ආයෙත් වියළි තුවායකින් එය පිස දමන්න. ඊලඟට සෘජු හිරු එළියෙන් සහ වෙනත් තාප ප්‍රභවයන්ගෙන් එය වියළීමට ඉඩ දෙන්න.

08. හෙයාර්ස්ප්‍රේ මගින් සපත්තු ලිස්සා යාම වළක්වනවා.

සමහර සපත්තු වල යටි තට්ටුව ලිස්සන සුළුයි. අපි තරමක් විශාල සපත්තු මිලදී ගන්නකොට මේක නිතරම සිදුවෙනවා. ඒ වගේම අපගෙන් ගොඩදෙනෙකුගේ එක අඩියකට වඩා අනික් අඩිය විශාලයි. එතකොට ප්‍රමාණයෙන් පොඩි අඩිය සපත්තුවට හරියටම ෆිට් වෙන්නෙ නෑ. ඒකට විසඳුමක් විදිහට ඔයාගෙ අඩියට හෙයාර්ස්ප්‍රේ ටිකක් යොදන්න.

09. පත්තර රෝලක් මගින් බූට්ස් ලොකු කරගන්න පුලුවන්.

ඔයාගෙ අලුත් බූට් සපත්තු කකුලට හිරයි නම් පත්තර කොල කිහිපයක් ඝන රෝලක් විදිහට නවලා බූට් එකේ ඔයාට හිර කොටස ඇතුළෙන් රඳවන්න.

පත්තර රෝල් බූට් එකට ඇතුල් කර මේ ආකාරයට ගබඩා කරන්න. ඔයාට අවශ්‍ය නම් සම් ඇදීම සඳහා භාවිතා කරන ස්ප්‍රේ එකක් ඉහින්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *