ඔබ නිදාගන්නා ඉරියව්ව ඔබට බලපාන අයුරු

සාමාන්‍යයෙන් අපි අපේ ජීවිත කාලයෙන් අවුරුදු 25 ක් නිදාගන්න ගත කරනවා. නින්ද අපිට අවශ්‍ය වෙන්නේ නිසි විවේකයක් ලබා ගැනීම අපේ යහපැවැත්මට වැදගත් නිසයි. හොඳින් නිදාගන්න එකේ වාසි ගොඩක් තියනවා. හොඳ නින්දක් මගින් ශරීරය පුනර්ජනනය කරන අතරම මොළයේ ක්‍රියාකාරිත්වයටත් වැදගත් වෙනවා.

කාලය ගොඩක් වටිනවා කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසා අපි නිදාගන්න වැය කරන කාලය හොඳින් ගත කිරීම වටිනවා. ඒකයි අපි අද ඔයාට නිදාගන්න ඉරියව් ගැන කියලා දෙන්න හිතුවේ.

1.සොල්දාදුවාගේ ඉරියව්ව


නිදාගන්නකොට අත් දෙක ඔයාගෙ දෙපැත්තෙන් තියාගන්න එක තමයි හොඳම ඉරියව්ව විදියට සැලකෙන්නේ.මේ ඉරියව්ව යෝග වල සවාසනා ඉරියව්වට සමානයි. මේ ඉරියව්වෙන් නිදාගන්න කෙනෙක්ට සෞඛ්‍යමය වාසි ගොඩක් ලබාගන්න පුලුවන්.

වාසි:
කොඳු ඇට පෙළ, බෙල්ල හා අත්වලට විවේකයක් ලබා දීමට හොඳම ඉරියව්වයි.


අම්ල පරාවර්තනය අඩු කිරීම
සෘජු පියයුරු පවත්වා ගන්න උදව් වීම
නින්ද නොයාම නැති කිරීම
ඔලුවේ කැක්කුම අඩු කිරීම
මුහුණේ රැළි ඇතිවීම වැළැ‍ක්වීම

අවාසි:


ගුරුත්වාකර්ෂණය දිවෙන් පහලට ඇතිවෙනකොට මේ ඉරියව්වෙන් නිදාගෙන ඉන්න කෙනෙක්ට හුස්ම ගැනීමේ අපහසුතා එන්න පුලුවන්.


පහළ පිටුපස වේදනාව ඇති විය හැකියි.

විසඳුම්:


කොට්ටයක් නැතිව උඩුබැලි අතට නිදාගන්න උත්සාහ කරන්න. එමගින් ඔයාගෙ ශරීරය සාමාන්‍ය ඉරියව්වක තියාගන්න නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම අඩු කරනවා.


ඔයාගෙ දණහිස පිටිපස්සට කොට්ටයක් තියාගන්න එකෙන් ඔයාගෙ පිටුපස තියන ස්වභාවික වක්‍ර හැඩය පවත්වගන්නත් උදව් වෙනවා.

2.තාරකා මාළුවා ඉරියව්ව


උඩුබැලි අතට නිදාගන්න තවත් ඉරියව්වක් තමයි මේ. කෙනෙක් උඩුබැලි අතට නිදාගෙන එයාගෙ අත් දෙක ඔලුව දෙපැත්තෙන් තියාගෙන ඉන්න එකට තමයි තාරකා මාළුවා ඉරියව්ව කියන්නේ.

වාසි:
කොඳු ඇට පෙළට හා බෙල්ලට හොඳ විවේකයක් ලබා දෙන ඉරියව්වක් වීම
නින්ද නොයාම සුව කිරීම
හිසරදය ඇති වීමේ හැකියාව අඩු කිරීම
ඔලුව ආමාශයට ඉඩින් පිහිටලා තියන නිසා ආමාශයේ තියන ආහාර ආයෙත් ආහාර මාර්ගයට එන එක වැලැක්වීම
මුහුණේ රැළි හා සම ඉරිතැලීම වැලැක්වීම

අවාසි:
ගුරුත්වාකර්ෂණය දිවෙන් පහලට යොමු වෙන නිසා නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුලුවන්.
අත් මේ විදියට තියන් ඉන්න එකෙන් උරහිසේ ස්නායු තෙරපිලා වේදනාවක් ඇති වෙන්නත් පුලුවන්.
පහළ පිටුපස වේදනාව ඇති විය හැකියි.

විසඳුම්:
මේ ඉරියව්වෙන් නිදාගන්න විට කොට්ටයක් නැතිව ඉන්න. ඔයාගෙ ඔලුව, බෙල්ල හා කොඳු ඇට පෙළට ස්වභාවික ඉරියව්වක විවේක ගන්න දෙන්න.

3.ලොග් ඉරියව්ව


මේ ඉරියව්වෙන් නිදාගන්න විට ඔයා අත් දෙකම කෙලින් පහලට යොමු කරගෙන පැත්තට හැරිලා ඉන්න ඕන. ඔයාගෙ අත්‍යවශ්‍ය අවයව ව්ලට හොඳ විවේකයක් ලබා දෙන්න වම් පැත්තට හැරිලා නිදාගන්න එක තමයි සුදුසුම

වාසි:
කොඳු ඇට පෙළේ හැඩය හොඳින් තියාගන්න සුදුසුම නිදාගැනීමේ ඉරියව්ව තමයි මේ.
කොන්දේ හා බෙල්ලේ වේදනාව වළක්වයි.
නින්දේදී හුස්ම ගැනීමේ අපහසුව අඩු කරයි.
ගර්භනී කාන්තාවන්ට සුදුසුම නිදාගැනීමේ ඉරියව්වයි.

අවාසි:
කලවා වලට ප්‍රමාණවත් සහයක් ලැබෙන්නේ නැති නිසා කොන්දේ හෝ උකුලේ වේදනාව ඇති වීම
පැත්තට නිදාගැනීමෙන් සම වයසට යාම, මුහුණේ රැළි වැටීම හා පියයුරු එල්ලා වැටීම ඇති විය හැකියි.
සමහර විට බෙල්ලේ වේදනාවක් පවා ඇති වෙන්න පුලුවන්.

විසඳුම්:
මේ ඉරියව්වෙන් නිදාගැනීමෙන් බෙල්ලේ වේදනාවක් ඇති වෙන්න පුලුවන් නිසා බෙල්ලට ලොකු කොට්ටයක් තියාගන්න.
කලවා අතරට කොට්ටයක් තියන්න.

4.ඉයර්නර් ඉරියව්ව


කකුල් තරමක් නවා, අත් දෙක නවා හිසට යටින් තියාගෙන නිදාගන්න ඉරියව්වයි. ඔයාගෙ ප්‍රධාන අවයව වලට වඩා හොඳින් විවේක ගන්න නම් වම් පැත්තට හැරී නිදාගන්න එක සුදුසුයි.

වාසි:


බෙල්ලේ හා කොන්දේ වේදනාව වැලැක්වීම
වම් පැත්තට හැරී නිදාගැනීමෙන් ඇසිඩ් පරාවර්තනය අඩු කරන්න පුලුවන්
නින්දේදී හුස්ම ගැනීමේ අපහසුව අඩු කිරීම
පපුවේ දැවිල්ල අඩු කිරීම


මොළයෙන් අපද්‍රව්‍ය වඩාත් කාර්යක්ෂමව ඉවත් කරන්න ශරීරයට ඉඩ දීම
පරීක්ෂණ වලින් කියන්නේ මේ ඉරියව්වෙන් නිදාගන්න අයට මධ්‍යම රාත්‍රියේ අවදි වෙන්න තියන ඉඩ අඩු බවයි.

අවාසි:
නිසි ලෙස ලේ ගමනාගමනයට බාධා කරන නිසා ස්නායු වලට පීඩනයක් යෙදීමෙන් උරහිස් හා අත්වල වේදනාවක් ඇති වෙන්න පුලුවන්.
ස්නායු තද වීමෙන් ආමාශය, අක්මාව හා පෙනහළු වගේ අභ්‍යන්තර අවයව වලට බලපෑම් ඇති වීම
පියයුරු එල්ලා වැටීම හා අකලට සම රැළි වීම

විසඳුම්:
මුහුණේ රැළි ඇති වීම වැලැක්වීමට සැටින් කොට්ටයක් මත නිදාගන්න.
කලවා වලට ආධාරකයක් විදියට දණහිස් අතර කොට්ටයක් තියාගන්න.

5.භ්රෑණ ඉරියව්ව


දණහිස පපුව පැත්තට ගෙන නිකට පහළට හරවා නිදාගැනීමේ ඉරියව්වට තමයි භ්රෑණ ඉරියව්ව කියන්නේ. කාන්තාවන් අතර වැඩියෙන්ම ජනප්‍රිය නිදාගන්න ඉරියව්ව තමයි මේක. මෙහිදීත් වම් පැත්තට හැරිලා නිදාගන්න එක තමයි අනුමත කරන්නේ.

වාසි:
නින්දෙන් ගෙරවීම අඩු කිරීම
ගර්භනී කාන්තාවන්ට ගොඩක් සුදුසු ඉරියව්වක් වීම
වම් පැත්තට හැරිලා නිදාගන්න එකෙන් ඇසිඩ් පරාවර්තනය අඩු වීම

අවාසි:
බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇති වීම
සම රැළි වීම
පියයුරු එල්ලා වැටීම

විසඳුම්:
හිසට ආධාරකයක් විදියට කොට්ටයක් තියාගන්න.
දිගු වෙලාවක් එකම ඉරියව්වේ ඉන්නෙ නැතුව වෙනත් ඉරියව්වකට මාරු වෙන්න.

6.නිදහස් ලෙස වැටීමේ ඉරියව්ව


මුණින් අතට නිදාගැනීම තමයි මේ නිදහස් ලෙස වැටෙන ඉරියව්ව කියන්නේ. මේක එතරම් හිඳ ඉරියව්වක් නෙමෙයි. නිදාගෙන ඉන්නකොට බඩ යට වෙන නිසා විශේෂඥයන් කියන්නේ මේ ඉරියව්වෙන් නිදාගන්න එපා කියලයි.

වාසි:
සමහර විට නින්දෙන් ගෙරවීම අඩු කිරීම

අවාසි:
කොඳු ඇට පෙළට පීඩනයක් ඇති කරන නිසා බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇති වීම
මුහුණට ලේ ගමනාගමනය අඩු වීම නිසා සම රැළි වැටීම

විසඳුම්:
ඔයාගෙ බඩ හා මෙට්ටය අතර කොට්ටයක් තියාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *