ඔබේ සමේ තරුණ බව රැකගන්න දිනපතා මේ දේවල් කරන්න

සමබල ආහාර වේලක් හා නිසි පරිදි ව්‍යායාම කිරීමෙන් ලස්සන තරුණ පෙනුමක් පවත්වාගන්න පුලුවන්. ඒත් මීට අමතරව කෙනෙක් ජීවිත කාලය පුරාම පුරුදු වෙලා තියන සමහර පුරුදු නිසා ඒක සෘජුව හෝ වක්‍රව එයාලගේ ශරීර සෞඛ්‍යයට බලපානවා. ඒ වගේම බාහිර පෙනුමටත් බලපෑම් කරනවා.

ප්‍රශ්නය තමයි මේ වැරදි පුරුදු ගැන අපිට හරි හැටි දැනීමන් නැති වීම. අපේ සිරුරේ විශාලම ඉන්ද්‍රිය තමයි සම කියන්නෙ. බාහිර පරිසරයට වැඩිපුරම විවෘත වෙලා තියන ඉන්ද්‍රියත් අපේ සමයි. සම හරිම සංවේදීයි. අපි තුළ තියන අහිතකර පුරුදු නිසා අපි නොදැනුවත්වම සමට හානි වෙනවා. අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයා නොහිතම කරන වැරදි කිහිපයක් ගැනයි.

01. නිදන ඉරියව්ව


මුහුණ කොට්ටය මත තියාගෙන මුණින් අතට නිදා ගන්න එක නම් ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේ ඉරියව්ව නිසා ඔයාගෙ බඩ, පපුව වගේ ශරීරයේ ඉස්සරහ තියන අවයවවලට තද පීඩනයක් ඇති වෙනවා. මේ නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් තරමක් භයානක ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්. ඇස් වටේ අඳුරු ලප ඇති වීම, කම්මුල් එල්ලා වැටීම වගේ තත්ව වැඩියෙන් ඇති වෙන්නෙත් මේ ඉරියව්වෙන් නිදා ගන්න අයටයි. නිදා ගැනීමට නිසි උසක් තියන කොට්ටයක් පාවිච්චි කරන්න. ඒ වගේම උඩුබැලි අතට නිදාගන්න පුරුදු වෙන්න.

02. සන්ග්ලාස් භාවිත නොකිරීම


සම හිරු එලියෙන් රැක ගැනීමට සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා වගේම ඇස් වටා සම ගොඩක් තුනී නිසා අව්වෙන් ආරක්ෂා වෙන්න සන්ග්ලාස් පැළඳීමත් ගොඩක් වැදගත්.

03. ආහාර


ආහාර ගැනීමේදී කටේ එක් පැත්තකින් පමණක් සැපීමෙන් ඔයාගෙ මුහුණට අසමමිතික බවක් ගෙන දෙනවා.

04. දුරකථනයෙන් කතා කිරීම


දුරකථනය කන හා උරහිස අතර සිර කරගෙන තබා ගැනීමෙන් බෙල්ලේ රැළි ඇති වීම හා සම ගිලී යාම වගේ තත්ව ඇති වෙනවා. ඒ වෙනුවට හෙඩ්සෙට් හෝ ස්පීකර් ෆෝන් දමා කතා කරන්න.

05. ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් භාවිතය


ෆෝන් එක හෝ ටබ්ලට් එක පහලින් තබාගෙන ඇස් හා මුහුණ පහත් කරගෙන ඒ දෙස බැලීමත් සෞඛ්‍යයට අහිතකරයි. ඇස් හා බෙල්ල ඉදිමීම, ඩබල් චින් ඇති වීම වගේ ගැටලු ඇති වෙනවා. ඒ නිසා ඔයා වැඩි වෙලාවක් ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඇස් මට්ටමට කෙලින් තියාගෙන පාවිච්චි කරන්න.

06. කම්මුල අතට බර කරගෙන සිටීම


පරිගණකයේ වැඩ කරද්දි හෝ පොතක් කියවමින් ඉන්නකොට මේ ඉරියව්වෙන් ඉන්න පුරුද්දක් ඔයාට තියනවා නම් ඒක මගහැර ගන්න. මුහුණේ සමෙහි ඇදෙන සුළු බව වැඩි වීම හා අකලට සම රැලි වීම සිදි වෙන්නත් මේ ඉරියව්ව හේතු වෙනවා.

07. මුහුණ එල්ලාගෙන හෝ රවාගෙන සිටීම


මේ මගින් ඔයාගෙ මුහුණේ මාංශපේශි වෙහෙසට පත් වෙනවා. ඒ වගේම ඇහි බැම හැකිළීම හෝ තොල් පෙරලාගෙන සිටීම වගේ ඉරියව් නිසාත් මුහුණේ වෙනස්කම් සිදු වෙන්න පුලුවන්. රවාගෙන ඉන්න මුහුණ වෙනස් කරන්න නම් කන් දෙක අතින් අල්ලන්නේ නැතිව සොලවන්න උත්සහ කරන්න. මේ මගින් රැවීම නැති වෙනවා.

08. උණු වතුරෙන් වැඩි වෙලාවක් නෑම


උණුවතුරෙන් නෑවම දැනෙන සනීපය නම් කියලා වැඩක් නෑ නේද? ඒත් නිතරම උණුවතුරේ නෑම නම් සමට අහිතකරයි. උණු වතුර නිසා සම මතුපිට තියන ස්වාභාවික තෙල් තට්ටුව විනාශ වෙනවා.

09. වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කිරීම


වාතයේ තියන ජල වාශ්ප විනාශ කරලා වාතය වියළි කිරීම වායු සමීකරණ යන්ත්‍රයෙන් කෙරෙනවා. මේ මගින් සම වියළීම හා සමට හානි සිදුවෙනවා. වායු සමීකරණය නැතුව ඉන්න බැරි තැනක නම් නිතර සම මොයිස්චරයිස් කරන්න. වෙන වෙලාවට නම් වායු සමීකරණය නැතුව ඉන්න එක තමයි හොඳම දේ.

10. කොට්ට උර


අපිට පුරුදු දේ තමයි කපු කොට්ට උර පාවිච්චි කරන එක. ඒත් කපු කොට්ට උර රළු නිසා සම ඇතිල්ලෙන විට සමට හානි වෙනවා. සම රැලි වැටෙන්නත් ඉඩ තියනවා. ඒ වෙනුවට සිල්ක් හෝ සෙටින් කොට්ට උර පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *