පිරිමින් අහනවටවත් කැමති නැති දේවල් 10ක්

පිරිමි අයට බය ඇති වෙන්න පුලුවන්ද? ඒකට ඔයාගෙ උත්තරේ “කොහෙත්ම නෑ!” කියන එක නේද? මොකද සාමාන්‍යයෙන් පිරිමි අය කියන්නෙ ගොඩක් ශක්තිමත් පෙනුමක් තියන අයනේ. ගොඩක් කාන්තාවන් හිතන්නෙත් කියන්නෙත් මෙහෙමයි. කොහොම වුණත් මේක සමාජෙන් හදාගත්ත දෙයක් විතරයි. එහෙම නැතුව හැමවිටම ඇත්තක් නෙවෙයි. ඇයි පිරිමින්ට දුක හිතෙන්නෙ නැද්ද? එයාලට දුක හිතෙන්න බැරිද? එයාලටත් දුක කියන සංවේදනය ඇතිවෙනවා. ඒත් සමහර වෙලාවට එයාලා තමන්ගෙ හිතේ තියන දුක එළියට පෙන්නන්නෙ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා ගැහැණු අපි හිතන්නෙ පිරිමින්ට දුක දැනෙන්නෙ නෑ කියලයි.

සාමාන්‍යයෙන් ගොඩක් පිරිමි අය ඇත්තටම කනස්සල්ලට පත්වෙන දේවල් මොනවද කියලා අපි හොයලා බැලුවා. අද අපි ඔයාට කියන්න යන්නෙ ඒ වගේ දේවල් 10 ක් ගැනයි. දැන් අපි බලමුකෝ පිරිමි අය එයාලා එක්ක කතා කරනවට කැමති නැත්තෙ මොන වගේ දේවල් ගැනද කියලා.

01. සිරුරේ පෙනුම

පොඩි කාලෙ ඉඳන්ම කාන්තාවන්ට උගන්නන්නෙ හැම විටම තමන්ගෙ ශරීරය ගැන හිතන්න කියලයි. ඒ වග්වෙම හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්නඕන කියලයි. පිරිමින්ට ඒ වගේ අදහස් නෑ. ඒත් මේකෙන් කියවෙන්නෙ එයාලා තමන්ගෙ භෞතික හැඩය හිතන්නෙ නෑ කියලා නෙවෙයි. එහෙනම් මොකටද පිරිමින් ලොකු වෙලාවක් ජිම් එකට ගිහින් ව්‍යායාම කරන්නෙ? පිරිමි අයට තියන ලොකුම බය තමයි එයාලගෙ බඩ ලොකු වෙන එක.

02. මුදල්

පිරිමින් කනස්සල්ලට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි මුදල් කියන්නෙ. එයාලා අනාගතයට සල්ලි හම්බකරන්න ඕන. පිරිමියෙකුට පෙම්වතියක් නැති වෙන්න පුලුවන්. ඒත් එයාලා තමන්ගෙ මූල්‍ය තත්වය ගැන කනස්සල්ලට පත්වන්නේ සම්බන්ධතාවයකට අත්‍යවශ්‍යම දේ මුදල් කියලා හිතන නිසයි. කොහොම වුණත්, කාන්තාවන්ට වඩාත්ම වැදගත් වෙන්නෙ රැකවරණය සහ අවධානයයි. මොකද ඔයාට ආදරේ කරන ගැහැණු ළමයෙකුට ඇත්තටම මුදල් වලට වඩා වටින්නෙ ඔයාගෙ කාලය.

03. උස

පිරිමි අය උස වෙන්නම ඕනද? ගොඩක් කාන්තාවන් යාලුවෙන්න උස පිරිමි ළමයි හොයනවා. ඒත් ඉතින් උස කියන්නෙ සම්බන්ධතාවයකට වැදගත් වෙන දෙයක් නෙවෙයි.

04. ඉරිසියාව

සාමාන්‍යයෙන් පිරිමින්ගේ ඉරිසියාව කාන්තාවන් තරම් පැහැදිලිව පේන්න නෑ. ඒත් ඉරිසියා සහගත සිතුවිලි මගින් ඔවුන්ගේ ආත්ම අභිමානයට හානි කරනවා.

05. සබඳතා පිළිබඳ අත්දැකීම් අඩු වීම

ගොඩක් අයගෙ තියන නරකම ලක්ෂණයක් තමයි පළපුරුදු පෙම්වතුන් වගේ රඟපාන එක හා කලින් හිටපු පෙම්වතියන් ගණන ගැන බොරු කියන එක. පිරිමි අය කාන්තාවන් වගේ නෙවෙයි, වැරදි කරන්න වගේම වැරදි අහන්නත් බයයි. සම්බන්ධතාවයකදී සහයෝගය හා අවංකභාවය තියන එක ගොඩක් වදගත්.

06. හිසකෙස්

පිරිමින්ට තියන තවත් ප්‍රශ්නයක් තමයි ශරීරයේ හා හිසේ කෙස් අඩු එක. ඉතින් මේක දුක්වෙන්න, වදවෙන්න තරම් ප්‍රශ්නයක්ද? හැබැයි ගැහැණු ළමයි තමන්ගෙ සහකරුට මේ වගේ දේවල් ගැන ප්‍රශ්න ඇති කරන එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

07. ආහාර පාලනය

මම දැන් ඩයට් කරනවා කියලා කියන්නෙ ගොඩක් වෙලාවට කාන්තාවන් කියන කතාවක්. ඒත් පිරිමි කෙනෙක් ඩයට් කරමවා කිව්වොත් අමුතු දෙයක් වෙන්න පුලුවන්. කොහොම වුණත් පිරිමිනුත් එයාලගෙ ශරීර ගැන හා ගන්නා ආහාර ගැන සැලකිලිමත් වෙනවා. හැම කෙනෙකුම නිරෝගීව හා හොඳ තත්වයෙන් ඉන්න කැමතියි. ඒත් ඉතින් ඩයට් කරනවා කියලා පිරිමින් හැම වෙලාවෙම කියන්න යන්නෙ නෑ.

08. පෙම්වතිය සමඟ තියන සම්බන්ධතාවය

පිරිමින් මේ ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නවා නම්, ඒක අමුතු දෙයක් කියලා කාන්තාවන් හිතන්න පුලුවන්. ඇත්තටම, පිරිමි අය කුරිරුයි, ඒ නිසා එයාලා සබඳතා වගේ පොඩි පොඩි දේවල් ගැන කරදර වෙන්නෙ නෑ කියලා නේද හැමෝම හිතන්නෙ? ඒත් ඒක එහෙම නෑ. එයාලත් කැමතියි හොඳ නිදහස් සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න.

09. කලින් සිටි පෙම්වතියන් ගණන

ඔයාව හමුවෙන්න කලින් එයාට හිටපු පෙම්වතියන් ගණන ඔයාට වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඊට අමතරව, ඔයාගෙ සහකරු ඔයාට වඩා අත්දැකීම් අඩු කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් වැදගත්ම දේ තමයි අතීතය අමතක කරලා වර්තමානය හා අනාගතය ගැන හිතලා ජීවත් වෙන එක.

10. හැඟීම් විවෘතව ප්‍රකාශ කිරීම

ගැහැණු කෙනෙක් වගේ අඬන්නෙපා කියලා පිරිමි අය අහලා ඇති. එයාලගෙ දෙමව්පියන්ට ඕන වුණේ එයාලව ශක්තිමත් කරන්නයි. ඒ වගේම එයාලට පවුල් ආරක්ෂා කිරීමට හැකියාව ඇතිකරන්නයි. ඒ නිසා පිරිමි අය එයාලගෙ ඇත්ත හැඟීම් පෙන්නන්න බයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *