ඔබේ බෙල්ල ලස්සනට තියාගන්න උපදෙස් 6 ක්

වයසට යන එකේ පළවෙනි සංඥාව පෙන්වන්නෙ ඔයාගෙ බෙල්ලෙන්. මේක ඔයා හොඳටම දන්න දෙයක්. මෙහෙම වෙන්න හේතුව තමයි ඇඟේ වෙනත් අවයව වල සමට වඩා බෙල්ලේ සම ගොඩක් තුනී වීම වගේම බෙල්ලේ තෙල් ග්‍රන්ථි අඩු වීම. ඒ නිසා බෙල්ලේ ඇදෙන සුළු බව ඉක්මනටම අඩු වෙනවා. සතුටු වෙන්න ඕන කරුණ තමයි මේ තත්වය පාලනය කරන්න ඔයාටම පුලුවන්.

ඔයාගේ බෙල්ල ඉක්මනින් වයසට යන එක වලක්වන්න කරන්න පුලුවන් දේවල් ගැන අපි හොයලා බැලුවා.

06. සුවඳ විලවුන් අධික ලෙස භාවිත කරන්න එපා

සුවඳ විලවුන් වල ඇල්කොහොල් හා වෙනත් ඇරෝමැටික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඔයාගෙ සම වියලීමටත් සමේ ඇදෙන සුළු බව අඩු කරන්නත් මේවා හේතු වෙනවා. මේ නිසා ඔයා දවල් කාලෙදි සුවඳ විලවුන් පාවිච්චි කරනවා නම් ඔයාගෙ මැණික් කටුවලට විතරක් යොදන්න.

05. බර ආභරණ පළඳින්න එපා

ගොඩක් බර තියන කරමාල වගේම පෙන්ඩන්ට් නිසා බෙල්ලේ සිනිඳු සම තුවාල වෙනවා. විශේෂ අවස්ථාවලදී අත්‍යාවශ්‍යම නම් විතරක් ඒවා පළඳින්න.

04. වැරදි ඉරියව් වලින් ඉන්න එපා

වැරදි ඉරියව් නිසා ඔයාට බෙල්ලේ වේදනාව හෝ හිසරදය ඇති වෙනවා. ඒ වගේම නිතර නැමීම නිසා ඔයාගෙ බෙල්ලේ රැළි ඇති වෙන්න පුලුවන්. ඒවා නැති කරන්න නම් අමාරුයි.

ලස්සන සමේ හා හොඳ ඉරියව්වල සතුරෙක් තමයි ඔයාගෙ ජංගම දුරකතනය. ගොඩක් අය දුරකතනය පාවිච්චි කරලා මොකක් හරි බලන්නේ ඇස් මට්ටමට වඩා පහලින් තියාගෙන. මේක බෙල්ලේ රැළි ඇතිවෙන්න ලොකුම හේතුවක් වෙනවා.

03. සම දිනපතා මොයිස්චරයිස් කරන්න

මුහුණ වගේම ඔයාගෙ බෙල්ලත් දිනපතා මොයිස්චරයිස් කරන්න ඕනෙ. මේකට ඔයාගෙ සාමාන්‍ය ෆේස් ක්‍රීම් එකම පාවිච්චි කරන්න පුලුවන්. බෙල්ලට ක්‍රීම් ආලේප කරද්දි උඩු අතට ආලේප කරන එක නම් ගොඩක් වැදගත්.

ඒ වගේම මුහුණට කරන සත්කාර බෙල්ලටත් කරන්න අමතක කරන්න එපා. යෝගට් හා ඕට් පිටි මිශ්‍ර කරලා ස්ක්‍රබ් එකක් හදාගෙන ඒක බෙල්ලට ආලේප කලොත් ඔයාගෙ බෙල්ලේ මැරුණු සම ඉවත් කරන්න හොඳ උදව්වක් වෙනවා.

02. විටමින් සී හා මේද අම්ල බහුල ආහාර ගන්න

විටමින් සී මගින් සමේ ඇදෙන ගතිය ඇති කරන කොලැජන් නිෂ්පාදනය වැඩි කරනවා. මේ නිසා ඔයාගෙ කෑම වේලට වැඩිපුර පැඟිරි පලතුරු, තක්කාලි හෝ බෙරි වර්ග ඇතුලත් කරගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම ඔමේගා-3, ඔමේගා-6 මේද අම්ල අඩංගු ඔලිව් තෙල්, මාළු, ඇට වර්ග, අලිපේර වගේ ආහාර ගන්න එකත් වැදගත්.

01. ව්‍යායාම කිරිමට අමතක කරන්න එපා

ඔයාගේ මෙල්ල හා මුහුණේ මාංශපේශි හොඳින් තියා ගන්න කරන්න පුලුවන් ව්‍යායාම කිහිපයක් දැන් අපි බලමු.

• ඔයාගේ හකු ඉස්සරහට හා පස්සට ගෙනියන්න.

තොල් දෙක ඉස්සරහට කරලා “O” අකුරේ හැඩයට තප්පර 5 ක් තියාගන්න. කිහිප වරක් කරන්න. ඊට පස්සේ “ඊ” ශබ්දය කියමින් ඒකත් ටික වේලාවක් කරන්න.

කෙළින් ඉඳගෙන නළලට දකුණු අත තියලා ඔලුව ඇද වෙන්නේ නැති විදියට අත නළලට තද කරන්න. තප්පර 10ක් ඉන්න.

කෙළින් ඉඳගෙන හිස පිටිපස්සට ඇල කරලා කට අරින්න. දත් එකට වදින්නේ නැති වෙන විදියට යටි තොල හා උඩු තොල ලං කරන්න උත්සහ කරන්න. කිහිප වරක් මේ විදියට කරන්න.

හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් මේ ව්‍යායාම දවසට 1-2 වරක් කරන්න. මෙවා මගින් ඔයාගෙ බෙල්ල නීරෝගීව තියාගන්න උදව් වෙනවා. දිනපතා ව්‍යායාම කිරීම නිසා ලේ ගමනාගමනය හොඳින් සිදුවෙනවා. ඒ වගේම සමට හොඳින් ඔක්සිජන් ලැබෙන නිසා සම වැඩියෙන් ඇදෙන සුළු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *