ඔබේ මුහුනේ මේ තැන් වල කුරුලෑ ඇති වීමට හේතුව

චීන වෛද්‍යවරු කියන විදියට අපේ මුහුණ මගින් අපේ ශරීරය ඇතුළේ තියන ගොඩක් ගැටළු පිටතට පෙන්නුම් කරනවා. ඇත්තටම අපේ මුහුණේ කුරුලෑ ඇතිවෙන එකත් ශරීරයේ කොටස්වල ගැටළු ඇති බවට මුහුණෙන් කරන අනතුරු ඇඟවීමක්. මුහුණේ කුරුලෑ ඇතිවන තැන අනුව කියන්න පුලුවන් ගැටළුව තියෙන්නෙ ශරීරයේ මොන කොටසේද කියලා.

ඔන්න අද අපි කියන්න යන්නෙ මුහුණේ නළල හා ඇහිබැම, නාසය, කන්, කම්මුල් හා කම්මුල්වල උඩ කොටස, තොල් සහ නිකට කියන තැන් හයේ කුරුලෑ ඇතිවෙන්නෙ ශරීරයේ මොන අවයවයක ගැටළුවක් නිසාද කියලා හඳුනාගන්න ආකාරයයි. ඔයාගෙ මුහුණෙත් මේ තැන්වලින් එකක හරි එක දිගටම කුරුලෑ ඇතිවෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා.

01. නළල සහ ඇහි බැම

ගොඩක් වෙලාවට නළලෙහි හෝ ඇහිබැමට උඩින් කුරුලෑ ඇතිවීමට හේතුවෙන්නෙ ආමාශයේ හෝ අන්ත්‍රවල ගැටළු නිසයි. ඇහි බැම දෙක අතර කොටසේ කුරුලෑවක් ආවොත් ඒකෙන් කියන්නෙ ඔයාගෙ අක්මාවේ ගැටළු තියන බවයි.

මේ තත්වය නිවැරදි කරන්න නම් ඔයාගෙ ආහාර වේලෙන් මේද හා බැදපු ආහාර ඉවත් කරන්න ඕන. ඒ වගේම මත්පැන් පානය අඩු කිරීමටත් වගබලා ගන්න.

02. නාසය

නහයේ කුරුලෑ ඇතිවෙන්නෙ හෘද වාහිනී පද්ධතියේ ගැටළු තියෙනකොටයි.

නිතරම ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න. හැමවිටම විවේකීව ඉන්න. හොඳ නින්දක් ලබාගන්න.

03. කන්

චීන වෛද්‍යවරුන් කියන්නෙ කන්වල සම, වකුගඩු හා මුත්‍රා පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වන බවයි.

ඔයාගෙ කන්වල කුරුලෑ වෙනවා නම් ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි, ලුණු හා කෝපි පරිභෝජනය අඩු කිරීම. ඒ විතරක් නෙවෙයි, හොඳින් වතුර බොන්න පටන් ගන්නත් ඕන.

04. කම්මුල්

කම්මුල් හා කම්මුල්වල උඩ කොටස මගින් අපේ පෙනහළු හා බ්‍රොන්කයි වල ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනවා. කම්මුල් අවට කුරුලෑ ඇතිවෙන්නේ ශ්වසන පද්ධතියේ ගැටළු තිබීම නිසයි. සමහරවිට අසාත්මිකතා නිසාත් කම්මුල්වල කුරුලෑ ඇතිවෙන්න පුලුවන්.

පහළ කම්මුලේ කුරුලෑ ඇතිවෙන්නෙ ඔයාගෙ දත්වල ගැටළු තියන විටයි.

මේ තත්වය අඩු කරගන්න නම් නිතරම ඔයාගෙ ශ්වසන පද්ධතිය ගැන අවධානයෙන් ඉන්න. මුලින්ම, නැවුම් වාතය හොඳින් ආශ්වාස කරන්න. දුම්පානය කිරීම නවත්තන්න. දුම් පානය කරන තැන්වල ඉන්නත් එපා. ඔයාගෙ මුඛ සෞඛ්‍යාරක්ෂාව ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න. රසකැවිලි අඩුවෙන් කන්න. මිහිරි සෝඩා බීම බොන එකත් අඩුකරන්න.

05. තොල්

කට වටා සමේ රෝග ඇතිවෙන්නෙ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ඇතිවිටයි. මේ නිසා ආහාර අජීර්ණය හා බඩවැල් ආශ්‍රිත රෝග ඇති වෙනවා.

සම්පූර්ණයෙන්ම ක්ෂණික ආහාර ගැනීමෙන් වළකින්න. පලතුරු හා එළවළු වගේ කෙඳි බහුල ආහාර ඔයාගෙ ආහාර වේලට ඇතුළත් කරගන්න.

06. නිකට

නිකට ප්‍රදේශයේ කුරුලෑ ඇතිවෙන්නෙ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටළු නිසයි. ඒ විතරක් නෙවෙයි, හෝමෝන සමතුලිතතා ගැටළු හා ඔසප් චක්‍රයේ එක්තරා අවධියක් නිසාත් නිකට අවට කුෂ්ඨ ඇතිවෙනවා.

එකවරක් පමණක් නිකටෙහි කුරුලෑ ඇතිවෙන එක බය වෙන්න දෙයක් නෙවෙයි. ලෝෂන් හෝ සින්ක් විලවුන් මගින් එයට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒත් කාලයක් තිස්සේ නිකට අවට කැක්කුමක් ඇති වෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙන එක වඩා හොඳයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *