කුරුලෑ ගැන සැඟවුණු හේතු 10 ක් සහ එයින් මිදීමට ක්‍රම

කුරුලෑ කියන්නෙ අපි කැමතිම නැති දෙයක්. ඇත්තටම ගොඩක් වෙලාවට කුරුලෑ ඇති වෙන්නෙ අපිරිසිදු කුණු දූවිලි වගේ බාහිර සාධකවල බලපෑම නිසයි. කොහොම වුණත් කුරුලෑ සුව කරන්න නම් ඕන තරම් ප්‍රතිකාර තියනවා. ස්වභාවික ක්‍රම මගින් වගේම අපේ සමහර පුරුදු වෙනස් කරගැනීමෙනුත් කුරුලෑ ඇතිවීම වළක්වගන්න පුලුවන්.

අද අපි ඔයාට කියන්න යන්නෙ කුරුලෑ ඇති වෙන්න හේතු වන කරුණු සහ කුරුලෑ කරදරයෙන් මිදෙන්න ඔයාට කරන්න පුලුවන් සාර්ථකම පිළියම් 10 ක් ගැනයි.

01. පිට සහ උරහිස්

පිටේ කුරුලෑ ඇතිවෙන්නෙ බැක්පැක් පටි හෝ ඇඟට තද වෙන කෘතිම ඇඳුම් නිසයි. ඔයාට රතු පාට කුඩා කුරුලෑ ඇතිවෙනවා නම්, එය ගොඩක් වෙලාවට පිරිසිදු කිරීමේකාරක හෝ ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය වල ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්. ඒ වගේම තෙල් හා බැදපු ආහාර නිසාත් කුරුලෑ ඇතිවෙනවා.

  • මේ හේතු නිසා ඇතිවෙන කුරුලෑ සුව කරගන්න නම්, සතියකට වරක් ලුණු වතුර ස්නානය කරන්න. නැත්නම්, ඇපල් සයිඩර් විනාකිරි හා ජලය 1: 2 අනුපාතයකින් මිශ්‍ර කරලා සම හොඳින් සෝදන්න.
02. පපුව

රෙදි සෝදන කුඩු හෝ ෂවර් ජෙල් නිසා ඇතිවන ආසාත්මිකතා නිසා තමයි ගොඩක් වෙලාවට පපුවේ කුරුලෑ ඇතිවෙන්නෙ. එවැනි කුරුලෑ සමහර විට, සිසිල් බීම, කුළුබඩු සහ මුහුදු ආහාරවල ප්‍රතික්‍රියාවක් ලෙසත් ඇතිවෙන්න පුලුවන්.

  • බේකිං සෝඩා ස්වල්පයක් වතුර සමග මිශ්‍ර කරලා සමේ ආලේප කරලා හොඳින් මසාජ් කරන්න. ඉන්පසු එය උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
03. බෙල්ල

තද කොලර් මගින් බෙල්ල අවට සමේ කුරුලෑ ඇති කරනවා. ඒ වගේම ෂැම්පූ හෝ හිසකෙස් සේදීම සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන ආසාත්මිකතාවන්ගේ ප්‍රතිඵලයක් වෙන්නත් පුලුවන්. කුරුලෑ සඳහා තවත් පොදු හේතුවක් තමයි පැණිරස කෑමවලට තියන දැඩි ආශාව.

  • ලෙමන් හෝ දෙහි යුෂවලින් පොඟවාගත් කපු පෑඩ් එකකින් බෙල්ල පිස දමන්න. විනාඩි 10 ක් තබා උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
04. අත්

ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු, ඩිටර්ජන්ට් වලට ඇති අසාත්මිකතා සහ ප්‍රතිජීවක ඖෂධ මගින් අත්වල කුරුලෑ ඇතිවෙන්න පුලුවන්. ඔයා පිහිනුම් තටාකයකට, සෝනා හෝ ව්‍යායාම ශාලාවකට යනවා නම් ගොඩක් වෙලාවට දිලීර ආසාදන නිසා කුරුලෑ අතිවෙනවා.

  • ඔයාගෙ කුරුලෑ ඇතිවෙලා තියෙන්නෙ දිලීරයක් නිසා නෙවෙයි නම්, ඒවා අර්තාපල් යුෂ වලින් ඉවත් කරන්න පුලුවන්. අමු අර්තාපල් ගෙඩියක් මැදින් කපලා කුරුලෑ තියන තැන්වල ගාන්න. පැය භාගයකට පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
05. කකුල්

කකුල්වල කුරුලෑ ඇතිවීමේදී දුර්වල සනීපාරක්ෂාව හා ඇඟට හිර කෘතිම ඇඳුම් හේතු වෙනවා. ඒ වගේම රේසරයකින් රෝම ඉවත් කලාමත් කුරුලෑ ඇතිවෙන්න ඉඩ තියනවා.

  • ඔයා පාවිච්චි කරන ෂවර් ජෙල් එකට තේ ගස් තෙල් බින්දු 5-6 ක් එකතු කරලා සුපුරුදු විදිහටම ඇඟ සෝදන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *