ඔබ මෙතෙක් දැන නොසිටි බේබි පවුඩර්වල ප්‍රයෝජන 10 ක්

බේබි පවුඩර් තියෙන්නෙ පොඩි බබාලට දාඩිය දානවට පාවිච්චි කරන්න විතරක්ම නෙමෙයි. අපි අද ඔයාට කියන්න යන්නේ බේබි පවුඩර්වල ඔයා හිතන්නෙවත් නැති වෙනස් භාවිත කිහිපයක් ගැනයි.

1. ඔබේ ඇස් පිල්ලම්වලට ගණකමක් ලබා දීම


ඇස් පිල්ලම්වල එකවරක් මස්කාරා ආලේප කරලා ඒක උඩින් බ්‍රශ් එකක් ආධාරයෙන් පවුඩර් ටිකක් ආලේප කරන්න. දැන් ආයෙත් මස්කාරා අලේප කරන්න. මෙහෙම කලොත් ඔයාට සාමාන්‍ය විදියට වඩා ඔයාගෙ ඇහිපිල්ලම් වැඩි ගණකමකින් හා වැඩි දිගකින් තියනවා පෙනෙයි.

2. මාලය පහසුවෙන් ගැලවීම


ඔයාගේ මාලයේ ගැටගැහුණු තැන් වලට පවුඩර් ටිකක් ඉහලා මාපටැඟිල්ල හා අනිත් ඇඟිලි අතර තියලා සිනිඳුවට පිරිමදින්න. මාලයේ ගැට ඉවත් වෙලා යනවා.

3. වියලි ෂැම්පු එකක් ලෙස භාවිත කිරීම


ඔයාගෙ හිසකෙස්වල තෙල් ගතියක් හා ඇලෙනසුළු බවක් තියනවා නම් නාන්න වෙලාවක් නැත්තන් හිසකෙස් මතට පවුඩර් ටිකක් ඉහින්න. ඊට පස්සේ පවුඩර් ටික පේන්නෙ නැති වෙනකන් හිස්කබල හිමීට මසාජ් කරන්න. මෙහෙම කලොත් ඔයාට දවස ගානෙ නාන්නෙ නැතිව වුණත් හිසකෙස් තෙල් ගතියක් නැතුව තියාගන්න පුලුවන්.

4. ඇඳුම්වල තෙල් පැල්ලම් ඉවත් කිරීම


ඇඳුමේ තියන තෙල් පැල්ලම දෙපැත්තටම පවුඩර් ඉහලා ඇඳුම ග්‍රීස්වල පොඟවන්න. පැයකට පස්සේ ඇඳුම සෝදලා මද පවනේ වේලෙන්න තියන්න.

5. පාද හා සපත්තුවලින් වැලි ඉවත් කිරීම


ඔයාගෙ කකුල් මතට පවුඩර් ටිකක් ගෑවොත් වැලි සහිත පොලොවේ ඇවිදිනකොට වැලි ගෑවෙන්නෙ නෑ. බේබි පවුඩර් මගින් ඔයාගෙ සමේ තෙතමනය අයින් කරනවා වගේම වැලි වලට කකුලේ ඇලවිලා තියෙන්න දෙන්නෙත් නෑ. මේ ක්‍රමයම ඔයාගෙ පාවහන් වලටත් පාවිච්චි කරන්න පුලුවන්. සපත්තුව ඇතුලට පවුඩර් ටිකක් දාලා සපත්තුව ගසන්න. එතකොට ඇතුලේ තියන වැලි ඔක්කොම ඉවත් වෙලා යනවා.

6. ඇඳ ඇතිරිලි නැවුම් කිරීම


රස්නෙ දවසක රාත්‍රියේ නිදාගන්න යනකොට ඔයාගෙ ඇඳ ඇතිරිලි අතරට පවුඩර් කුඩු ටිකක් ඉහින්න. මේකෙන් ඔයාට සුවදායක නින්දක් ලබා ගන්න පුලුවන්.

7. හම් ඇඳුම් වලට අලුත් පෙනුමක් ලබා දීම


ඔයාගේ හම් ඇඳුම්වල පෙනුම වැඩි කරගන්න නම් ඇඳුම මතට පවුඩර් ටිකක් ඉහලා සිනිඳු මයික්‍රෝ ෆයිබර් රෙද්දකින් පිරිමදින්න.

8. සුරතල් සතුන්ගේ ලොම් ආරක්ෂා කිරිම


ඔයාගේ සුරතලාගේ ලොම් පරිස්සමට බලාගන්න වියළි ෂැම්පු එකක් විදියට ඔයාට පවුඩර් පාවිච්චි කරන්න පුලුවන්. පව්ඩර් ටිකක් කෙලින්ම සුරතල් සතාගේ ලොම් මත ඉහලා අතින් මසාජ් කරන්න. ඇස් වලට හා නාසයට පවුඩර් යන්න දෙන්න එපා.

9. සමේ රෝම ඉවත් කිරීමේදී


ඔයාගේ සම වැක්ස් කරනකොට වැක්ස් එක ආලේප කරන්න කලින් සම මත පවුඩර් ටිකක් ගාන්න. මෙමගින් වැක්ස් කිරීමේදි ඇතිවෙන වේදනාව වගේම සමට වෙන හානියත් සමේ ආසාදන ඇති වීමත් අඩු කරනවා.

10. සුරතලුන්ගේ මුත්‍රා ගඳ අඩු කිරීමට


සුරතල් සතුන් ඔයාගේ කාපට් මට මුත්‍රා කරලා තියන වෙලාවට ඒ මතින් පවුඩර් ඉහින්න. පැයක් විතර තියලා කාපට් එක වැකුම් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *