කාලය අපතේ නොයන සම සිනිදු කරන අනිවා වැඩ කරන ක්‍රම 2ක්

දීප්තිමත් සමක් ලබාගැනීම සඳගා නිවසේදීම අත්හදා බැලිය හැකි විශ්මිත වට්ටෝරු දෙකක්

ඔයාගේ සමේ රැළි වැටීම ඉවත් කරන්නත් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නත් ඔයාට ගෙදරදි හදාගන්න පුලුවන් වට්ටෝරු දෙකක් තමයි අපි අද ඔයාට කියලා දෙන්නේ.
ඕනම වයසක ඉන්න කෙනෙක්ට මේවා පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

1. සම රැළි වැටීම නැති කිරීමට


ඔයාට අවශ්‍ය වෙන්නේ;


පෙට්‍රෝලියම් ජෙල් තේ හැඳි 2
ආමන්ඩ් හෝ ඔලිව් තෙල් තේ හැඳි 1
බිත්තර කහ මද 1
මී පැණි තේ හැඳි 1
ඉදුණු අලිපේර ගෙඩියක්

සාදා ගන්න ක්‍රමය;


පෙට්‍රෝලියම් ජෙල් ඩබල් බොයිල් කරලා හෝ මයික්‍රෝවේව් එකේ දාලා තප්පර කිහිපයක් රත් කරන්න. ඒකටම මී පැණි එකතු කරලා හොඳට කලවම් කරන්න. ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එකතු කරලා ක්‍රීම් එකක් හැදෙනකන් හොඳට කලවම් කරන්න. මූඩිය වැසූ ක්‍රීම් භාජනයකට මිශ්‍රණය දාලා හොඳට සොලවන්න.

පාවිච්චි කරන ක්‍රමය;


මිශ්‍රණය විනාඩි 5ක් විතර තියෙන්න අරින්න.
ඔයාගෙ මුහුණ පිරිසිදු කරගෙන හොඳින් වියලා ගන්න. දැන් හදාගත් ක්‍රීම් එක ගාන්න.
රවුම් හැඩයට විනාඩි කීපයක් හොඳින් මසාජ් කරන්න.
තවත් විනාඩි 30ක් තියලා තෙත කපු පුළුන් හෝ තුවායක් මගින් පිහිදා අයින් කරන්න.
ප්‍රතිඵලය අත්විඳින්න.

2. මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට


ඔයාට අවශ්‍ය වෙන්නේ;


කඩල පිටි තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/4
නැවුම් එළකිරි තේ හැඳි 3-4
ලෙමන් යුෂ තේ හැඳි 1
පොල්තෙල් තේ හැඳි 1

සාදා ගන්න ක්‍රමය;


මේ ඔක්කොම එක භාජනයක හොඳින් කලවම් කරලා පේස්ට් එකක් හදාගන්න.

පාවිච්චි කරන ක්‍රමය;


හදාගත් පේස්ට් එක ඇස්පියන්වල හා ඇහි බැමිවල ගාන්නේ නැතිව ඔයාගෙ මුහුණේ ආලේප කරගන්න.
අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඕන හැම තැනකම මේ මිශ්‍රණය ගාන්න.
මාස්ක් එක විනාඩි 10ක් විතර වේලෙන්න හරින්න.
වේලුණු මාස්ක් එක ඔයාගෙ ඇඟිලිවලින් හිමීට අතුල්ලමින් අයින් කරන්න.
අන්තිමට මුහුණ උණුසුම් වතුරෙන් සෝදන්න.


විනාඩි 10 ක් වගේ පොඩි කාලයකින් ඔයාගෙ මුහුණේ ලොකු වෙනසක් ඔයාට දැකගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *