ඕනම කෙනෙකුට ගැලපෙන විදිහෙ ලස්සන හෙයාර් කට් කිහිපයක්

තමන්ට සුදුසු අලුත් කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේදී, දැනට තියන හැම කොණ්ඩ මෝස්තරයක් ගැනම දැනගෙන ඉන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමන්ගෙ මුහුණට හා පෙනුමට ගැලපෙන කොම්ඩ මෝස්තරයක් තෝරගන්න හැම විටම මතක තියාගන්න ඕන. ඔයාගෙ හිසකෙස් වල දිග හා තරම අනුව ඔයා තෝරගන්න ඕන කොණ්ඩ මෝස්තරය තෝරගන්න සිදුවෙනවා.

ගොඩක් ගැහැණු ළමයි කැමති කොණ්ඩ මෝස්තරයක් තමයි බොබ් කට් කියන්නෙ. බොබ් කට් එකෙත් විවිධ මෝස්තර තියනවා. අද අපි ඔයාට කියලා දෙන්නෙ මේ අතරින් ඔයාට ගැලපෙන කොණ්ඩා මෝස්තරය තෝරගන්නෙ කොහොමද කියලයි.

01. කොටට කැපීම (short bob)
© imago/Italy Photo Press/EAST NEWS, © Rodrigo Reyes Marin/AFLO/EAST NEWS

එමා ස්ටෝන් හෝ මිරැන්ඩා කෙර් වගේ පොඩි බෝනික්කෙක්ගෙ හැඩයක මුහුණක් තියන ගැහැණු ළමයින්ට හොඳම කොණ්ඩ මෝස්තරය තමයි මේ. අපිළිවෙළට කෙස් ගස් කිහිපයකුත් තියනකොට තමයි මේ ස්ටයිල් එක වැඩිපුරම ලස්සන.

© Retna/Photoshot/REPORTER, © LFI/Photoshot/REPORTER

තවත් ජනප්‍රිය බොබ් කට් එකක් තමයි මේ. මෙහිදි බෙල්ල පිටුපස කොණ්ඩෙ කොටට කපලා මුහුණ දෙපැත්තේ කෙස් ඊට වඩා ටිකක් දිගට කපනවා. කෙයිරා නයිට්ලි මේ විලාසිතාව අනුගමනය කරලා තියනවා. මේ මෝස්තරය සිහින් හිසකෙස් තියන අයට ගැලපෙනවා. මෝස්තරයට වැඩි කාලයක් ගත කරන්න නැමති නැති අයට ජෙනිෆර් ලෝරන්ස් අනුගමනය කරලා තියන විලාසිතාව ගැලපෙනවා.

02. පැත්තෙන් බෙදීම (graduated bob)

මේ විලාසිතාවෙදි විවිධ දිගකින් යුත් කෙස්ගස් මගින් කොණ්ඩයට අමතර පරිමාවක් ලබා දෙනවා. කොණ්ඩයේ අඩුපාඩු සඟවන අතරම කොණ්ඩයේ ලස්සන තැන් ඉස්මතු කරලා පෙන්වනවා. වම් පැත්තේ පින්තූරයේ ඉන්න රේචල් මැක් ඇඩම්ස් වගේ දිගටි මුහුණක් හා උල් නිකටක් තියන ගැහැණු ළමයින්ට හොඳින් ගැලපෙනවා.

03. දිගටි හිසකෙස් (elongated bob)

අලුත් කොණ්ඩ මෝස්තරයක් කරගන්න කැමැත්තෙන් ඉන්න අයට මේක හොඳ අදහසක්. මෙමගින් ඔයාගෙ කොණ්ඩෙ දිග ගොඩාක් අඩු වෙන්නෙත් නෑ. ඒ වගේම කොණ්ඩය එහි මුල් දිග ඉතා ඉක්මණින් ගන්නවා. ඒ වගේම මේ මෝස්තරය ස්ට්‍රේට් හා කර්ල් හිසකෙස් දෙවර්ගයටම හොඳින් ගැලපෙනවා.

නිර්මාණාත්මක හා ලසනම ලස්සන පෙනුමක් ලබා ගැනීමට තවත් හොඳම කොණ්ඩා මෝස්තර කිහිපයක් මෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *