කාන්තාවන් ගනන් නොගන්නා භයානක රෝග ලක්ෂණ 7 ක්

කාන්තාවන්ට හැදෙන ලෙඩ ගොඩක් තියෙනවා. සමහර ඒවාගේ රෝග ලක්ෂණ කාලෙකට කලින් ඉඳන් ඇතිවෙනවා. ඒවා ඒ වෙලාවෙදිම හඳුනගත්තොත් එයින් සම්පූර්ණයෙන්ම සුව වෙන්නත් හැකියාව තිබෙනවා. මුල් කාලෙදිම පියයුරු පිළිකා තියෙනවා කියලා හඳුනගත්ත කාන්තාවන්ගෙන් 90% ක් සුව වෙලා තිබෙනවා කියලත් වෛද්‍යවරු කියනවා.

‍රෝගයක දරුණුම තත්වයට ආවට පස්සේ රෝගය වළක්වගන්න බෑ. හොඳම දේ තමයි මුල් කාලෙදිම රෝගය හඳුනගෙන නිසි ප්‍රතිකාර ලබා ගන්න එක. ඉස්සරහට ඔයාට මේ වගේ දරුණු ලෙඩක් හැදෙන්න පුලුවන් කියලා පෙන්නන රෝග ලක්ෂණ ගැන අද අපි කතා කරමු. ඔයාටත් මේ රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් දැනටමත් තියනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂාවක් කරගන්න.

07. මුත්‍රා කිරීම වැඩි වීම

එහි තේරුම – වෙනදාට වඩා වැඩියෙන් මුත්‍රා පිටවෙන එක ඔයාගෙ වකුගඩු හෝ මුත්‍රා මාර්ගයේ ප්‍රශ්නයකට වඩා වැඩි දෙයක් නිසා වෙන්න පුලුවන්. සමහර විට හෝමෝන යෝනි මයික්‍රොෆ්ලෝරා වල ප්‍රශ්නයක් නිසා වෙන්නත් පුලුවන්. ඔයාට හැම තිස්සෙම තිබහක් දැනෙනවා නම් හෝ නිතරම මුත්‍රා පිටවෙනවා නම් ඒක දියවැඩියාවේ රෝග ලක්ෂණයක් වෙන්නත් පුලුවන්.

ගැටලුවක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද? – සාමාන්‍යයෙන් ඔයා දවසකට පානය කරන වතුර ප්‍රමාණය නිසා ඔයාට දවසට 4-10 වතාවක් වැසිකිළි යන්න වෙනවා. ඔයා වෙනදට පානය කරන වතුර ප්‍රමාණයම පානය කරලත් වෙනදට වඩා වැඩියෙන් වැසිකිළි යාමේ උවමනාවක් දැනෙනවා නම් සාමාන්‍ය වෛද්‍යවරයෙක් හෝ මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි.

06. බර අඩුවීම

එහි තේරුම – ඔයාගෙ ඇඟේ බර එක පාරටම රාත්තල් කිහිපයකින් අඩු වුණොත් ටිකක් සැලකිලිමත් වෙන්න. සමහර විට ක්‍රෝන්ගේ රෝගය, දෙවන වර්ගයේ දියවැඩියාව හෝ පිළිකා තත්වයක් නිසා මෙහෙම එක පාරටම ඔයාගෙ බර අඩු වෙන්න පුලුවන්.

ගැටලුවක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද? – ඔයා කිසිම ව්‍යායාමයක් හෝ ක්‍රීඩාවක් කරන්නෙත් නැතුව හෝ ඔයාගෙ ආහාර වේල අඩු කරන්නෙත් නැතුව මාස 6-12 ක් තුළ ඔයාගෙ බර රාත්තල් 10-15 ක් විතර අඩු වෙලා නම් ඉක්මනටම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

05. හිසකෙස් නොතිබිය යුතු ස්ථානවල හිසකෙස් වැවීම

එහි තේරුම – ඔයාගෙ ශරීරයේ සාමාන්‍යයෙන් හිසකෙස් වැවෙන්නෙ නැති තැන්වල හිසකෙස් වැවෙනවා නම් එයින් කියන්නෙ පිරිමි හෝමෝන ඕනෑවට වඩා වැඩියෙන් තියනවා කියලයි. ඒකෙන් ඔයාගෙ පෙනුමට විතරක් නෙවෙයි වඳභාවයට, පරිවෘත්තිය ආබාධයකට හෝ පියයුරු පිළිකා, එන්ඩොමෙට්‍රියල් වගේ තත්ව ඇති වීමට පවා හේතු වෙන්න පුලුවන්.

ගැටලුවක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද? – කලබල වෙන්න එපා. ඔයාගෙ මුහුණේ, පපුවේ, බඩේ හෝ පිටේ අධික ලෙස රෝම වැවෙනවා නම් අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.

04. ඔසප් වීම නැවතීමෙන් පසු ලේ ගැලීම

එහි තේරුම – ඔසප් වීමෙන් පසු ලේ ගැලීම බොහෝ විට ගර්භාෂ පිළිකා, ගැබ්ගෙල පිළිකා, මයෝමා වගේ භයානක රෝගයක ලක්ෂණයක් වෙන්න පුලුවන්.

ගැටලුවක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද? – හෝමෝන ප්‍රතිකාර ලබාගන්නා කාන්තාවන්ට ඔසප් වීමෙන් පසු අවුරුදු දෙකක් විතර ආයෙත් ඔසප් වීම වගේ දෙයක් වෙන්න පුලුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි වෙනත් හැම අවස්ථාවකදිම ඔයා වෛද්‍යවරයෙකු හමුවෙලා උපදෙස් ලබාගැනීම වැදගත්. විශේෂයෙන් ඔසප් වීම නැවතිලා ආයෙත් අවුරුද්දකට විතර පස්සෙ ඔසප් වෙන්න ගත්තොත් ඒක භයානක රෝගයක ලක්ෂණයක් වෙන්න පුලුවන්.

03. පියයුරුවල සිදුවන වෙනස්කම්

එහි තේරුම – පියයුරු පිළිකා ඇති වීමේ ලක්ෂණ මුල් කාලෙදි හඳුනගන්න ගොඩක් අමාරුයි. පියයුරු හා වසා ගැටිතිවල වේදනාවක් දැනුනොත් ඒ වෙනකොටත් තත්වය දරුණු වෙලා තියෙන්න පුලුවන්.

ගැටලුවක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද? – මුල් කාලෙදි පියයුරු පිළිකා හඳුනගන්න ඔයාටම ඔයාගෙ පියයුරු පරීක්ෂා කරන්න පුලුවන්. පියයුරුවල සිදුවෙන ඕනම වෙනස්කමක් ගැන අවධානෙන් ඉන්න. රතු වීම, සම රැළි වීම හෝ පියයුරුවල ගැටිති සෑදීම වගේ තත්ව ඔයාටම හඳුනාගෙන වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න පුලුවන්.

02. අපද්‍රව්‍ය බැහැර කිරීම

එහි තේරුම – සමහර විට ඔයාගෙ ශරීරයේ ඇතිවෙන ආසාදන තත්ව වගේ දේවල් වලට හේතු ගොඩක් තියෙනවා. හොඳම දේ වෛද්‍යවරයෙක් හමුවෙන එකයි.

ගැටලුවක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද? – ශරීරයෙන් පිට කරන දේවල්වල කොළ පාට හෝ අධික ගඳක් තිබෙනවා නම් සැලකිලිමත් වෙන්න. නැවත ඔසප් වීමට සති දෙකකට විතර කලින් ලේ පිට වෙනවා නම් ඒක සාමාන්‍ය තත්වයක් කියලත් මතක තියාගන්න.

01. අධිකව ඔසප් වීම

එයට හේතුව – මේකට එක එක හේතු බලපානවා. සමහර විට පාරම්පරික තත්වයක්, දේශගුණික තත්වයක් හෝ වැඩියෙන් ව්‍යායාම කිරීමත් හේතු වෙනවා. එහෙම නැත්නම් ඉතා බරපතල ගර්භාෂ මයෝමා, එන්ඩොමෙට්‍රියෝසිස් වගේ රෝගී තත්වයක් වෙන්නත් පුලුවන්. කොහොම වුණත් ඔසප් කාලයේදී අධිකව රුධිරය පිට වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. අධික ඔසප් වීම නිසා රක්තහීනතාවය ඇති වෙන්න පුලුවන්.

ගැටලුවක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද ? – ඔසප් වීමේදී දින 7 කට වඩා වැඩියෙන් තද රතු පාටින් රුධිරය පිට වෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙන්න. නාරි වේද වෛද්‍යවරයෙක් හමු වීමට ලැජ්ජා වෙන්න එපා. සාමාන්‍යයෙන් අවුරුද්දකට එක් වරක් හෝ දෙවරක් නාරිවේද වෛද්‍යවරයෙක් හමුවෙලා ඔයාගෙ ගැටලු වලට ප්‍රතිකාර ලබාගන්න එක ගොඩක් වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *