ඔබේ මුහුණේ පෙනුම වෙනස් කරන නිෂ්පාදන 4 ක්

ඔයාගෙ මුහුණ දිහා බලලා ඔයා වැඩිපුරම කැමති කෑම මොනවද කියලා තේරුම් ගන්නේ කොහොමද කියලයි අද අපි කතා කරන්නේ.

1. වයින්


සීනි විශාල ප්‍රමාණයක් වගේම වයින් වල තියන තව දෙයක් තමයි පෙස්ටිසයිඩ හා සල්ෆයිඩ කියන්නේ. ඒවාගේ තියන ඇල්කොහොල් මගින් ඔයාගෙ සම විජලනය කරනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදු වෙන්නෙ නැති වෙනවා. එවිට ඔයාගෙ සම රැළි වැටී, රතු වී වයස්ගත පෙනුමක් ලබාදෙනවා.
කාලයක් යද්දි ඇල්කොහොල් නිසා ඔයාගෙ බඩවැල්වල ඉන්න බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය නැති වෙලා එක එක ලෙඩ රෝග ඇති කරනවා.
ඒ නිසා ඇල්කොහොල් භාවිතයෙන් පුලුවන් තරම් ඈත් වෙන්න.

2. මිල්ක්


ඔයාගේ කෝපි හෝ අයිස් ක්‍රීම් කෝප්පයට එකතු කරපු කිරි මගින් ඔයාගේ මුහුණේ සමේ පාටට දරුණු විදියට බලපානවා. අපි වයසට යද්දි අපේ සමේ ලැක්ටෝස් පරිවෘත්තිය එන්සයිම ගොඩක් අපිට අහිමි වෙනවා. එතකොට ශරීරයේ හා මුහුණේ දැවිල්ලක් වගේ ඇති වෙනවා.
ඔයාගෙ මුහුණ ඉදිමිලා, නිදිමත පාටක් එක්ක සමේ රැළි වගේ ඇතිවෙනවා කියලා දැනුනොත් සති කීපයක් යනකම් සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදන වලින් ඈත් වෙලා බලන්න.

3. සීනි


සීනි ඔයාගෙ බරට විතරක් නෙවෙයි සමටත් බලපානවා. වැඩිපුර ග්ලූකෝස් අණු කොලැජන් එක්ක එකතු වෙලා සමට හානි කරන ග්ලයිසේෂන් ක්‍රියාවලිය ඉක්මන් කරනවා. ඒ නිසා ඔයාගෙ සම ඉක්මනින් වයසට යනවා වගේම සමේ රැළි ඇතිවෙනවා. සීනි පාවිච්චිය අඩු කරන එක ඔයාගෙ සමට ගොඩක් වැදගත් වෙනවා.

4. ග්ලූටන්


මේ ඔක්කොම රෝග ලක්ෂණ වලින් කියවෙන්නෙ ඔයාගෙ ශරීරයට ග්ලූටන් පරිවෘත්තිය කරන්න නොහැකි බවයි. ග්ලූටන් කියන්නෙ තිරිඟු පිටි, ඕට්ස්, බාර්ලි වගේම බියර්, විස්කි, වොඩ්කා වගේ බීමවලත් අඩංගු වෙන ප්‍රෝටීන් එකක්. ඔයා මේ නිෂ්පාදන වලින් සති 2-3 කට ඈත් වෙලා බලන්න. ඒත් මේ රෝග ලක්ෂණ තියනවා නම් ඔයාගෙ ශරීරයට ග්ලූටන් දරාගන්න බැරි තත්වයක් තියනවා. ඒ නිසා තවදුරටත් ඔයාට බේක් කරපු ආහාර ගැනීමෙනුත් වළකින්න වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *