කුරුලෑ නිසා ඇති වූ කැලැල් නැති කරන ආහාර 7 ක්

කුරුලෑ කැඩී යාමෙන් සමට හා ඊට යටින් ඇති පටක වලට හානි සිදුවෙනවා. ශරීරය මගින් මේ හානිය අලුත්වැඩියා කරන්න උත්සාහ කරන්න කොලැජන් නිපදවනවා. ශරීරය කොලජන් ඉතා අඩු හෝ වැඩි ප්‍රමාණයක් නිපදවනකොට තමයි කැළැල් ඇතිවෙන්නෙ. දැන් කාලෙ දියුණු රූපලාවණ්‍යය මගින් කුරුලෑ කැළැල් වලට එරෙහිව සටන් කිරීමට ගොඩක් ක්‍රම හොයාගෙන තියනවා. ඒත් ඒකට තියන පහසුම හා ස්වාභාවිකම ක්‍රමය තමයි රසවත් හා සෞඛ්‍ය සම්පන්න ආහාර කිහිපයක් ඔයාගෙ ආහාර වේලට එකතු කර ගැනීම.

දීප්තිමත් සමකට අනිවාර්යෙන්ම පෝෂ්‍යදායී හා සමබර ආහාර වේලක් අත්‍යවශ්‍යයි කියලා ඔයා දැනටමත් දන්නවා. ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ කුරුලෑ කැළැල් අඩු කිරීමට හා ඔයාගෙ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන රසවත් ආහාර කිහිපයක් ගැනයි.

01. වට්ටක්කා

වට්ටක්කා කියන්නෙ නියාසින්, ෆෝලේට්, විටමින් ඒ හා බී සහ සින්ක් වල හොඳ ප්‍රභවයක්.

වට්ටක්කාවල තියන නියාසින් හා ෆෝලේට් මගින් රුධිර සංසරණය වැඩි කරනවා. සෛල අලුත් කිරීම වැඩි දියුණු කරනවා. ඒ වගේම කුරුලෑ වලට ප්‍රතිකාර කරන්නත් උදව් වෙනවා. වට්ටක්කා ඇට වල සින්ක් අඩංගුයි. එය හෝමෝන මට්ටම හා සමේ තෙල් නිෂ්පාදනය පාලනය කිරීමට උපකාරී වන අතර සම සුව කිරීමටත් උපකාරී වෙනවා. විටමින් A මගින් කුරුලෑ කැළැල් අඩු කරන්නත් උදව් වෙනවා.

02. කැලේ

කැලේ වල විටමින් සී හා කේ බහුලව අඩංගු වන අතර තඹ හා යකඩත් හොඳින් තියනවා.

කැලේ වල තියන විටමින්, ඛනිජ හා ප්‍රතිඔක්සිකාරක මගින් හයිපර්පිග්මන්ටේෂන් අඩු කරනවා. විටමින් K, සමේ අඳුරු පැල්ලම් අඩු කිරීමට උදව් වෙනවා. ඒ වගේම යකඩ මගින් කුරුලෑ කැළැල් හා තුවාල කැළැල් සුව කිරීම වේගවත් කරනවා.

03. ලෙමන්

ලෙමන් යුෂ කියන්නෙ ස්වාභාවික කහට රසකාරකයක්. එය සම පැහැපත් කරවන අතර කැළැල් වලට එරෙහිව සටන් කරනවා.

ලෙමන් පොතුවල ඔයාගෙ සමට ආරක්ෂිත හා ප්‍රතිදේහජනක බලපෑම් ඇති කරන ෆ්ලේවනොයිඩ් අඩංගු වෙනවා. ලෙමන් යුෂ යෙදූ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමෙන් හෝ ලෙමන් යෙදූ සලාදයක් ආහාරයට ගැනීමෙන් දවස ආරම්භ කිරීම මගින්, සෞඛ්‍ය සම්පන්න හා දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

04. බතල

බතලවල රෙටිනෝල් හා බීටා-කැරොටින් අඩංගු වේ.

ඔයාගෙ ශරීරය මගින් බීටා-කැරොටින්, විටමින් ඒ බවට පරිවර්තනය කරනවා. ගොඩක් වෙලාවට මේ විටමින් නිදහස් රැඩිකලුන් ලෙඩ පවතිනවා. ඒ නිසා සම දුර්වර්ණ වීම, සමේ දැවිල්ල හා සමේ කැටි ගැසුණු සිදුරු වලට එරෙහිව ​​බාධකයක් ලෙස ක්‍රියා කරනවා. රෙටිනෝල් කියන්නෙ රූප්ලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු ප්‍රධාන අංගයක්. එමගිම් කුරුලෑ, සමේ රැළි හා කැළැල් වලට එරෙහිව සටන් කරනවා. මිල අධික ක්‍රීම් මිලදී ගන්නවා වෙනුවට ඔයාගෙ ආහාර වේලට බතල එකතු කිරීමෙන් ඔයාගෙ සමට රෙටිනෝල් හොඳින් ලැබෙනවා.

05. පැපොල්

පැපොල්වල පැපේන් කියන ආහාර ජීර්ණ එන්සයිමය බහුලව අඩංගු වෙනවා.

පැපේන් මගින් සමේ මැරුණු සෛල ඉවත් කිරීමට, සමේ සිදුරු නොකැඩීමට හා කුරුලෑ කැළැල් මැකීමට උදව් වෙනවා. එමඟින් ඔයාගෙ සම සජලීකරණය කරලා ආයෙත් සමේ ප්‍රශ්න ඇතිවීමෙන් සම ආරක්ෂා කරනවා.

06. මල් ගෝවා

මල්ගෝවාවල විටමින් සී බහුලව අඩංගු වෙනවා. ඒ වගේම හිස්ටයිඩින් කියන ප්‍රබල ඇමයිනෝ අම්ලයත් තියනවා.

මල්ගෝවාවල තියන පෝෂක මගින් සමේ තියන අඳුරු ලප, හානිකර පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරන්න උදව් වෙනවා. ඒ වගේම එහි අඩංගු විටමින් සී නිදහස් රැඩිකලුන් නිසා සිදුවන ඕනෑම හානියකට එරෙහිව සටන් කරනවා. යකඩ අවශෝෂණය කර ගැනීමටත් ශරීරයට උපකාරී වන අතර තුවාල හා කැළැල් සුව කරන්නත් උදව් වෙනවා.

07. ක්විනෝවා

ක්විනෝවා වල විටමින් බී 3 අඩංගු වෙනවා.

නයිසිනැමයිඩ් හෙවත් විටමින් බී 3 මගින්, කුරුලෑ, රෝසැසියා සහ දද නිසා ඇතිවන සමේ රෝග හා සමේ දැවිල්ල නැතිකරන්න උපකාරී වෙනවා. ක්විනෝවා හි තියන එක්ඩිස්ටෙරොයිඩ් කියන මූලද්‍රව්‍යය මගින් කුරුලෑ නිසා ඇති වූ කැළැල් ඉවත් කිරීමට උදව් වෙනවා. එමගින් සම අලුත්වැඩියා කරන අතර සමේ ආසාදන ඇති වීම අඩු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *