ඔබේ මුහුණේ අයිස් කැටයක් අතුල්ලුවහොත් ඔබේ සමට සිදුවන දේ

අයිස් ෆේශල් කිරීමේ මූලික ආකාරය වන්නේ ඇස් යට සහ මුහුණේ ඉදිමුම අඩු කිරීම සදහා අයිස් කැටයක් භාවිතා කිරීමයි.
මෙම පිළිවෙත බොහෝ කලක සිට ස්කින් කෙයාර් කිරීමේ ක්‍රම අතර මූලික අංගයක් ලෙස භාවිතා කර ඇත. (ශීත කල හැදි, පිපි, වැනි දෑ ඇස් මත තැබීම)

මෙය පැරැන්නන්ගෙන් පැවත ආවත් මෙහි ඉතාමත් විද්‍යාත්මක තර්කයක් ඇත. සම මතට අයිස් යෙදීමෙන් රුදිරය මතුපිටට නැගීමට හේතු වේ. එමගින් සම සමනය කර තද වීමක් සිදු වේ. එම නිසා පැහැදිලි සමක් සහ නිරෝගී පෙනුමක් ලබා ගැනීම සදහා අයිස් සැගවුනු රහසක් බවට පත් වී ඇත.

මෙයින් ලැබෙන ප්‍රයෝජන

මෙය මගින් ඔබගේ මුහුණ වයසට යාම නැවැත්වීම නම් කල හැකි දෙයක් නොවන අතර නමුත් මෙමගින් සමේ රැළි සමග සටන් කරීම, ලප සහ කුරුලෑ අඩු කිරීම,
මුහුනේ රුදිර සංසරණය වැඩි දියුණු කිරීම සහ විශාල වූ සිදුරු අවම කරයි.
මේවා මෙම අපූරු තාක්ෂණයේ වාසි කිහිපයක් පමණක් වන අතර මෙය බොහෝ දෙනෙක් අදවන විට කිරීමට පෙලබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *