ඔයත් සුන්දර කෙස් කලඹක් ලබාගන්න කැමතිනම් මේ දියර වර්ග 3 පාවිච්චි කරන්න

ෂැම්පූ කළාට පසු හිසකෙස් පිළියමක් භාවිතා කරනවා නම් ඔයාගෙ කෙස්කළඹට ලොකු වෙනසක් ලබාගන්න ඔයාට පුලුවන්. ඒ වගේම මේ තුළින් ඔයාට විශාල වාසි රැසකුත් ලබා ගත හැකියි. ඉන් කිහිපයක් විදියට හිසකෙස් සේදීම පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වීම, හිසකෙස් හා හිස්කබලට තෙතමනයක් ලැබීම , pH මට්ටම හා තෙල් සමතුලිත කිරීමට උපකාරී වීම වගේ දේවල් හඳුන්වා දෙන්න පුලුවන්. ස්වභාවික හිසකෙස් පිළියමක් භාවිතා කරන්න ඔයා කැමැත්තෙන් ඉන්නවා නම් මේ තුනෙන් එකක් පාවිච්චි කරලා බලන්න. ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න.

01. ඇපල් සයිඩර් විනාකිරිවලින් හිසකෙස් සේදීම

පැහැදිලි හා දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට ගොඩක් ප්‍රතිඵලදායක දෙයක් තමයි ඇපල් සයිඩර් විනාකිරි කියන්නෙ. හිසකෙස්වල ලිස්සන ගතිය ඉවත් කරන්න වගේම හිස්කබලේ හා හිසකෙස් වලින් අපිරිසිදු නිෂ්පාදන ඉවත් කිරීමේ හැකියාවකුත් මීට පවතිනවා. ඒ විතරක් නෙවෙයි, හිස්කබලේ pH අගය සමතුලිත කරන්නත් ඇපල් සයිඩ‍ර් භාවිත කරනවා.

භාවිතා කරන ආකාරය: ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2 ක් වතුර කෝප්ප 2 කට එකතු කරන්න. දැන් හොදින් කලවම් කර භාවිතයට ගන්න. මාසයකට වරක් හෝ දෙවරක් ෂැම්පු කිරීමෙන් පසු හිසකෙස් සේදීම සඳහා මේ දියරය භාවිතා කරන්න.

ඉඟිය: වියළි හිසකෙස් තියන කෙනෙක් නම් මේ දියරයටම මී පැණි තේ හැන්දක් එකතු කරලා පාවිච්චි කරන්න.

02. ලෙමන් මගින් හිසකෙස් සේදීම

විටමින් සී බහුල ආහාරයක් තමයි ලෙමන් කියන්නෙ. කොලජන් නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාවක් වගේම හිසකෙස් වර්ධනයට උපකාරී වීමේ හැකියාවකුත් ලෙමන්වලට තියනවා. හිස්කබලේ සෙබන් නිෂ්පාදනය සමතුලිත කිරීමට විටමින් සී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

භාවිතා කරන ආකාරය: වතුර කෝප්ප දෙකකට මිරිකා ගත් නැවුම් ලෙමන් යුෂ මේස හැන්දක් එකතු කරන්න. හොදින් කලවම් කර, හිසකෙස් සේදීම සඳහා සතියකට වරක් හෝ සති දෙකකට වරක් ෂැම්පු කිරීමෙන් පසු මේ ද්‍රාවණය හිසකෙස්වලට යොදන්න.

ඉඟිය: මින්ට් කොළ කියන්නෙ හිස්කබල නැවුම් කර, රුධිර සංසරණය වැඩි කර, හිසකෙස් වර්ධනයට උපකාරී වන දෙයක්. නැවුම් හෝ වියළි මින්ට් කොළ කිහිපයක් කලින් හදාගත් ද්‍රාවණයට එකතු කලොත් තවත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

03. තේ/කෝපි මගින් හිසකෙස් සේදීම

තේ හා කෝපිවල කැෆේන් අඩංගු වෙනවා. කැෆේන්වලට හිසකෙස් වර්ධනයට හා හිසකෙස් වැටීම අඩු කිරීමට හැකියාව තියනවා. ඔයාටත් සෞඛ්‍ය සම්පන්න කෙස්කළඹක් ලබා ගන්න ඕන නම් මේවා භාවිතා කරලා ඔයාගෙ හිසකෙස් සෝදන්න.

භාවිතා කරන ආකාරය: ඔයාට කරන්න තියෙන්නෙ වතුර කෝප්ප දෙකකට තේ බෑග් කිහිපයක් හෝ කෝපි මේස හැඳි දෙකක් එකතු කරලා, තේ හෝ කෝපි එකක් හදාගන්න එක විතරයි. මේක සිසිල් වුණාට පසුව හිසකෙස්වල ආලේප කරන්න පුලුවන්. අමතක නොකර මේ සත්කාරය සතියකට වරක් කරන්න.

ඉඟිය: මේ සඳහා වෙනත් ශාකසාර තේ යොදාගත්තොත් ඔයාට වඩාත් හොද ප්‍රතිපල ලබා ගන්න පුලුවන්.

මතක තබා ගන්න.

හිසකෙස් සෝදනකොට හිසකෙස් මත පමනක් මේවා භාවිත කරන්න. සේදීමට කලිම් අඩුම තරමේ විනාඩි කිහිපයක්වත් හිසකෙස් මත මේවා තියෙන්නට හරින්න. ඉන්පසුව හිසකෙස් සෝදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *