කවදාවත් හිස්බඩට මේ කෑම නම් කන්න එපා

පෝෂ්‍යදායක උදේ ආහරයක් කිව්වම අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ යෝගට් එකක්, කෝපි කෝප්පයක්, දෙහි බීම වීදුරුවක් වගේ දෙයක්නේ. ඒත් ගොඩක් දෙනා දන්නෙ නැති දෙයක් තමයි මේ ආහාර වලින් සමහර ඒවා හිස්බඩ ආහාරයට ගන්න හොඳ නෑ කියන එක. ඒවගෙන් අපේ ශරීරයට අහිතකර තත්ව ඇති වෙනවා.

දැන් අපි ඔයාට කියන්න යන්නෙ මේ වගේ හිස්බඩ ආහාරයට ගන්න සුදුසු ආහාර සහ හිස්බඩ ආහාරයට ගන්න නුසුදුසු ආහාර මොනවද කියලයි.

හිස්බඩ ආහාරයට ගැනීමට සුදුසු නැති ආහාර

01. ෂෝට් ඊට්ස් හා පේස්ට්‍රි වර්ග


යීස්ට් අඩංගු ආහාර මගින් ආමාශයේ බිත්තිවල දැවිල්ලක් ඇති කරන අතර බඩේ වාතය පිරීමටත් හේතු වෙනවා.

02. පැණි රස කෑම වර්ග


පැණිරස ආහාර මගින් සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි කරන නිසා උදේට හිස්බඩ ආහාරයට ගත්තොත් අග්න්‍යාශයට වැඩ වැඩි වෙනවා.

03. යෝගට් හා මුදවපු කිරි


හිස්බඩට යෝගට් කෑමෙන් බඩේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හැදෙනවා. එතකොට ලැක්ටින් අම්ල බැක්ටීරියා විනාශ වෙන නිසා හිස්බඩ යෝගට් හෝ මුදවපු කිරි කන්න හොඳ නෑ.

04. පෙයාස්


පෙයාස්වල තියන රළු කෙඳි මගින් හිස් බඩේ තියන සිනිඳු ශ්ලේෂ්මල පටලය තුවාල වෙන්න පුලුවන්.

05. තක්කාලි


ටැනික් අම්ලය විශාල ප්‍රමාණයක් තක්කාලි වල තියන නිසා එමගින් උදරයේ ආම්ලිකතාව වැඩි කරලා ගැස්ට්‍රයිටිස් හා උදරයේ තුවාල ඇති වෙන්න ඉඩ තියනවා.

06. පිපිඤ්ඤා හා වෙනත් කොළ පැහැ එලවළු


මේවායේ විශාල ලෙස ඇමයිනෝ අම්ල අඩංගුයි. උදේට හිස්බඩ ආහාරයට හැනීමෙන් බඩේ හෝ පපුවේ දැවිල්ල, උදරයේ වාතය පිරීම හා බඩ රිදීම වගේ තත්ව ඇති වෙනවා.

07. කෙසෙල්


උදේට හිස්බඩ කෙසෙල් ආහාරයට ගන්න අයගේ රුධිරයේ මැග්නීසියම් මට්ටම ගොඩක් වැඩි වෙන අතර එය හදවතට එතරම් හොඳ නෑ.

08. සැර කුළුබඩු දැමූ ආහාර


මෙවැනි ආහාර නිසා ඔයාගෙ ආමාශයික තරලයට හානි වෙනවා. ඒ වගේම උදේට සැර කුළුබඩු දැමූ ආහාර ගැනීමෙන් ආහාර ජීර්ණ රෝග ගොඩක් ඇති වෙන්න පුලුවන්.

09. සිසිල් කළ කාබනීකෘත බීම වර්ග


උදේ හිස්බඩට කාබනීකෘත සිසිල් බීම පානය කලොත් ශ්ලේෂ්මලයට හානි වෙලා උදරයට සැපයෙන රුධිරය ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්. එවිට ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වේදය අඩු වෙනවා.

10. පැඟිරි පලතුරු


දෙහි, දොඩම්, නාරං වගේ පැඟිරි පලතුරුවල තියන සිට්‍රික් අම්ලය මගින් උදරයේ ආආම්ලිකතාව වැඩි කරන නිසා බඩ දැවිල්ල හෝ ආමාශයික තුවාල ඇති වෙන්න පුලුවන්.

හිස්බඩ ආහාරයට ගැනීමට සුදුසු ආහාර වර්ග

01. ඕට්ස්


ආමාශ බිත්තිය වටා තරලයක් සෑදීමෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් ආමාශ බිත්තිවලට කරන හානිය වළක්වන්න ඕට්ස් වලට පුලුවන්. ඕට්ස්වල තියන ද්‍රාව්‍ය තන්තු සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න උදව් වෙනවා.

02. බක්විට් තිරිඟු පිටි


යකඩ, විටමින් හා ප්‍රෝටීන් හොඳින් අඩංගු ආහාරයක් තමයි බක්විට් තිරිඟු පිටි කියන්නෙ. මෙමගින් ඔයාගෙ ආහාර ජීර්ණ පද්ධතියට උත්තේජනයක් ලබා දෙනවා.

03. කෝන් මීල්


සිරුරේ ඇති බැර ලෝහ ඇතුළු විෂ වර්ග ඉවත් කරන්නත් බඩවැල්වල ඉන්න ක්ෂුද්‍ර ජීවීන් සමනය කරන්නත් කෝන් මීල් උදව් වෙනවා.

04. තිරිඟු ඇට

තිරිඟු ඇට තේ හැඳි 2 ක් ආහාරයට ගත්තොත් ඔයාට දවසකට අවශ්‍ය විටමින් ඊ වලින් 15% ක් හා ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයෙන් 10% ක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය වඩා පහසු කරගන්න පුලුවන්.

05. බිත්තර


සමීක්ෂණ වලින් හෙළි වී තිබෙන විදියට උදේ ආහාරයට බිත්තර ගන්න අයගේ දවස පුරා ගන්නා කැලරි ඔරමාණය ගොඩක් අඩු කරන්න පුලුවන්.

06. කොමඩු


කොමඩුවල තියන ලයිසොපීන් හදවත හා ඇස්වලට හොඩක් හිතකරයි. ඒ වගේම උදේට හිස්බඩට කොමඩු ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය දියර ගොඩක් ලැබෙනවා.

07. බ්ලූ බෙරි


දිනපතා බ්ලූබෙරි ආහාරයට ගැනීම මගින් මතක ශක්තිය වැඩි වෙන බව පරීක්ෂණ මගින් හෙළි වෙලා තියනවා. ඒ විතරක් නෙවෙයි, පරිවෘත්තිය ක්‍රියාවලිය හා රුධිර පීඩනය ක්‍රමවත් කරන්නත් බ්ලූබෙරි වලට පුලුවන්.

08. යීස්ට් රහිත ධාන්‍යමය පාන්


පාන්වල තියන කාබෝහයිඩ්‍රේට් හා අනික් පෝෂක මගින් ශරීරයට හොඳ පෝෂණයක් ලැබෙනවා. උදේ ආහාරයට තමයි පාන් වැඩියෙන්ම සුදුසු වෙන්නේ.

09. ඇටවර්ග


උදරයේ pH අගය සමනය කරන්නත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්නත් ධාන්‍ය වර්ග උදව් වෙනවා.

10. මී පැණි


උදේට ඔයාගෙ ශරීරයට ප්‍රබෝධමත් බවක් ලබා ගන්නත් අවයවවලට ශක්තිය ලබා දෙන්නත් මී පැණි උදව් වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ප්‍රීතිමත් බව ඇති කරන සෙරොටනින් හෝමෝනය වැඩි කරන්නත් මී පැණිවලට පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *