ස්වාභාවිකව ඔබේ ශරීරය සුවදවත් කරන ආහාර වර්ග 8ක්

ශරීරයේ නරක ගන්ධයක් තිබීම නිසා ඕනම කෙනෙක්ට අපහසුතාවයක් දැනෙනවා. අපේ සුවඳ මූලික වශයෙන් ජාන විද්‍යාව මගින් නියම කරනවා. ඒත් අපි කන ආහාර අනුව සමහර විට අපේ ශරීරයේ ගන්ධය වෙනස් වෙන්න පුලුවන්.

ඔයාගෙ ශරීරයේ ගන්ධයට බලපාන ආහාර ලැයිස්තුවක් ගැන තමයි අපි අද ඔයාට කියන්න යන්නේ. ඒ නිසා කොහෙහරි යන්න කලින් කන්න හොඳ කෑම මොනවද කියලා දැනගන්න මේක කියවලා බලන්න.

1.කිරි සහ යෝගට්


යෝගට්වල තියන ක්‍රියාකාරී සංයෝග, ගන්ධය ඇති කරන සල්ෆයිට් ප්‍රමාණය අඩු කරනවා. ඒ වගේම යෝගට්වල තියන විටමින් ඩී මගින් කටේ තියන බැබැක්ටීරියා එක්ක සටන් කරන්න උදව් වෙන අතර කටේ ගඳ අඩු කරනවා. ඒත් කිරිවල අඩංගු කොලීන් නිසා අපිරිසිදු ශරීර ගන්ධයක් ඇති කරනවා.

2.කෝපි සහ හර්බල් ටී


හර්බල් ටී වල ප්‍රතිඔක්සිකාරක තියනවා. ශරීරයට තියන විශ අඩු වෙන තරමට ඒකෙ සුවඳ වැඩි වෙනවා. ඒත් කෝපි හෝ කැෆේන් අඩංගු ඕනෑම පානයක් මගින් ශරීරයේ දුර්ගන්ධය ඇති කරනවා.

3.මල්ගෝවා සහ ඇපල්


ඇපල්වල තියන ස්වකභාවික ඩිටර්ජන්ට් ගුණාංග නිසා කටේ ගඳ නැති කිරීමට උදව් වෙනවා. ඒත් වට්ටක්කා වලට ශරීරයේ දුර්ගන්ධයක් ඇති කරන්න පුලුවන් විටමින් බී හා කොලීන් අඩංගු වෙනවා.

4.වට්ටක්කා සහ දොඩම්


පැඟිරි සහිත පලතුරු සුවඳින් යුක්ත වන නිසා ශරීරයට පහසුවෙන් උරා ගන්නා අතර එමගින් ඔයාගෙ ශරීරයේ සුවඳ වැඩි කරනවා. ඒත් වට්ටක්කා වල ට්‍රයිමෙතිලමයින් බවට හැරෙන කොලීන් අඩංගු නිසා ශරීරයේ දුගඳ වැඩි කරනවා.

5.සුදුළූණු හා ළූණු , එනසාල් හා කුරුඳු


එනසාල් හා කුරුඳු ආහාර රසවත් කරනවා විතරක් නෙවෙයි ඔයාගේ ශරීරයට නැවුම් හා ගොඩක් වෙලා පවතින ප්‍රසන්න සුවඳක් ලබා දෙන්න උදව් වෙනවා. ඒත් සුදුළූණු හා ළූණු වල කාබනික සල්ෆර් සංයෝග තියන නිසා ශරීරයට අප්‍රසන්න දුගඳක් එක් කරනවා.

6.කොහිල හා සෙලරි


සෙලරි, ඔයාගෙ ශරීරයට ෆෙරමෝන් මුදා හරින්න උදව් වෙනවා. ඒ මගින් ඔබව විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය කරනවා. ඒත් කොහිලවල තියන ඇස්පරගුසික් අම්ලය සල්ෆර් වලට කැඩෙන නිසා ඔයාගෙ ශරීරයට දුගඳක් ලබා දෙනවා.

7.රතු මස් හා සුදු මාළු


රතු මස් කන්නෙ නැතුව හිටියොත් එක එක වාසි ලබා ගන්න පුලුවන්. රතු මස් ආහාරයට ගත් අයට සාපේක්ෂව සති දෙකක් මස් රහිත ආහාර ගත් පිරිමින්ගේ ශරීර ගන්ධය වැඩියෙන් ප්‍රසන්න හා ආකර්ෂණීයයි කියලා කාන්තාවන් තේරුම් ගත් බව පරීක්ෂණයක් මගින් හෙළිවුණා. රතු මස් ජීර්ණය වෙද්දි එන අප්‍රසන්න ගඳ මාළු ජීර්ණය වෙද්දි එන්නෙ නෑ. ඒ නිසා ඔයා එලියට යන්න ඉන්න දවසක නම් යන්න කලින් රතු මස් වෙනුවට මාළු කන එක හොඳයි.

8.වට්ටක්කා ඇට හා උළුහාල්


උළුහාල් මගින් ඔයාගෙ ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා වගේම ශරීරයෙන් දුර්ගන්ධය ඇති කරන විෂ ද්‍රව්‍ය අයින් කරන්නත් උදව් වෙනවා. ඒත් වට්ටක්කා ඇටවල කොලීන් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන නිසා ශරීරයේ දුර්ගන්ධයට හේතුවක් වෙනවා.

බෝනස්: තෝරාගත් ආහාර ආහාරයට ගන්න.


ශරීරයේ නරක ගන්ධයක් තියන එක අපහසුතාවයක් වුණත් මේ කියලා තියන ආහාර ගන්නම එපා කියලා නෙමෙයි අපි කියන්නේ. ඒ ආහරවල පෝෂණ ගුණය ඉහළයි. සියලුම කිරි නිෂ්පාදන, කොළ පාට එළවළු හා පලතුරු ආහාරයට ගන්න සුදුසුයි. ඔයාගෙ සෞඛ්‍යයට හොඳම දේ තෝරගන්න එක ඔයාගෙ වගකීමක්.

ඔයාගෙ කැමතිම ආහාර කන එකයි හොඳ සුවඳක් ලබාගන්න ආහාර තෝරන එකයි ලේසි වැඩක් නෙමෙයි. අපි කියන්නේ එලියට යන්න කලින් මේ ආහාර ගන්න එපා කියලා විතරයි.

Leave a Reply

Your email address will not be published.