කුරුලෑ ඉවත් කර ඔබේ සම ප්‍රීතිමත් කිරීමට ස්වභාවික ක්‍රම 6ක්

කුරුලෑ කියන්නෙ ඕනම වයසක ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයක්. ඒවා ඔයාගෙ ශරීරය පුරා මතු විය හැකි අතර විවිධ ආකාරවලින් සහ හැඩයන්ගෙන් ඇති වෙන්නත් පුලුවන්. කුරුලෑ ඇතිවීම් වළක්වන්න කරන්න පුලුවන් සත්කාර ගොඩක් තියනවා. ක්‍රීම්වලට සල්ලි නාස්ති කරන්නෙ නැතුව මේ වගේ සරල ස්වභාවික සත්කාර කරලා ප්‍රතිඵල ලබාගන්න පුලුවන් නම් ඒක ඔයාගෙ පර්ස් එකටත් ගොඩක් හොඳයි.

ඔන්න ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ කුරුලෑ නැති කර ගැනීමට උපකාර වන ස්වභාවික ක්‍රම 6 ක් ගැනයි.

01. අයිස්

කුරුලෑවකට අයිස් වැඩිපුර යොදන තරමට, එය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වන තෙක් එය ක්‍රමයෙන් පහව යාමට පටන් ගන්නවා. කුරුලෑ වල රතු පැහැය අඩු කිරීමෙන් කුරුලෑව සුව කිරීමට අයිස් උපකාරී වෙනවා. මෙය කුරුලෑවට අඩුවෙන් පෙනෙන පෙනුමක් ඇති කරනවා. කුරුලෑව ගෙඩියක් වගේ වේදනාකාරී එකක් නම් ඒකටත් අයිස් තැබීම හොඳයි.

මේ අයිස් කැට සත්කාරය කරන්නෙ කවදද කියලා ඔයා තීරණය කරන්න ඕන. ඔයාගෙ දෛනික සම චර්යාව අනුව, ඔයාට ඒක උදේ සහ සවස හෝ දවසකට කිහිප වතාවක් කරන්න පුලුවන්. ඔයාට කුරුලෑ ගොඩක් තියනවා නම්, ලොකු අයිස් පැකට් එකක් භාවිතා කරන්න. කුරුලෑ 1ක් සඳහා, ආවරණය කරන ලද අයිස් කැටයක් කුරුලෑව මත තබන්න.

භාවිතා කරන්නෙ මෙහෙමයි:

  • මද උණුසුම් වතුරෙන් කුරුලෑ මෘදු ලෙස පිරිසිදු කරන්න
  • ඔතාගත් අයිස් කැටයක් කුරුලෑ මත මිනිත්තුවක් තියන්න
  • ආයෙත් අයිස් කැටය තියන්න කලින් විනාඩි කිහිපයක් ඉන්න.
  • නින්දට ‍යන්න කලින් එය ඉවත් කිරීමට අමතක කරන්න එපා.

ඔයාට අයිස් නැත්නම්, ශීත කළ එළවළු බෑග් එක්ක් වුණත් භාවිතා කරන්න පුලුවන්!

02. ජොජෝබා තෙල්

ජොජෝබා තෙල් ගන්නෙ උතුරු මෙක්සිකෝව වගේ වියළි ස්ථානවල වැවෙන ගසකින්. එය Simmondsia chinensis බීජයෙන් ලබා ගන්නවා. මිනිසුන් එය ඖෂධීය අරමුණු සඳහා භාවිතා කරනවා. පොහොසත් විටමින් සහ ඛනිජ වලින් පිරුණු මේ තෙල් වර්ගය, සමේ තෙතමනය ආරක්ෂා කරන්නත්, ආසාදනයට එරෙහිව සටන් කරන්නත් භාවිතා වෙනවා හොඳම දේ තමයි, ජොජෝබා තෙල් ඇස් මත පවා බය නැතුව යොදන්න පුලුවන් දෙයක්.

භාවිතා කරන්නෙ මෙහෙමයි:

  • ඇඟිලි මතට ජොජෝබා තෙල් කුඩා ප්‍රමාණයක් ගන්න.
  • එය මුහුණේ මෘදු ලෙස අතුල්ලන්න.
03. කුඩු කරගත් ඇස්පිරින්

ඇස්පිරින් කියන්නෙ ස්ප්‍රයිරියා වෙතින් ව්‍යුත්පන්න වුණු ස්වභාවික ඖෂධයක්. පුරාණ ඊජිප්තුවරුන් ප්‍රති-ගිනි අවුලුවන ක්‍රමයක් ලෙස භාවිතා කළ සැලිසිලික් අම්ලය (කුරුලෑ අඩු කිරීම සඳහා නියමයි) ඇතුළත් පඳුරු සහිත මුහුදක් තමයි ස්ප්‍රයිරියා කියන්නෙ. මේ ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ගිනි අවුලුවන ඖෂධය (NSAID) කුරුලෑ වේදනාකාරී ගෙඩි බවට පත් වුණාම ඇතිවෙන රතු පාට සහ ඉදිමීම නැති කරන්න උපකාරී වෙනවා. මේ ස්වාභාවික ඇස්ප්‍රින් උපක්‍රමය භාවිතා කරන්නෙ කුරුලෑ වඩාත් බරපතල නම්, සහ ඒවා ඉතා වේදනාකාරී නම් විතරයි.

භාවිතා කරන්නෙ මෙහෙමයි:

  • ඇස්ප්රින් කුඩු බවට පත් කර උණුසුම් ජලය සමග මිශ්‍ර කරන්න.
  • දැවිල්ල අඩු කිරීම සඳහා මිශ්‍රණය කෙලින්ම කුරුලෑ මත තබන්න.
  • රෑශ් එකකින් පස්සෙ ඇතිවෙන වේදනාව නැති කරන්නත් මෙය ප්‍රයෝජනවත් වෙනවා.

ඔයාට කැමතිනම් මේ මිශ්‍රණයට මී පැණි ටිකක් එකතු කරන්න පුලුවන්.

04. හණ තෙල්

හණ බීජ තෙල්වල ඇල්ෆා-ලිනොලනික් කියන ඔමේගා-3 මේද අම්ලය අඩංගු වන අතර එය සමේ ඉදිමීම, වියලි බව සහ සමේ කැසීම ඉවත් කිරීමට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හණ තෙල් මගින් සම සජලනය කරලා සමේ සෛල ප්‍රබෝධමත් කරනවා.
ඔයාට දැනටමත් කුරුලෑ කැළැල් තියනවා නම් සහ ඒවා සුව කරන්න පරක්කු වැඩියි නම්, කරදර වෙන්න එපා. හණ ඇටවලින් ගන්න තෙල් ඔයාගෙ සමේ කුරුලෑ කැළැල් ඉවත් කරගන්න ඔයාට උදව් වෙනවා.

භාවිතා කරන්නෙ මෙහෙමයි:

  • හණ ඇට තෙල් බිංදු 1 ක් ඇඟිල්ලකට ගන්න.
  • කුරුලෑ කැළැල් තියන ප්‍රදේශය මත තබන්න.
05. පිපිඤ්ඤා

ඒවා ඔයාගෙ අභ්‍යන්තරයට සෞඛ්‍ය සම්පන්නයි වගේම පිටතින් ආලේප කලාමත් පුදුමාකාර ප්‍රතිඵල ලබා දෙනවා. පිපිඤ්ඤා විටමින් සී සහ ෆෝලික් අම්ලය වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්. ඒවා ඔයාගෙ සමට තෙතමනය ලබා දීලා සම සන්සුන් කරනවා.

භාවිතා කරන්නෙ මෙහෙමයි:

  • කුඩා පිපිඤ්ඤා ගෙඩියක් සහ ඕට් මීල් කෝප්පයක් බ්ලෙන්ඩ් කරන්න.
  • මේ මිශ්‍රණයෙන් තේ හැන්දක් යෝගට් තේ හැන්දක් එක්ක කලවම් කරන්න.
  • හදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි විනාඩි 30 ක් තබන්න.
  • දැන් මුහුණ සෝදන්න.
06. රෝස්මරී තෙල්

රෝස්මරී, නොහොත් Rosmarinus officinalis කියන්නෙ අතීතයේ දී නිතිපතා භාවිතා කළ දෙයක්. ඊජිප්තුවරුන් සමහර විට නමස්කාරය සඳහාත් එය භාවිතා කළ අතර ග්‍රීක සිසුන් ඔවුන්ගේ මතකය වැඩි කිරීමටත් එය භාවිතා කර තිබෙනවා. රෝස්මරීවල කැල්සියම්, විටමින් B-6 සහ යකඩ වගේ පෝෂ්‍ය පදාර්ථ බහුලයි.

සම පැහැපත් කිරීමටත් කුරුලෑ නිසා ඇතිවන වේදනාව සහ දැවිල්ල අඩු කිරීමටත් රෝස්මරී තෙල් උපකාරී වෙනවා.

භාවිතා කරන්නෙ මෙහෙමයි:

  • ග්‍රීන් ක්ලේ මේස හැඳි 2 කට කෝමාරිකා මේස හැන්දක් මිශ්‍ර කරන්න.
  • දැන් එයටම රෝස්මරී තෙල්, තේ ගස් තෙල් සහ ලෙමන් අත්‍යවශ්‍ය තෙල් බිංදු 2 බැගින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  • හදාගත් ආලේපනය මුහුණ මත ආලේප කර විනාඩි 5-10 ක් තබන්න.
  • සීතල වතුරෙන් සෝදා හරින්න.
  • සතියකට වරක් මේ සත්කාරය කරන්න.

තවත් අපූරු කරුණක් තමයි, වයසට යෑමට එරෙහිව සටන් කිරීමටත් රෝස්මරී තෙල් උපකාරී වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *