ඔබේ පෙනුම ආකර්ෂණීය නොවීමට බලපාන හේතු 10 ක්

හොඳ ඇඳුම් ඇඳීමක තියන මූලික ලක්ෂණ තුන තමයි සරල බව, හොඳ රසය හා ඇඳුම් පැළඳුම් කියන්නෙ. මේවා මගින් අපේ මුදල් නාස්ති කරන එක වළක්වනවා. අපේ සමහරු මෙතනින් සරල බව හා හොඳ රසය ගැන ඒ තරම් ගණන් ගන්නෙ නෑ. ඒ වගේම ගැලපෙන ඇඳුම් තෝරගන්නත් අමතක කරනවා. හිතන්නකෝ ඔයා අලුත් සපත්තු දෙකක් ගන්නවා. ඒකෙ මිල සඳහන් කරපු ටැග් එක ඉවත් කරන්න අමතක වෙලා ඔයා ඒක පාරෙ දාගෙන යනවා. ඉතින් ඔයාගෙ අලුත් සපත්තු දෙක මගින් ඇති කරපු ලස්සන ප්‍රතිරූපය එමගින් නැති වෙලා යනවා නේද?

අද අපි ඔයාට කියලා දෙන්න අන්නෙ ලස්සනට ඉන්න නම් මොනවද කරන්න ඕන කියලයි. ඇත්තටම ඔයාගෙ පෙනුම ගැන අනිත් අයට හොඳ හැඟීමක් ඇති කරන්න නම් ඔයාට මේ උපදෙස් පිළිපදින්නම වෙනවා.

01. අවපැහැ වූ ඇඳුම්

කළු ඇඳුමකින් ඕනම සාමාන්‍ය කෙනෙක් වුණත් රැජිනක් වගේ පේනවා. ඒත් ඒ ඇඳුම වැඩි වාර ගණනක් සෝදලා තියන බවක් පේනවා නම් සහ ඇඳුමේ කලින් තිබුණු ලස්සන කළු පාට නැති වෙලා දැන් අඳුරු පාටක් වෙලා තියනවා නම් ඒක ඔයාගෙ ලස්සන පෙනුමට බාධාවක්. මේක කළු ඇඳුම්වලට විතරක් නෙවෙයි, ඕනම පාටක ඇඳුමකට අදාළයි.

කළ යුතු දේ: ඔයාගෙ ඇඳුම් සීතල වතුරෙන් සෝදන්න. ඇඳුම්වල පාට ආරක්ෂා කර ගැනීමට සේදීමේදී විනාකිරි, කළු කෝපි හෝ තේ එකතු කරන්න පුලුවන්. දුර්වර්ණ වීමේ වැඩි අවදානමක් තියෙන්නෙ හණ හෝ ඇසිටේට් වලින් හදපු ඇඳුම්වලයි. ලොම් හා නයිලෝන් වල වර්ණය වැඩි කල් තියාගන්න පුලුවන්.

02. අවර්ණ වුණු සුදු ඇඳුම්

සුදු පාට කියන්නෙත් කළු පාට වගේන ඔයාගෙ පෙනුමට ධනාත්මක බලපෑමක් ඇති කරන්න පුලුවන් වර්ණයක්. ඒත් එහෙම වෙන්නෙ සුදු ඇඳුමේ සුදු පාට ආරක්ෂා වෙලා තිබුණොත් විතරයි. කහ හෝ අළු පාටට හැරුණු සුදු ඇඳුම්වලින් ඔයාගෙ පෙනුමට හානි කරනවා. සුදු ඇඳුම් මත දහඩිය පැල්ලම් ඇති වෙනවා.

කළ යුතු දේ: අලිත්ම සුදු පාට ඇඳුමක් අරගෙන දැන් ඔයා ලඟ තියන ඇඳුම් එක්ක තියලා බලන්න. එතකොට ඔයාට පෙනෙයි ඔයාගෙ පරණ සුදු ඇඳුම් කොච්චර අවර්ණ වෙලාද කියලා. සුදු ඇඳුම් සේදීමේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, බේකිං සෝඩා හෝ ලෙමන් යුෂ එකතු කිරීමෙන් කහ පැහැ සලකුණු ඉවත් කරගන්න පුලුවන්. කොහොම වුණත් ගොඩක් තදට කහ පාට වුණු සුදු ඇඳුම් අඳින්නෙ නැතිව ඉවත් කරන එක තමයි හොඳම දේ.

03. නොසැලකිලිමත් ලෙස රෝල් කරන ලද අත්

ආත් දිග ඇඳුමක අත් පිළිවෙලට නැමුවම එමගින් ඔයාගෙ ප්‍රතිරූපය වඩාත් තරුණ හා පිළිවෙල කරනවා. ඒත් ඇඳුමක අත් එකෝර්ඩියන් එකක් වගේ නිකන්ම උඩට කරගෙන ඉන්න කෙනෙක්ගෙන් පෙන්නුම් කරන්නෙ අපිළිවෙළ පෙනුමක්.

එය නිවැරදිව කරන්නේ කොහොමද: අත් මත තියන බොත්තම් කැඩෙන්නෙ නැති විදියට කෙළින් කරලා, කෆ් එක පිටතට හරවන්න. කෆ් එකේ මුළු පළල වගේ එක් වරක් හෝ දෙවරක් ඉහළට නවන්න.

04. හරම් කලිසම්

පහත් පියවර සහිත මැහුම් සහිත කලිසම් වලට තමයි හරම් කලිසම් කියන්නෙ. මේවා සාමාන්‍යයෙන් හිප්-හොප් ශිල්පියෙකු හෝ සුරංගනා කතාවක චරිතයක් ැඳගෙන හිටියට ප්‍රශ්නයක් නෑ. ඒත් වෙනත් ඕනම වෙලාවක මේ විලාසිතාවේ කලිසමක් ඇඳලා ඉන්න කෙනෙක්ගෙන් පෙනෙන්නෙ තරුණ වෙන්න හෝ විකාර විලාසිතාවක් කරන් යොදන අසාර්ථක උත්සාහයක් විදියටයි.

කළ යුතු දේ: ඔයාට මේ කලිසම් ඇඳීම අතහරින්නම බැරිනම් අඩුම තරමේ ඒවා ස්නැකර් හෝ සෙරෙප්පු සමග පළඳින්න. ඇඳුමේ උඩ කොටස විදියට සරල ටී ෂර්ට් එකක් භාවිතා කරන්න.

05. ඇඳුම් මත හිස්හොරි තිබීම

ඇඳුම් මත හිස්හොරි තිබීම ඇත්තටම පිළිකුල් සහගත දෙයක්. ඔයාගෙ ඇඳුමක හිස්හොරි තියනවා අනිත් අය දැක්කම එයාලා කරන්නෙ ඔයාව මගහැරලා යන එකයි.

කළ යුතු දේ: හිස්හොරිවලින් ඇඟවෙන්නේ ඔයාගෙ හිසේ සම සෞඛ්‍ය සම්පන්න නොවන බවයි. සමහර විට ඔයාගෙ හිසෙහි සම අධිකව වියළීම නිසා හිස්හොරි ඇතිවෙනවා. ඒ නිසා වෛද්‍යවරෙක් හමුවෙලා ප්‍රතිකාර අරගෙන හිස්හොරි සුව කරගන්නා තෙක් තද පාට ඇඳුම් අඳින්න එපා.

06. ඕනෑවට වඩා ආභරණ පැළඳීම

විශේෂයෙන් දීප්තිමත් මේක් අප් එකක් දාගෙන ඉන්න වෙලාවක ඒකට නොගැළපෙන විදියට ආභරණ පැළඳීම මගින් ඔයාගෙ පෙනුමට හානි වෙනවා.

කළ යුතු දේ: මේක් අප් එකට ගැළපෙන සරල ආභරණ පළදින්න.

07. රැවුල නොකැපීම

කාන්තාවකට රූපලාවණ්‍ය ආලේපන වගේම, පිරිමියෙකුට තමන්ගේ රැවුල මගින් ධනාත්මක බවක් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ පෙනුමේ අඩුපාඩු පවා සඟවගන්න පුලුවන්. කොහොම වුණත් මේක ඇත්ත වෙන්නෙ ඔයා රැවුල පිළිවෙලට හැඩගස්වාගෙන තියනවා නම් විතරයි. රැවුල හරියට බලා ගන්නෙ නැති වුණාම ඔයාට අපිළිවෙල හා අප්‍රසන්න පෙනුමක් එනවා. සමහර වෙලාවට ඔයා කන කෑම වුණත් රැවුලේ රැඳිලා තියෙන්න පුලුවන්.

කළ යුතු දේ: රැවුලට නිසි හැඩයක් දෙන්න. ඒක ඔයාගෙ මුහුණේ හැඩයට අනුව තෝරා ගන්න ඕන. බාබර් සාප්පුවකට ගිහින් කළොත් තමයි මේක වඩාත් සුදුසු. ඉන් පසුව ටි‍්‍රමරයක් භාවිතා කිරීමෙන් ඔයාට රැවුලේ හැඩය පවත්වා ගන්න පුලුවන්.

08. කලිසම් තෝරාගැනීම

ඔයා මේ ආකාරයෙන් ජීන්ස් හෝ කලිසම් අඳින්නේ නැත්තේ ඇයි කියන එක පැහැදිලි කරනවාට වඩා මේ පින්තූර මගින් ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්. වැරදි ඉරියව් සමඟ සංයෝජනය වන නිසා මේවා ගොඩක් කැතට පේනවා.

කළ යුතු දේ: ඔයාගෙ ප්‍රමාණයට ගැලපෙන ජීන්ස් මිලදී ගන්න. ඒ එක්කම සරල බෙල්ට් එකක් මගින් කලිසම ඔයාගෙ ඉණට හොඳින් රඳවාගන්න පුලුවන්.

09. මේකප්

කැටි ගැසුණු මස්කාරා, ඉරිතලා ඇති ලිප්ස්ටික්, අපිළිවෙළට ඇඳගත් ඇහි බැම නිසා හෝ වැඩි වේලාවක් මේක් අප් කිරීමෙන් ඇතිවන වෙනත් බලපෑම් නිසා ඔයාගෙ පෙනුමට ලොකු හානියක් සිදුවෙනවා. මීට අමතරව, පැරණි මේක් අප් මගින් ඔයාගෙ මුහුණ වෙහෙසට පත් කරනවා.

කළ යුතු දේ: මේකප් එකේ නැවුම් බව අඩු වෙලා කියලා ඔයාට දැකපු ගමන් පේනවා නම් හොඳම දේ තමයි, මේකප් එක සෝදලා ඉවත් කරන්න.

10. කුඩා දේවල්

ඔයාගෙ දත් මත ලිප්ස්ටික් ගෑවිලා තියනවා නම් හෝ ඇඳුමේ පොඩි සිදුරක් හෝ දත් වල සිරවී කෑම කැබලි හිර වෙලා තියනවා නම් ඒ වගේ පොඩි දේවල් කෙනෙක්ට ඔයාව දැකපු ගමන් ඉක්මනින් හඳුනගන්න පුලුවන්.

කළ යුතු දේ: මේ වැරදි මඟහරවා ගැනීමට කරන්න තියෙන්නෙ හරිම පොඩි දෙයක් විතරයි. ඔයා ගෙදරින් එළියට යන්න කලින් කණ්ණාඩිය ඉස්සරහට යන්න. ඔයාගෙ මේ අඩුපාඩු තියනවාද කියලා හොඳට බලන්න. කෝපි බීමෙන් පසු හෝ ආහාර ගැනීමෙන් පසුවත් මේ විදියට කණ්ණාඩිය ඉස්සරහර ගිහින් අඩුපාඩු තියනවද කියලා බලන්න. මේකට ගත වෙන්නෙ විනාඩි කිහිපයක් විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *